Saturday, October 19, 2024
Follow Us
ලිංගිකව සක්‍රීය ගැහැනු වසර 3 කට වරක් පැප් කළ යුතු පරීක්‍ෂාව

ගැබ්ගෙල පිළිකාව වළක්වා ගනිමු

ලිංගික ක්‍රියාවලියේදී HIV වෛරසය කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝවේ

වයස අවුරුදු 12 ත් 13 ත් අතර දැරිවියන්ට නොමිලේ ලබා දෙන ගැබ්ගෙල පිළිකාව වළක්වා ගැනීමේ එන්නත ලබා ගන්න

ශ්‍රීලංකාවේ කාන්තාවන් අතර බහුලතම පිළිකාව ලෙස හඳුනාගෙන ඇත්තේ පියයුරු පිළිකාවයි. එහි දෙවැනි තැන තයිරොයිඩ් ග්‍රන්ථි පිළිකාවට හිමි වේ. මෙතෙක් තෙවැනි තැන තිබූ ගැබ්ගෙල පිළිකාව 2019 වසරේ දත්තවලට අනුව සිව් වැනි තැන දක්වා පසු බැස ඇති අතර තෙවැනි තැනට පත්ව ඇත්තේ මහ බඩවැල සහ ගුද මාර්ගයේ ඇතිවන පිළිකාය. ජනවාරි ගැබ්ගෙල පිළිකාව වළක්වා ගැනීමේ මාසය බැවින් එම පිළිකාව තෙවැනි තැන සිට හතරවැනි තැන දක්වා පසු බෑම එක්තරා අන්දමක ජයග්‍රහනයකි. එසේ වීමට හේතු වී ඇත්තේ ශ්‍රී ලාංකික කාන්තාව ගැබ්ගෙල පිළිකාව පිළිබඳ දැනුවත්වීම සහ ලිංගිකව සක්‍රිය වීමේදී අදාල කාල පරාසය තුළ පැප් පරීක්ෂාවන්ට යොමු වෙමින් ගැබ්ගෙල පිළිකාව වළක්වා ගැනීමට පියවර ගැනීමයි. මෙය සැබවින්ම හොඳ ප්‍රවණතාවයක් වනු ඇත.

 

ගැබ්ගෙල පිළිකා යනු...

කාන්තාවන්ට පමණක් ඇති වන පිළිකාවක් වන මෙය ගැබ්ගෙල ආස්තරණය කරන අපිච්ඡදයේ සෛල පාලනයකින් තොරව බෙදී වර්ධනයවීම නිසා ඇතිවන්නකි.

කල්තබා හඳුනාගත නොහැකි වුවහොත් ගැබ්ගෙලෙහි ඇතිවන මෙම පිළිකා සෛල ක්‍රම ක්‍රමයෙන් වැඩි වී අවසානයේ ඇසට බලාගත හැකි ගෙඩියක් බවට පත්වෙයි. තවද කාලය ගෙවී යනවිට එම පිළිකා සෛල ගර්භාෂයේ බිත්තිය ඔස්සේ ඉහළටද, ගැබ්ගෙල අවට පටකවලටද, ශ්‍රෝණි කුහරයේ පැති බිත්තිවලටද, ගුදමාර්ගයට සහ මුත්‍රාශ්‍රයටද කෙළින්ම පැතිරිය හැකිය. අවසානයේ රුධිර නාල තුළට ඇතුළු වන මෙම පිළිකා සෛල පෙනහළු, අක්මාව, අස්ථි සහ මොළය ආදී දුරස්ථ අවයව වලටද, වසා වාහිණී තුළට රිංගා ගනිමින් ඒ ඔස්සේ ගොස් කුද්දැටි වලටද පැතිරිය හැකිය.

 

ගැබ්ගෙල යනු...

ගැබ්ගෙල කියා කියන්නේ ගර්භාෂයේ පහළින් ඇති කොටසයි. ගර්භාෂය සහ ගැබ්ගෙල ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය අයත් කොටස් වෙයි. ස්ත්‍රී ප්‍රජනන පද්ධතියට අයත් අනෙකුත් කොටස් වනුයේ...

ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය බාහිරයට විවෘත වන ප්‍රදේශය “වල්වා” :ඪමකඩ්* ලෙස හඳුන්වන අතර මීට මුත්‍ර මාර්ගය බාහිරයට විවෘත වන විවරයද, කන්‍යා පටලය, :්‍යහපැබ* කුඩා තොල් :ඛ්ඉස් ඵසබදර්* සහ විශාල තොල් :ඛ්ඉස් ඵ්වදර්*ද, “ක්ලිටෝරිස්” :ක්‍කසඑදරසි* නම් ලිංගිකව ඉතාම සංවේදී කොටසද, ඊට ඉහළින් පිහිටන මේද පටක සහිත මෘදු කොටස වන ඵදබි ඡමඉසි ද අයත් වෙයි.

යෝනිමාර්ගය :ඪ්ටසබ්*

පැලෝපීය නාල :ත්‍්කකදචස්බ ඔමඉැි*

ඩිම්බ කෝෂ :ධඩ්රසැි*

 

ගැබ්ගෙල පිළිකා හටගන්නේ කොතැනද ?

ගැබ්ගෙලෙහි බාහිර කොටසක් (ෑජඑදජැරඩසං) සහ අභ්‍යන්තර කොටසක් (ෑබාදජැරඩසං) ඇති අතර බාහිර කොටස ආස්තරය කරන්නේ සමේ මෙන් ශල්ඛමය අපිච්ඡදයකිනි (ීුම්පදමි ක්‍ැකකි). අභ්‍යන්තර කොටස ආස්තරනය කරන්නේ ග්‍රන්ථිමය සෛල විශේෂයක් වන ස්ථම්භාකාර සෛල (ක්‍දකමපබ්ර ක්‍ැකකි) වලිනි.

