Saturday, October 19, 2024
Follow Us
 ගමේ රසට කරවල බැදුමක්

? අපේ ගම්වල හේනෙ කුඹුරෙ ඇඹුල ගෙනියන්න හදන රසම රස කරවල බැදුමක් හදාගෙන ආව


ඉස්සර අපේ ගම්වල මේ බැදුම අනිවාරයෙන්ම හදනව විශේෂ අවස්තාවලිදි .
ඔන්න එහෙනම් දැන් කියනව කරවල බැදුම හදාගන්නෙ කොහොමද කියල ????
? මේ බැදුමට විශේෂයෙන්ම ගන්නෙ මේ කරවල වර්ග තමයි
ගොඩකරවල හෝ අගුලු කරවල ,හෝ කට්ටකරවල මේ ජාති තුන්වර්ගයෙන් එක වර්ගයක් තමයි ගන්නෙ
මම ගත්තෙ අගුලු කරවල ග්‍රෑම්ස් සියයි
බී. ලූනු ගෙඩි දෙක වේලිච්චි මිරිස්කරල් විස්සක් විසිපහක් විතර බැදගෑනීමට තෙල්
? මුලින්ම වේලිච්චි මිරිකරල් දෙකට තුනට කඩල ලුනු වතුරෙ පෙගෙන්න තියනව විනාඩි දහයක් විතර ඊලගට ළුනු හීනටට කපල වෙනම තියනව කරවල ටිකක් තමන්ට ඇති ප්‍රමානෙට කෑලි කපල හෝදල ගන්නව
? ඊටපස්සෙ තාච්චියක් ලිපේතියල තෙල් දාල තෙල් රත් උනාම ලුනුවතුරෙ දාපු මිරිස් කෑලිටික හොදටම අඩුගින්දරේ බදිනව ඊලගට කරවල ටික බදිනව ඊලගට ළුණු ටික බදිනව
බැදගත් මේ සියලුමදේ බැදගත් තාච්චයෙ තෙල් වැඩියිනම් තෙල් ටිකක් ඉතුරු වෙන්න අනිත් ඒව අයින් කරල මේ බැදගත් සියලුමදේ ඒ තාචියටම දාල කලවම් කරල ගන්නව
මෙන්න මෙහෙමයි ගමේ රසම රස කරවල බැදුම හදන්නෙ
නියමයි සම්බෝලෙකුත් හදාගත්තාම

(Facebook)