Saturday, October 19, 2024
Follow Us
හරිම ලේසි රසම රස පුඩිමක්?️

යටම කිරි කෝපි මිශ්‍රණය සදහා


කිරිපිටි මේස හැදි 02යි
සීනී මේස හැදි 02යි
කෝන්ෆ්ලා මේස හැදි 03යි
කෝපි (නෙස්කැෆේ/සාමාන්‍ය කෝපි) තේ හැදි 4න් 3ක් (3/4)
වතුර 400ml
මේ ඔක්කොම හොඳින් මිශ්‍ර කරගෙන මද ගින්දරේ හොඳින් හැදිගාමින් පිසගන්න.මිශ්‍රණය ටිකෙන් ටික ඝන වේගෙන එනවා..වතුර ගතිය නැතිවෙලා හොදින් තික් ගතියට ආවම බෝල් එකකට දාගෙන විනාඩි දහයක් පමණ ශීතකරණයේ තබන්න..
ඊළගට
චොක්ලට් මිශ්‍රණය සදහා
කිරිපිටි මේස හැදි 01යි
සීනී මේස හැදි 01යි
කෝන්ෆ්ලා මේස හැදි
1 හමාරයි
චොක්ලට් පව්ඩර් මේස හැදි 01යි
වතුර 200ml
මේ මිශ්‍රණයත් හොඳින් කලවම් කරගෙන කලින් වගේම හොඳින් තික් වෙනකන් පිසගෙන කලින් ශීතකරණයට දාපු ලේයර් එක උඩින් දාන්න..ඊළඟට පැය පහක් හයක් ශීතකරණයෙ තියලා රහ බලන්න පුළුවන්.

(Facebook)