Saturday, October 19, 2024
Follow Us
☘️කොත්තමල්ලි කොල ☘️

මගේ කුස්සියේ නැතුවම බැරි දෙයක් , ඒ තරමට අපි මේ රසට ඇබ්බැහි වෙලා.


චිකන් කරි, බීෆ් කරි, ඊස්ට් රොටි, බිරියානි මේ හැමදේකටම දානවා.
? ඒ විතරක් නෙමෙයි අපේ සෞඛ්‍යටත් කොත්තමල්ලි කොල ගොඩක් හොදයි. හර්ද රෝග වලට , දිය වැඩියාවට, ආහාර ජීර්නයට, මොලය ආශ්‍රිත රෝග වලට, ආසාත්මිකතාවයන්ට වගේ ගොඩක් ප්‍රයෝජන තියෙනවා .
හැබැයි කොත්තමල්ලි කොල මිටියක් ගෙනාවම දවසක්වත් යන්න කලින් නරක්වෙන එක ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුනා.
ඒකට මම පිලියමක් හොයාගත්තා, දැන් සුමානයක් දෙකක් විතර මගේ ෆ්‍රිජ් එකේ තියාගන්න පුලුවන්.
* පියවර 1
මුල් ටික කපලා ඉදිච්ච කොල එහෙම තියෙනවනම් අයින් කරන්න .
* පියවර 2
කොල ටික පොඩිවෙන්නේ නැතුව පිරිසිදු වතුරෙන් දෙපාරක් හෝ තුන්පාරක් හොදන්න (කුනු ඉවත්වෙන තුරු).
* පියවර 3
වතුර බේරෙන්න තියන්න. වතුර ඉවත්වූ පසු පිරිසුදු තුවායක් (kitchen towel) එකක හෝ පත්තර පිටු කිහිපයක අතුරා වතුර ගතිය මුලුමනින්ම ඉවත්වෙන තුරු තියන්න (fan එක යට තියන්න එපා එතකොට මැලවෙනවා).
* පියවර 4
ටිශු tissu කොල වල නැටි එක පැත්තකට සිටින ආකාරයට දිග අතට තබා වසන්න (පොඩි නොවන ආකාරයට) එක ටිශු කොලයක් මදිනම් අවශ්‍ය ප්‍රමාණයට කොල දෙක තුනක් ගන්න.
* පියවර 5
Zip bag එකක හෝ හුලන් ඇතුල් නොවන ආකාරයට බෑග් එකකට ටිශූ වල ඔතපු කොත්තමල්ලි කොල ටික දාලා ෆ්‍රිජ් එකේ සීතල අඩුවෙන්ම එන ස්තානයේ තබන්න.
* ටිශූ වල වතුර ගතියක්/ තෙතමනයක් තිබුනොත් ටිශු එක මාරු කරන්න.

(Facebook)