Saturday, October 19, 2024
Follow Us
පොඩ්ඩන්ට උපන්දින කේක් ???? ?? ???? පාඩම 2

Colourful Buttercream Birthday Cake


වර්ණවත් බටර් ක්‍රීම් උපන්දින කේක් එකක්
අවශ්‍ය දේවල් : -
? මුලින්ම 1 1/2 kg බටර් කේක් එකක් සාදා ගන්න.අගල් 9 රවුම් කේක් තැටි දෙකක් භාවිතා කරන්න.( එක සමාන රවුම් කේක් තැටි දෙකක් )
? 1 1/2kg කේක් එක ඩෙකරේට් කර ගැනීමට අවශ්‍ය බටර් අයිසින් සාදා ගන්න.
කේක් එක අයිසින් කර ගැනීමට අවශ්‍ය නොසෙල් වර්ග : -
Nozzle Tip 1M – රතුපාට සහ කොල පාට ලොකු මල් දමා ගැනිමට
Nozzle Tip 21 – කහපාට අයිසින් ඩෙකරේෂන් එක සදහා
Nozzle Tip 32 – දම්පාට අයිසින් ඩෙකරේෂන් එක සදහා
Nozzle Tip 4B – ලා රෝස පාට සහ , දම්පාට , කොල පාට අයිසින් ඩෙකරේෂන් එක සදහා
Nozzle Tip 12 – කොරල් අයිසින් ඩෙකරේෂන් එක සදහා
කේක් එක ඩෙකරේට් කර ගන්නා ආකාරය : -
1.මුලින්ම කේක් දෙක සාදා ගෙන නිවෙන්න තියන්න.
2. බටර් අයිසින් එක සාදා ගන්න. සුදු පාට බටර් අයිසින් එක වෙන වෙනම බාජන වලට දමා ගන්න.
3. රතු පාට, රෝස පාට , කොල පාට , දම්පාට , කහ පාට , තැඹිලි පාට කලරින් දමා අවශ්‍ය වර්ණ සාදා ගෙන බටර් අයිසින් මේ කේක් එක ඩෙකරේට් කර ගැනීමට සූදානම් කර ගන්න.
4. ඉන්පස කේක් දෙක මැදින් කපාගෙන යටම කේක් කොටසට බටර් අයිසින් ගාගෙන කේක් බෝඩ් එකට අලවාගෙන අනෙක් කොටස් බටර් අයිසින් ගාගෙන සැන්ඩ්විච් කර ගන්න.
5. මුලු කේක් එකේම සොෆ්ට් බටර් අයිසින් ගාගන්න.
6. ඉන්පසු පහත ආකාරයට නොසෙල්ස් සහ බටර් අයිසින් පයිපින් බෑග් වලට දමා පහත ආකාරයට කේක් එක පුරාවට කැමති තැන් වල පයිප් කර ගන්න.

(Facebook)