Saturday, October 19, 2024
Follow Us
 නෙළුම් අල සීනි සම්බෝලය

අවශ්‍ය දේවල්

නෙළුම් අල ග්‍රෑම් 200 ක්

ලූනු ග්‍රෑම් 400 ක්

සුදුලූනු බික් 2 ක්

දෙකට පලාගත් අමු

මිරිස් කරල් 4 ක්

රම්පෙ, කරපිංචා ටිකක්

කුරුඳු කැබැල්ලක්

එනසාල් කරල් 6 ක් විතර

කහ තේ හැඳි 1/4 ක්

මිරිස් කුඩු තේ හැඳි 1 ක්

කෑලි මිරිස් තේ හැඳි 2 ක්

රස අනුව ලුණු

තත්කාලි සෝස් මේස

හැඳි 1 ක් හෝ 2 ක්

තෙල් මේස හැඳි 2 ක්

 

සාදන ආකාරය

 

නෙළුම් අල මතුපිට සූරා පොත්ත යවා රවුම්වලට කපාගන්න. දැන් කපාගත් නෙළුම් අල පෙති දෙසැරයක් සෝදා ඇතුලේ ඇති මඩ යවාගන්න. ඉන්පසු ලුණු වතුරේ බහා ටික වේලාවක් තබා හොඳින් සෝදා ගන්න. පසුව එම පෙති පුංචිම කෑලි වෙන්න කපාගන්න.

ලූනුත් සිහින්ව කපාගන්න. සුදුසු භාජනයක් ළිප තබා තෙල් එකතුකර පුංචි කොටස්වලට කපාගත් නෙළුම් අල ටික බැදගන්න.

දැන් එය වෙනත් බඳුනකට අයින්කර ළිප තැබූ භාජනයට තෙල් පොඩ්ඩක් එක්කර එයට තළාගත් සුදු ලූනු, කුරුඳු, රම්පෙ, කරපිංචා, එනසාල් එකතුකරන්න. එයටම ලූනුත් එකතුකර හොඳින් තෙලෙන් තැම්බෙන්න දෙන්න. දැන් කෑලි මිරිස්, මිරිස් කුඩු, රස අනුව ලුණු සහ මිරිස් කරල් එක්කර අඩිය අල්ලන්න නොදී එහාට මෙහාට කරමින් ලූනු ටික හොඳින් මලවගන්න. ටික වෙලාවකින් නෙළුම් අල ද එකතු කරන්න. සෝස් ටිකත් එකතුකර තව පොඩි වෙලාවක් ළිප තබා පසුව ළිපෙන් බාන්න.

කැමැති නම් සෝස් නොදා සීනි තේ හැඳි 1 දාන්න. සියඹලා ඉස්ම පොඩ්ඩකුත් එකතුකරන්න පුළුවන්.

(Tharunie)