Saturday, October 19, 2024
Follow Us
මූලික කේක් දැනුම

සාමාන්‍ය බටර් අයිසින් කේක් එකක් හදා ගන්න අපිට අවශ්‍ය වෙන උපකරණ : -


1. අවන් එකක් ( ගෑස් / විදුලි )
2. කේක් තැටියක් ( සාදන කේක් එකේ ප්‍රමාණය අනුව )
3. කේක් අමුද්‍රව්‍ය ( රෙසෙපි එකට අනුව )
4. කේක් මික්ස්චර් එකක් / වික්ස් එකක්
5. කේක් මික්සින් බෝල් එකක්
6. කේක් ට්‍රේ එකට දැමීම සදහා පාච්මන් පේපර්ස්
7. පෙනේරයක්
8. ස්පැචියුලර් එකක්
9. කේක් බඩු කිරීමට scale එකක්
10. කිචන් ටවල් 1
11. කතුරක් ( පාච්මන් පේපර්ස් කපා ගැනීමට )
12. Measuring cups & Spoons
එකින් එක හැදින්වීම
?????????
කේක් සැදීමේදී අවශ්‍ය උපකරණ
1. අවන් එකක් ( ගෑස් / විදුලි )
මුලින්ම හොඳ අවන් එකක් අවශ්‍ය වෙනවා කේක් එකක් බේක් කර ගන්න.අවන් එකක් නැතිවත් කේක් එකක් බේක් කර ගන්න පුළුවන්.ඒත් හොද නිමාවක් , හොද රසවත් කේක් එකක් හදා ගන්න අපිට අවන් එකක් අවශ්‍ය වෙනවා.
2. කේක් තැටි
අද වෙලදපොලේ විවිධ වර්ගයයෙන් හා විවිධ හැඩ වලින් කේක් තැටි මිලදී ගන්න පුලුවන්.
කේක් තැටි ඇලුමිනියම් නන්ස්ටික් හා සින්තටික් වලින් නිර්මාණය කරලා.තියෙනවා.
එක එක ගණන් වලින් ඔබට මිලදී ගැනිමට පුළුවන්.
කේක් එකේ ප්‍රමාණය අනුව කේක් තැටි එකේ ප්‍රමාණය ද වෙනස් වෙනවා.
3. කේක් අමුද්‍රව්‍ය ( රෙසෙපි එකට අනුව )
කේක් එකෙන් කේක් එකට ( රෙසෙපි එක අනුව ) යොදා ගන්න අමුද්‍රව්‍ය වෙනස්වෙනවා..
තත්වයෙන් උසස් අමුද්‍රව්‍ය යොදා ගැනීමෙන් රසවත් කේක් සාදාගත හැක.
4. කේක් මික්ස්චර් එකක් / වික්ස් එකක්
Hand beater , Stand mixer , වික්ස් එකක් යොදා ගැනීමෙන් ඔබේ වැඩ පහසු වන අතර කේක් මිශ්‍රණය හොඳින් බීට් කර ගැනීමට හැකිවේ...
5. කේක් මික්සින් බෝල් එකක්
කේක් සෑදීමේදී ඒ සදහා වෙනම පිරිසිදු බොල් එකක් තියාගන්න.
6. කේක් ට්‍රේ එකට දැමීම සදහා පාච්මන් පේපර්ස් /
තෙල් කඩදාසිය
කේක් එක තැටියට දාන්න ප්‍රථමයෙන් කේක් තැටිය සුදානම් කිරිමේදී ට්‍රේ එකට බටර් ටිකක් දලා තෙල් කඩදාසියක් හෝ පාච්මන් පේපර් එකක් දාගන්න.
එකෙන් කේක් එක ඩෝ එක තැටියේ ඇලිම වලකාලනවා. වැඩිපුර පිච්චෙන එක අවම කරනවා. එවගෙම තෙල් කඩදාසියට වඩා පාච්මන් පේපර් එක ඝණකමින් වැඩි ටිකක්.
7. පෙනේරයක්
කේක් රෙසෙපි වල හැම තිස්සේම කියන දෙයක් නේ පිටි වර්ග කිහිප වතාවක්ම හලාලා ගන්න කියලා.
එහෙම හලලා ගත්තාම බේකින් පවුඩර් බේකින් සෝඩා , චොකලට් කුඩු හොදට මිශ්‍රණ වෙනවා.
කේක් එකක් හෝ පැන් කේක් එකක් හෝ වොෆ්ල් එකක් decoration කරගන්න අයිසින් සිනි , කොකොවා පවුඩර් , කොපි පවුඩර් ඉහින්නත් ගන්නවා.
8. ස්පැචියුලර් එකක්
කේක් එකට පාන්පිටි දාන අවස්ථාවේදී නිතරම කියන දෙයක් නේ කේක් එක බිට් කරන්න එපා කලවම් කරන්න කියලා. ඒ සදහා spatula එක භාවිතා කරන්න පුලුවන්.
9. කේක් බඩු කිරීමට scale එකක්
පිටි වර්ග , චොකලට් කුඩු , බටර් වර්ග ගානට මිම්මට කිරා ගැනිමේදී ගොඩාක් පහසු වෙනවා.
ඉලෙක්ටික් සහ නෝමල් වශයෙන් තරාදි වෙළෙඳ පලේ දැක ගත හැක.
මේ තරාදී වලින් Electric scale භාවිතා කිරිම ගොඩාක් පහසුයි.
10. කිචන් ටවල් 1
සෑම විටම ඔබ ලග තබා ගත යුතු දෙයකි.
11. කතුරක් ( පාච්මන් පේපර්ස් කපා ගැනීමට )
පාච්මන් පේපර්ස් / ඔයිල් පේපර්ස් කපා ගැනිමට මෙය අවශ්‍ය වේ.
12. Measuring cups & Spoons
කේක් කලාවේ මිනුම් ඒකකයක් ලෙස භාවිතා කරනු ලබනවා. දියර වර්ග , පිටි වර්ග මැනිමට උපකරී වෙනවා.
??????????????????
කලින් පාඩම
මූලික කේක් දැනුම
පාඩම 1
How to Prepare cake pan for baking
කේක් පැන් එක සූදානම් කර ගන්නේ කෙසේද ?
https://m.facebook.com/groups/232995784713700?view=permalink&id=232998661380079
මේ සමූයේ ඉන්න
කේක් හදන්න , අයිසින් කරන්න ආස යාලුවන්ටයි මේ කේක් පාඩම් මාලාව
ඔයාලා කැමතිද දිගටම මාත් එක්ක එකතු වෙන්න.

?????????????????
මම Nirukshi Fernando
Diploma Holder in Asian Cooking School