Saturday, October 19, 2024
Follow Us
ෆ්ලෆි පෑන්කේක් (Fluffy pancake)

කියවන්න ටිකක් අමාරු වුනාට හදන්න හරිම ලේසියි. පෑන්කේක් මික්ස් පැකට් එකේ තියෙන්නෙත් මේ mix එකම තමයි.


අවශ්‍ය ද්‍රව්‍ය (10 ක් සඳහා)
හලාගත් පාන්පිටි කෝප්ප 1 (125g)
බේකින් පවුඩර් මේස හැඳි 1
සීනි මේස හැඳි 4
බිත්තර 1
දිය කරගත් බටර් මේස හැඳි 5
කිරි කෝප්ප 3/4
වැනිලා තේ හැඳි 1
මේකට Nonstick pan එකක් තියෙනවනම් ලේසියෙන් හදා ගන්න පුලුවන්.
මුලින්ම පාන්පිටි,බේකින් පවුඩර්,සීනි භාජනයකට දාලා හොඳට mix කර ගන්න. දැන් එ්කෙ මැදට දිය කරගත් බටර් ටික, බිත්තරය එකතු කරලා කවලම් කරගන්න.ඊට පස්සේ කිරි ටික ටික එකතු කරගෙන whisk එකකින් කැට නැතිවෙන්න කවලම් කරගන්න.වැනිලා ටිකත් මේකට ම එකතු කරගන්න. මේ මිශ්‍රනය ගොඩාක් උකු වෙන්නත් බෑ, ගොඩාක් දියාරු වෙන්නත් බෑ. මම picture එකක් දාලා තියෙනවා ඔයාල ට අදහසක් ගන්න පුලුවන් වෙයි.
දැන් pan එක ලිපේ තියලා මිශ්‍රනයෙන් ටික ටික දාලා මදගින්නේ මේ ටික හදාගන්න.
මිශ්‍රනය pan එකට දාලා ටිකකින් පුන්චි පුන්චි හිල් මතුවෙනකොට අනිත් පැත්ත ඉක්මනින් හරව ගන්න.
මේක කන්න මී පැනි හරි බටර් හරි පාවිච්චි කරන්න පුලුවන් නැත්නම් නිකන් කන්නත් පුලුවන්.හදලා බලන්න පුන්චි අයනම් ගොඩාක් කැමති වෙයි.

(Facebook)