Saturday, October 19, 2024
Follow Us
Vegetable salad

?අවශ්‍ය ද්‍රව්‍ය ?


පිපිඤ්ඤා
කැරට්
අල
ලූණු
තක්කාලි
බෝංචි
අමු මිරිස්
අල
දෙහි
ගම්මිරිස්
?මේ ටික කැට කපාගන්න පොඩිවට..ඊලගට කපාගත් කැරට් ටිකයි බෝංචි ටිකයි තම්බා ගන්න ලුනු ටිකක් දාලා.ගොඩක් තම්බන්න එපා...
අල ගෙඩියක් තම්බා ගන්න ලුනු දාලා.ඒක තැම්බෙනකන් අපි සැලඩ් සෝස් එක හදමු??
?අවශ්‍ය ද්‍රව්‍ය ?
කිරි පිටි
පාන් පිටි
බටර් හෝ ඇස්ට්‍රා
ලුනු අවශ්‍ය ප්‍රමානයට
✳️තාච්චියක් ලිපෙන් තියාගෙන ලිප මධ්‍යම ප්‍රමානයෙන් තියාගෙන ඇස්ට්‍රා හැදි 02ක් දාගන්න.ඒක දිය වෙනකන් ඉදලා පාන් පිටි හැන්දක් දාගන්න.අපි හදන සැලඩ් එකේ ප්‍රමානය අනුව මේ හැදි ගනන් වෙනස් වෙන්න පුලුවන්..
✳️ඊලගට සුදු කිරි එකක් හදා ගන්න.කිරි පිටි ටිකකට උනු වතුර දාලා හොදට කලවම් කරන්න කැට නැති වෙනකන්ම..
✳️ඊටපස්සෙ පාන්පිටි ටිකත් හොදට දිය උනාම පස්සෙ කිරි ටික දාලා අවශ්‍ය ප්‍රමානයට ලුනු දාගෙන හොදට හැදි ගාගන්න.ලිප මධ්‍යම ප්‍රමානයෙනම තියාගන්න.නැත්නම් පිච්චෙන්න පුලුවන්.ඊටපස්සෙ මේ සෝස් එක පේස්ට් එකක් ගානට ආවම පස්සෙ ලිප ඕෆ් කරන්න..සැලඩ් සෝස් එක හදලා ඉවරයි.???✳️ඊටපස්සෙ අර තම්බා ගත් කැරට්,බෝංචි ටිකට සැලඩ් සෝස් එක එකතු කර ගන්න.ලූණු,තක්කාලි,අමුමිරිස් ටිකත් දා ගන්න.අල ගෙඩිය සුද්ද කරලා හොදට පොඩි කරලා ඒ ටිකත් දා ගන්න.පේස්ට් එකක් වගේ අල හොදට තැම්බිලා තියෙන්න ඕනී...ඊලගට අපිට අවශ්‍ය ප්‍රමානයට ලුන,දෙහි,ගම්මිරිස් කුඩු දා ගන්න.ඔන්න ඔහොමයි හැදුවෙ?

(Facebook)