Saturday, October 19, 2024
Follow Us
මැං‍ෙගා් ඩබල් ලේයර් ගැටෝ

අඹ වාරෙට ගස් යට වැටිලා ඉදිලා යන අඹ ඕනෙතරම්. ගොඩක් හැදුනම කන්නත් බැහැ. අහල පහළ අයට දුන්නත් තවත් ඉතිරි වෙනවා. ඒ වගේ වෙලාවට අඹ යොදාගෙන රසවත් කෑමක් හදන්න පුළුවන් නම් ඔයාගෙ දරුපැටව් වගේම ආදරණීය සැමියත් ගොඩක් කැමැති වේවි.

අවශ්‍ය ද්‍රව්‍ය

 

සීනි ග්‍රෑම් 400ක්

බිත්තර 8ක්

පිටි ග්‍රෑම් 400ක්

බේකිං පවුඩර් තේ හැඳි 4ක්

කෝන්පිටි මේස හැඳි 2ක්

ලුණු ස්වල්පයක්

බටර් ග්‍රෑම් 400ක්

යෝගට් කප් 2ක් (අඹ රස වැඩිකර ගැනීමට යෝගට් අඩුකර අඹ එකතු කරන්න)

අඹ පියුරි මේස හැඳි 4ක් (අඹ පොඩිකර පෙනේරයකින් උකුවට හදාගත් මිශ්‍රණය)

වැනිලා තේ හැඳි 2 ක් (අවශ්‍ය නම් පමණක්)

 

සාදන ආකාරය

පළමුව සීනි කොටසක් වෙන්කර ගන්න. ඉන්පසු බිත්තර සුදුමද වෙන්කර ගෙන එය හොඳින් ගසා එයට ඉහත

වෙන්කරගත් සිනි කොටස ද එකතුකර ගසන්න. දැන් බටර් සහ බිත්තර කහමද එක බැගින් දමමින් ඉතිරි සීනි සමඟ ගසා ගන්න. එයට වැනිලා තේ හැඳි 2ක් එකතු කරන්න. පසුව පිටි, බේකිං පවුඩර්, කෝන් පිටි සහ ලුණු ස්වල්පය එකට දමා හලා ගන්න. එය බිත්තර සුදුමද සහිත බඳුනට දමා පෙරලා ගන්න. යෝගට් සහ අඹ පියුරි ද එකතු කරන්න. ඉන්පසු විෂ්කම්භය

අඟල් 8කින් යුත් තැටි තුනකට මේ මිශ්‍රණය දමා පුලුස්සා ගන්න. පසුව කේක් තුන නිවෙන්නට දමන්න.

 

මොක් ක්‍රීම් සාදා

ගැනීම

බටර් ග්‍රෑම් 225ක්

අයිසිං සීනි ග්‍රෑම් 100ක්

අඹ යුෂ කෝප්ප 1/4ක්

යෝගට් කප් එකක්

දැන් මේ සියල්ල එක බඳුනකට දමා බීට් කරන්න. පසුව කෝන් පිටි මේස හැඳි හයක් කිරි මිලිලීටර් 500කට දමා මිශ්‍රකර මඳ ගින්නේ උකුවනතුරු ළිපේ තබා හැඳිගාන්න.

පසුව එය නිවෙන්නට තබා බඳුන තෙත රෙද්දකින් වසා ශීතකරණයේ පැය භාගයක් තබන්න.

ඉන්පසු ඉවතට ගෙන අයිසිං මිශ්‍රණය සමඟ එකතු කරන්න. බිත්තර සුදුමද දෙකක් ද හොඳින් ගසා එයට එකතු කරන්න.

අඹ ගෙඩියක් කුඩාවට කපා එම කැබලිවලට සීනි මේස හැඳි පහක් ද වතුර මේස හැඳි හතරක් ද දමා උණුකර ස්වල්ප වේලාවක් ස්ටූ කරගන්න.

දැන් කලින් සාදාගත් කේක් තුන ගෙන එහි එක් කේක් එකක් මත ගෑරුප්පුවකින් ඇන එයට අඹ ස්ටු දියරය වත්කර ගන්න. උඩින් පොඩිකරගත් අඹ කැබලි කීපයක් තබන්න. එයට උඩින් ක්‍රීම් මිශ්‍රණය දමන්න. දැන් දෙවැනි කේක් එක ඒ

මත තබා එයට උඩින් ද අඹ දියරය, අඹ කැබලි සහ ක්‍රීම් එක දමන්න. උඩින් අනෙක් කේක් එක තබන්න. එයට උඩින් ද ඉහත මිශ්‍රණය දමන්න. කේක් එක උඩට සහ වටේට ක්‍රීම් එක දමා ගන්න. මෙය දිනක් පමණ ශීතකරණයේ තබා ආහාරයට

ගන්න.

(Tharunie)