Sunday, October 20, 2024
Follow Us
Meal plan

අද කතා කරමු අපි ආහාර පිසීමේදී පෝෂණය රැක ගැනීමට සහ ආහාර විෂ වීම් වළක්වා ගැනීමට අප විසින් නොකළ යුතු දේ ගැන.


අපි මහා දැනුමැත්තියන් නොවන බව ඇත්ත. නමුත් අපි දන්නා සරල කරුණු ඉදිරිපත් කළොත් කාටත් ප්‍රයෝජනවත් වේවි නේද ?
මම අසා ඇති කියවා බලා ඇති පුංචි කරුණු කීපයක් සඳහන් කරන්නම්
උදාහරණ
?හාල්මැස්සන් සහ තක්කාලි එකට පිසීම සුදුසු නැති බව.
?ඇලුමිනියම් බඳුන් වල ආම්ලික ආහාර පිසීම සුදුසු නැති බව
?ඉඟුරු සහ මඤ්ඤොක්කා එක්ව ආහාරයට ගැනීම අවදානම් බව
?Smoothies ලෙස අප blend ගන්නා පලතුරු පාන වල සෛල කැපීම සිදුවන ආකාරය ය අනුව ඒවා දියවැඩියා රෝගීන්ට සුදුසු නැති බව. ඒ (සෛල විවෘත වීමෙන් එන පලය වන free sugar නිසා )
?වකුගඩු වල ගල් හැදීමේ ප්‍රවණතාව ඇත්නම් කොලජන් පාන කෘතීමව ගැනීම අනුමත නැති බව.
?කොළකැඳ සඳහා කොළ blend කරනවාට වඩා සුදුසු ඇඹරීම බව නමුත් ඉක්මනින්ම භාවිතා කළ යුතු බව
?කොළ වර්ග එළවළු පලතුරු කපා කොටා අඹරා වැඩි වේලාවක් තැබුවොත් පෝෂණය විනාශ වන බව
?පලා වර්ග බොහෝ සිහින්ව ලියා ගැනීමෙන් පෝෂණය අහිමි වන බව
?Olive තෙල් තෙම්පරාදු සඳහා පාවිච්චි නොකර සලාද සඳහා පාවිච්චි කරනවා නම් වඩා සුදුසු බව.
විශේෂයෙන්ම
අපේ පහසුව තකාආහාර කපා ශීතකරණයේ තැබීම මගින් සමහර විටමින් සහ පිළිකා වළක්වා ලන antioxidants වල වටිනා මෙහෙය අපි නොදැනීම අහිමි කර ගන්නා බව .

(Facebook)