Saturday, October 19, 2024
Follow Us
Home made pizza....

හරිම රසයි.අවන් ඕනේ නෑ අපි හැදුවේ ගෑස් ලිපේ..හරිම ලේසිය...


අවශ්‍ය වෙන මූලික ද්‍රව්‍ය තමයි....පාන් පිටි,ඊස්ට්...මේ දෙකට ලුණු පදමට දාලා ඊස්ට් දාන නිසා සීනි පොඩ්ඩකුත් දාලා හොඳට අනලා පැය භාගයක් වහලා තියන්න...ඊට පස්සෙ රොටිය හදා ගන්න..pizza එකේ මැද්දට අපිට තියන ඕන දෙයක් දාන්න පුළුවන්...මම නම් මුලින්ම තක්කාලි සෝස් ගා ගත්තා..ඊට පස්සේ ලූණු තක්කාලි මාළු මිරිස් චිකන් ඒ ටික ලස්සනට මැදින් අඩුක් කර ගත්තා...බිත්තරයක් අරගෙන ඒකට ලුණු ගම්මිරිස් දාලා හොඳට ගහ ගෙන pizza එක උඩින් ටික ටික දා ගත්තා..එහෙම බිත්තර දැම්මාම මැද තියෙන paste එක හොඳට හයි වෙනවා ගෑස් ලිපේ නිසා...oven එකේ නම් ප්‍රශ්නයක් නෑ...එහෙම බිත්තර ඕනේම නෑ හැබැයි එහෙම දැම්මා ම pizza එක රසයි....අන්තිමටම මොසරැල්ලා චීස් ටිකක් ග්‍රේට් කරලා දැම්මා...දැන් nonstick pan එකක දාලා හොඳට වහලා විනාඩි 20ක් විතර මද ගින්දරේ තියලා උයා ගන්න.....හරිම රසයි .

(Facebook)