Saturday, October 19, 2024
Follow Us
පිට රට ඩොලර් මිලට විකිණෙන දියවැඩියාව පාලනය කරන කොස් කොළ තේ

ශ්‍රී ලංකාව තුළ පවතින ශාක අතරින් මිනිසාට ඉතා ප්‍රයෝජනවත් වටිනා ශාකයක් ලෙස කොස් ගස හදුනා ගත හැකිය. බත් ගස නමින් විරුදාවලි ලත් මෙම ශාකය මිනිසාට නොයෙක් ආකාරයෙන් ප්‍රයොජනවන් වේ. අතීතයේ සිටම ජනයා කොස් ගසට දක්වන්නේ ඉමහත් ගෞරවයකි. කොස් ගසේ ඵලය නොයෙක් ආකාරයෙන් ඉවුම්පිහුම් කටයුතුවලදී සකසා ආහාරයට ගනු ලබයි. වර්තමානයේ සල්ලි දී අප ලබා ගන්නා රෝගකාරක ක්ෂණික ආහාර වර්ග වලට වඩා පෝෂ්‍ය පදාර්ථ රැසක් කොස් ආහාරයට ගැනීමෙන් ලබා ගත හැකිය. හොඳින් පැසුණු කොස් තම්බා ආහාරයට ගැනීමෙන් ශරීරයට අවශ්‍ය කාබෝහයිඩ්‍රේට් වැඩි ප්‍රමාණයක් ලබා ගත හැකිය. කොස් ඇට ආහාරයට ගැනීමෙන් ප්‍රෝටීන් වැඩි ප්‍රමාණයක් ශරීරයට ලබා ගත හැකි අතර නිර්මාංශ පුද්ගලයන් සදහා වඩාත් උචිත පෝෂ්‍යදායි ආහාරයක් වේ. ඉදුණු වැල වරකා ආදිය ආහාරයට ගැනීමෙන් ,ශරීරයට අවශ්‍ය ග්ලුකෝස් ,සුක්‍රෝස් ,පෘක්ටෝස් යනාදී පෝෂ්‍ය සංඝටක බොහොමයක් ලබා ගත හැකිය. එමෙන්ම ,

කැල්සියම්
පොස්පරස්
විටමින් O
යකඩ
කැරෝටීන් යනාදී පෝෂ්‍ය පදාර්ථ ද අන්තර්ගත වේ.
කොස් ගසේ හටගන්නා ඵලය කවර වර්ධන අවදියකදී වුවද ආහාරයට ගැනීම වඩාත් ගුණදායක මෙන්ම පෝෂ්‍යදායි වේ.
පොළොස් ඇඹුල් ,කිරි කොස් ,මැල්ලුම් පොළොස්, යනාදී වශයෙන් විවිධාකාරයෙන් සකසා කොස් ගසේ ඵලය ආහාරයට ගනු ලබයි.
කොස් ආහාරයට ගැනීමෙන් ලැබෙන සෞඛ්‍යමය වාසි බොහොමයක් පවතී.
මන්දපෝෂණය ඇතිවීම වළක්වයි .
ශරීර ශක්තිය වර්ධනය කරයි.
රුධිර වහනය නවත්වයි.
ශුක්‍රාණු වර්ධනය කරයි.
විෂ නාශනය කරයි.
සර්ප විෂ සදහා යෝග්‍ය වේ.
සැරව ගෙඩි සුවපත් කරයි.
පිත සමනය කරයි.
පාචනය ආමාශගත තුවාල සුවපත් කරයි.
ඉදිමුම් අඩු කරයි.
කොස් යනු පෝෂ්‍යදායි ආහාරයක් පමණක් නොව මිනිස් ව්‍යාධීන් රැසකට සුවය ගෙනෙන ඖෂධීය වටිනාකමින් ද සමන්විත ශාකයක් වේ. අප නොසිතන ඖෂධීය ගුණ රැසක් එහි පවතී.

කොස් ගසේ විශ්මිත ඔසු ගුණ භාවිතයෙන් සැකසිය හැකි අත් බෙහෙත්

දියවැඩියාව සදහා ඉදුණු කොස් කොළ ස්වල්පයක් ගෙන රන්වන් පැහැවන තෙක් හොඳින් බැද කුඩු කර කෝපී ආකාරයට සකස් කර පානය කිරීම තුළින් දියවැඩියාව රෝගය සමනය කර ගැනීමට හැකියාව ලැබේ. කොස් කොළ හා පස්පෙති මල් පැලෑටියේ මුල් එකට දමා හොඳින් තම්බා පෙරා පානය කිරීමෙන් ද දියවැඩියාව රෝගය සමනය කර ගත හැකිය. කොස් කොළ කෂාය ද දියවැඩියාව රෝගය සදහා ගුණදායක ඔසුවක් වේ.

