Sunday, October 20, 2024
Follow Us
හුමාලයෙන් තම්බන ලද බිස්කට් කේක් - Steamed Biscuit Cake

කරගැනීමට ඉතාම පහසුයි. ඒ වගේම කන හැම කටක් ගනේම අමතක නොවන රසයක් ඔබට රැගෙන ඒවි. Want a slightly different dessert to impress your friends? Chef Nadee suggests this unconventional biscuit cake. Easy to make, unforgettable with every bite.

අවශ්‍ය ද්‍රව්‍ය - Ingredients

බටර් ග්‍රෑම් 150g Butter
බිස්කට් ග්‍රෑම් 150g Biscuits
අයිසින් සීනි ග්‍රෑම් 120g Icing Sugar
කොකෝවා පව්ඩර් ග්‍රෑම් 30g Cocoa Powder
බිත්තර 3 Eggs
ලුණු මේස හැඳි ¼ tbsp Salt

කුඩු (පව්ඩර්) බවට පත් වන තුරු බිස්කට් අම්බරාගන්න (ග්‍රයින්ඩ් කරගන්න).
Grind biscuits down to a powder.
කුඩු කරගත් බිස්කට්, බේකින් පව්ඩර්, ලුණු සහ කොකෝවා පව්ඩර් භාජනයකට දමන්න.
Add the grounded Biscuits, Baking powder, Salt and Cocoa powder to a bowl.
බිස්කට් මිශ්‍රණය සකස් කරගැනීමට මේ සියල්ල හොඳින් මිශ්‍ර කරගන්න.
Mix well to form a biscuit mixture.
පසුව භාවිතා කිරීම සඳහා පසෙකින් තබන්න.
Keep aside for use later.
බටර් සහ අයිසින් සීනි තරමක් විශාල භාජනයකට දමන්න.
Add Butter and Icing Sugar to a large bowl.
හොඳින් හැඳි ගාමින් උකු සහ මෘදු මිශ්‍රණයක් බවට පත් වන තුරු මිශ්‍ර කරගන්න.
Stir and mix well to form a smooth and thick batter.
ඊට බිත්තර එකතු කොට හොඳින් හැඳි ගාන්න. මිශ්‍රණය සකස් කිරීම දිගටම කරගෙන යන්න.
Add Eggs and stir, one at a time, and continue making the batter.
ඊට බිස්කට් මිශ්‍රණය එකතු කරන්න. මෘදු චෝකටල් පේස්ට් එකක් සකස් කර ගැනීම සඳහා හොඳින් හැඳි ගාමින් මිශ්‍ර කරන්න.
Add the Biscuit mixture, stir and mix well to form a smooth chocolate paste.
චොකලට් පේස්ට් එක යකඩ භාජනයකට වක් කරන්න.
Pour the chocolate paste into a metal container.
ඒ අතරතුර, ස්ටීමර් (ගැඹුරු භාජනයක) ජලය රත් කරගන්න.
Meanwhile, boil water in a steamer (deep pot).
චොකලට් පේස්ට් එක අඩංගු යකඩ භාජනය ස්ටීමර් (ගැඹුරු භාජනයක) එකේ තබන්න.
Place the metal container with the chocolate paste into the steamer.
මිනිත්තු 30ක් පමණ හුමාලයෙන් තම්බා ගන්න.
Steam for about 30 minutes.
ඉවතට ගෙන පිළිගන්වන දීසියේ තබන්න.
Take out and transfer to a serving dish.
ඒ මත චොකලට් සිරප් සහ කැන්ඩි ෆෘට් තබා අලංකාර කරගන්න.
Add some Chocolate syrup and Candy Fruit as a sweet topping.
උණුවෙන් පිළිගන්වන්න.
Serve hot.

- Kema