Saturday, October 19, 2024
Follow Us
Cheese slices

අවශ්‍ය ද්‍රව්‍ය


Fresh milk 1L
දෙහි මේස හැදි 5
ජෙලටින් මේස හැදි 1
ලුණු තේ හැදි බාගයක්
Fresh milk කෝප බාගේ දෙකක් වෙනම
හදන විදිහ
1. බාජනේකට freshmilk 1l එක දාලා අඩු ගින්දරේ හිමීට රත් කරන්න.
2. ඇගිල්ල දාන්න පුලුවන් තරමට රත් උනාම දෙහි යුශ මේස හැදි 5 ටිකින් ටික දාන්න .
3. හිමීට හැදී ගාන්න මිනිත්තු 5ක් යනකොට කිරි ටික කැටි ගැහෙනවා.ලා කොලපාට වතුරක් ඉතුරු වෙනවා.අන්න ඒ වෙලාවේ කැටි ගැහුනු කිරි ටික කපු රෙද්දකින් පෙරා ගන්න.දෙහි රසේ යන්න වතුර ටිකක් දාල මිරික ගන්න.
4. හොදට වතුර ටික මිරික ගන්න .
5. දැන් බ්ලෙන්ඩර් එකට කිරි කැටි ටික දාලා ලුනු තේ හැදි බාගයක් දාන්න.ඒකටම එක කිරි කෝප බාගයත් දාලා හොදට බ්ලෙන්ඩ් කරන්න.(බීටර් එකෙනුත් පුලුවන් )
6. දැන් ඉතුරු කෝප බාගේට ජෙලටින් මේස හැන්ද එකතු කරලා දිය කරන්න.
7. බාජනයක් ලිපේ තියලා දියකරපු ජෙලටින් ටික අඩු ගින්දරේ හිමීට රත් කරන්න .
8. ජෙලටින් ටික සම්පූර්ණයෙන් දිය උනාම බ්ලෙන්ඩ් කරපු කිරි ටික ඒකට එකතු කරලා අඩු ගින්දරේම හිමීට හැදි ගාන්න.
9. විනාඩි 3ක් වගේ යනකොට උකු මිශ්‍රණයක් හැදෙනවා.අන්න ඒ වෙලාවේ ලිපෙන් බාලා අගල් 8ක වගේ තැටියකට දාන්න .
10. දැන් පැය 2ක් ශීතකරණයේ තියලා කෑලී කපා ගන්න.

(Facebook)