Saturday, October 19, 2024
Follow Us
දෙල් මැල්ලුම

බත් පතට තරමක වෙනස් රසයක් ගෙන එන්න දෙල් මැල්ලුමකට පුළුවන්. ඒ බව දන්නා අපේ අම්මලාට දෙල් මැල්ලුම කියන්නේ අමුතු දෙයක් නොවෙයි. බලන්න ඔබත් හදලා දෙල් මැල්ලුම මොන තරම් රසවත්ද කියලා.

අවශ්‍ය ද්‍රව්‍ය

දෙල් ගෙඩි 1ක්

ගාගත් පොල් ග්‍රෑම් 100ක්

අමු මිරිස් කරල් 4 - 5ක්

සුදුලූනු බික් 6 - 7ක්

ගම්මිරිස් ඇට තේ හැඳි 2ක්

කහ කුඩු තේ හැඳි 1/2ක්

අබ ඇට තේ හැඳි 1ක්

කරපිංචා ස්වල්පයක්

කුරුඳු පොත්තක්

රතුලූනු ගෙඩි 5 - 6ක්

මිරිස් කුඩු තේ හැඳි 1/2ක්

දෙහි යුෂ ටිකක්

රස අනුව ලුණු

 

සාදන ක්‍රමය

පළමුව අමු මිරිස්, සුදුලුනු, ගම්මිරිස්, කහ කුඩු, අබ ඇට, කරපිංචා, කුරුඳු, රතුලූනු, මිරිස් කුඩු එකට දමා පොල් සමඟ හොඳින් අඹරා ගන්න. නැතිනම් කොටා ගන්න.

දෙල් කැබැලි කපා එයට කහ කුඩු ස්වල්පයක් සහ ලුණු ස්වල්පයක් දමා තම්බා ගන්න. ඉන්පසු එයට අඹරාගත් පොල් මිශ්‍රණය එකතු කර ගන්න.

දැන් භාජනයක් ගෙන ළිප තබා එයට තෙල් ස්වල්පයක් දමා එය රත්වූ විට මේ දෙල් මැල්ලුම දමා තෙම්පරාදු කර කෑමට ගන්න.

(Tharunie)