Saturday, October 19, 2024
Follow Us
Homemade  යෝගට්

හරිම ලේසී ගොඩක් රසයි


මන් හැදුවේ 500ml කින්
ඕන කරන දේවල්
Freshmilk 500ml
සීනී මේස හැදි 2 මං වැඩිය සීනී දාන්න කැමති නෑ .ගොඩක් සීනී දැම්මම කන්න බෑ
ජෙලටින් මේස හැදි 1
හයිලන්ඩ් යෝගට් බාගයක් උනත් හොදයි මන් එකක්ම දැම්මා
වැනිලා තේ හැදි 1
බලමු හදන විදිහ
යෝගට් එක එලියෙන් තියා ගන්න
1. බාජනේකට කිරි ටිකයි සීනී වැනිලා දාලා හොදට රත් කරන්න ඒ අතරතුර ජෙලටින් ටික කෝප්පයකට දාලා රත් උනු කිරි මේස හැදි 4ක් දාලා ජෙලටින් ටික කැටි නැති වෙන්න දියකරගන්න. ඒක පැත්තකින් තියන්න
2.කිරි ටික හොදට උතුරු වන්න රත් කර ගන්න ඕන.
3.දැන් ලිප නිවලා ජෙලටින් ටික කිරි එකට දාලා හොදට මිශ්‍ර කරගන්න.
4.කිරි ටික නිවෙන්න ඕන ඇගිල්ල දාගෙන ඉන්න පුලුවන් ප්‍රමානෙට රස්නේ තිබ්බම ඇති
5.දැන් යෝගට් එක හොදට හැන්දෙන් දියකරගන්න කැටි නැතිවෙන්න.
6.කිරි එකට යෝගට් එක දාලා හොදට මිශ්‍ර කරගන්න ඕන.
7.පෙනේරයක් අරං මේ කිරි ටික පෙරා ගන්න.
8.දැන් ඔයාලා ඕනම බාජනයකට දාලා පැය 12ක් අදුරු තැනක රෙද්දකින් වහලා තියන්න.කබඩ් එකක් ඇතුල oven එක ඇතුල වඩාත් සුදුසුයි.මේ අතරතුර සැරින් සැරේ බලන්න අරින්න වහන්න යන්න එපා.පොඩ්ඩක් ඉවසන් ඉන්න.විශේෂයෙන් පොඩ්ඩන්ට කියන්නත් එපා කොහෙද තිබ්බේ කියලා.මගෙ දුවට අවුරුදු 15ක් වෙලත් මං කිව්වේ නෑ කොහෙද තිබ්බේ කියලා මුලු කුස්සියේම පෙරල පෙරල හෙව්වා.?
කිරි ටික හොලවන්නේ නැතුව පැය 12තියන්න.ඔයාලටත් ඉවසීම තියෙන්න ඕනා.?
පැය 12කට පස්සේ අරං බලන්න. ?? හොදට සෙට් වෙලා තියෙනවා
තාම රස බලන්න බෑ
ඉවසන්න
දැන් මේක දාන්න ෆ්‍රිජ් එකට
පැය 2ක් ඉන්න
දැන් අරං රස බලන්න?
ඉස්සෙල්ලාම 500ml හදලා බලන්න ඇත්තටම ආස හිතෙයි
මාත් මේ පලවෙනි පාර යෝගට් හැදුවේ

(Facebook)