Saturday, October 19, 2024
Follow Us
කොවිඩ් වැළඳුනු අයගේ මොළයේ වෙනස්කම්

නවතම අනාවරණයකින් හෙළිවූ දේ


කොවිඩ් වැළඳුණු පුද්ගලයින්ගේ මොළයේ වෙනස්කම් සිදුවන බවට විද්‍යාඥයින් විසින් නවතම අධ්‍යයනයකින් අනාවරණය කරගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කොවිඩ් වැළඳීමට පෙර සහ පසු ගන්නා ලද MRI ස්කෑන් පිටපත් අනුව මොළයේ පැහැදිලි වෙනස්කම් දැකිය හැකි වූ බව මෙම අධ්‍යයනය සිදු කරන ලද විද්‍යාඥයින් පවසයි.

සුළු ආසාදනයකදී පවා මොළයේ විශාලත්වය යම් ආකාරයේ හැකිලීමකට භාජනය වන අතර, ගඳ සුවඳ දැනීමේ සහ මතක ශක්තියට අදාළ කොටස්වල වෙනසක් සිදුවන බව මෙම අධ්‍යයනයෙන් හෙළි වී තිබේ.

මෙම වෙනස්කම් ස්ථිරව පවතී ද නැද්ද යන්න පිළිබඳව අදාළ පර්යේෂකයින් පැහැදිලි කර නොමැති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

(Aruna)