මත් ගති නැති කිරීම සදහා මේ සදහා ලපටි කොස් ගෙඩියක් ගෙන එහි යුෂ මිරිකා පොල් කිරෙන් අනා හකුරු සමග ආහාරයට ගැනීමෙන් ඕනෑම මත් ගති ස්වභාවයක් සමනය කර ගැනීමට හැකියාව ලැබේ.

සුව නින්දක් ලබා ගැනීම සදහා ළපටි කොස් දළු ව්‍යංජනයක් ලෙස සකසා ආහාරයට ගැනීම නින්ද නොයන පුද්ගලයන් ට සුවපහසු නින්දක් ලබා ගන්නට ගුණදායක ඔසුවක් වේ. එමෙන්ම කොස් කොළ නැටි තම්බා පානය කිරීම ද මේ සදහා ගුණදායක වේ.

කක්කල් කැස්ස සදහා හොඳින් ඉදුණු වැල මදුලු මී පැණිවල බහා තබා උදෑසන හිස්බඩ ආහාරයට ගැනීම තුළින් මෙම රෝගය සුවපත් කර ගත හැකිය.

 

බඩ විරේක කිරීම සදහා මේ සදහා හොඳින් ඉදුණු වැල මදුලු ස්වල්පයක් ගෙන උදෑසන හිස් බඩ කුස පිරෙන තෙක් ආහාරයට ගැනීම කළ යුතුය. මෙමගින් බඩ විරේක වීම පමණක් නොව බඩවැල් පිරිසිදු වීම ද සිදු වේ.

චර්ම රෝග සදහා කොස් ගසේ කදේ ඇති මතුපිට වියළි පොත්ත ඉවත් කර යට පොත්තෙහි සුඹුලු සූරා ගෙන ඒව තලතෙල් යොදා මලවා තුවාල සහ කුෂ්ඨ ඇති ස්ථානයන්හි බැදීමෙන් ඒවා සුවපත් කර ගැනීමට හැකියාව ලැබේ. එමෙන්ම එම ඖෂධීය මිශ්‍රණයට කහ කුඩු ඔලිද ඇට සහ මී පැණි එක් කර ආලේප කිරීමෙන් සුදු කබර රෝගය ද සුවපත් කර ගත හැකිය.

මූත්‍ර රෝග සදහා කොස් මූත්‍ර රෝග සුවපත් කිරීම සදහා උපකාරී වන ප්‍රත්‍යක්ෂ ඖෂධයක් වේ.ඉදුණු කොස් කොළ ස්වල්පයක් ගෙන ඒවා තලතෙල් යොදා බැද ආහාරයට ගැනීම මේ සදහා ගුණදායක වේ. මූත්‍රා ගල් සදහා අමු කොස් කොළ සහ සහ හොඳින් පිරිසිදු කළ කොස් මුල් ස්වල්පයක් ගෙන එකට තම්බා පානය කිරීමෙන් මූත්‍ර ගල් දිය කර ගත හැකිය.මූත්‍ර පිට කිරීම උත්තේජනය කිරීම සදහා කොස් ඇට ආහාරයට ගැනීම උපකාරී වේ.

මුහුණ පැහැපත් කර ගැනීම සදහා හොඳින් පැසුණු කොස් මදුලු ආහාරයට ගැනීම ගුණදායක වේ. පැසුණු කොස් මදුලු දෙහි ඇඹුලින් අඹරා පේස්ට් එකක් සකසාගෙන රාත්‍රි කාලයේ මුහුණේ ආලේප කිරීමෙන් ද මුහුණ සම පැහැපත් කර ගත හැකිය.

පෝෂණයෙන් මෙන්ම ඖෂධීය වටිනාකමක් ඇති කොස් වැනි ශාක සුරකින්නට අප සියලු දෙනාගේ කැපවීම අත්‍යාවශ්‍ය වේ. දැවමය වශයෙන් ද ඉතා වටිනා ශාකයක් ලෙස කොස් හදුනා ගත හැකිය.

(Lanka Online)