ගැබ්ගෙලහි ඇති වන පිළිකාවලින් අති බහුතරයක් එහි බාහිර කොටසේ ඇති ශල්ඛමය අපිච්ඡදයේ සෛලවලින් හටගන්නා අතර ඒවා ,ීුම්පදමි ක්‍ැකක ක්‍්රජසබදප්” ලෙස හඳුන්වයි. සාපේක්‍ෂව සුළුතරයක් වන ්ාැබදජ්රජසබදප් හටගන්නේ ගැබ්ගෙලෙහි අභ්‍යන්තර කොටසේ ඇති ස්ථම්භාකාර සෛල වලිනි. බොහෝවිට මෙම පිළිකා හටගන්නේ පිටතින් ඇති ශල්ඛමය අපිච්ඡදය සහ අභ්‍යන්තරයේ ඇති ස්ථම්භාකාර අපිච්ඡදය එකිනෙක මුණගැසෙන පරිවර්තන කලාපය (ඔර්බිදෙරප්එසදබ ’දබැ) තුළය. මෙම පරිවර්තන කලාපය බොහෝ විට පිහිටා ඇත්තේ, ගර්භාෂයේ කුහරය සහ යෝනි මාර්ගය එකිනෙක සම්බන්ධ කරන ඉතා සිහින් නාලයක් වන ෑබාදජැරඩසජ්ක ක්‍්බ්ක යෝනි මාර්යට විවෘත වන ස්ථානයේ ය.

 

ගැබ්ගෙල පිළිකා හටගන්නේ වෛරස ආසාදනයක් නිසයි...

ගැබ්ගෙලෙහි බහුලව හටගන්නා පිළිකා ඇතිවීමට ප්‍රධානතම හේතුව හියුමන් පැපිලෝමා වෛරස (්‍යමප්බ ඡ්චසකදප් ඪසරමි හෙවත් ්‍යඡඪ) ආසාදනයයි. ්‍යඡඪ ආසාදනය ඉතාමත්ම බහුල වේ. බොහෝමයක් ලිංගිකව සක්‍රීය අය තම ජීවිත කාලය තුලදී නොයෙක් විට මෙම වෛරස ආසාදනයට ගොදුරු වෙති. වාසනාවකට බොහෝමයක් මෙම වෛරස ආසාදනයන් කිසිදු අනතුරක් සිදු නොකරන අතර ඉබේටම සුවපත්වෙයි.

්‍යඡඪ ප්‍රභේද විශාල ප්‍රමාණයක් තිබුණද බොහෝමයක් ආසාදනයන් කිසිදු විපතක් සිදු නොකරයි. නමුත් සමහරක් ්‍යඡඪ ප්‍රභේද මගින් බාහිර ලිංගේන්ද්‍රයන් ආශ්‍රිතව ඉන්නන් ඇති කරයි. තවත් සමහරක් ්‍යඡඪ ප්‍රභේද මගින් සෛල තුළ ඇති කරනු ලබන වෙනස්කම් නිසා පිළිකා ඇති කරයි. ගැබ්ගෙල පිළිකාවලට අමතරව ගුදමාර්ගයේ පහළ කොටසේ (්බ්ක), යෝනි මාර්ගයේ, ගැහැනු අයගේ බාහිර ලිංගික ප්‍රදේශයේ (ඪමකඩ්), ශිෂ්ණයේ සහ සමහරක් මුඛ හා උගුරේ පිළිකා ඇති කරනු ලබයි.

 

ලිංගික ක්‍රියාවලිවලදී බොහෝ විට සිදුවන ඉතා සමීප සමට සම ස්පර්ශවීම් මගින් ්‍යඡඪ වෛරස කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝවිය හැකිය.

්‍යඡඪ ප්‍රභේද 12 ක් පමණ ගැබ්ගෙල පිළිකා අවදානම වැඩි කරන අතර ඉන් ප්‍රධාන වන ්‍යඡඪ-16 සහ ්‍යඡඪ-18 මගින් ගැබ්ගෙල පිළිකා වලින් 70% ක් පමණ ඇති කරනු ලබයි. බොහෝමයක් අයගේ මෙම වෛරස් ආසාදනය තම ස්වාභාවික ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය මගින්ම වසර දෙකක් වැනි කාලයක් ඇතුළතදී සුව අතට පත් කරනු ලබන නමුත් සමහර අයගේ එසේ සිදුවන්නේ නැත. මේ ආකාරයට වසර ගණනාවක්ම ්‍යඡඪ ආසාදනය ගැබ්ගෙලෙහි පවතින විට එහි පිළිකාවක් ඇතිවීමේ අවදානම වැඩිය.

 

ගැබ්ගෙල පිළිකා අවදානම වැඩි කරන අනෙකුත් සාධක...

වයසට යෑම.
ලෝකයේ දියුණු රටවල්වල නම් තරුණ කාන්තාවන් අතර ගැබ්ගෙල පිළිකාව අන් අයට වඩා වැඩි වුවද ශ්‍රී ලංකාවේ මෙම පිළිකාව බහුලව දක්නට ලැබෙන්නේ අවුරුදු 50 ට වඩා වැඩි අයගේය.

අනාරක්‍ෂිත ලිංගික සංසර්ගය.
“කොන්ඩමයක්” වැනි බාධක උපත්පාලන ක්‍රමවේදයක් ලිංගික සංසර්ගයේදී නිවැරදිව යොදා ගැනීමෙන් ්‍යඡඪ ආසාදනයට ලක්වීමත් අන් අයට පැතිරීමත් අවම කරගත හැකිය. නමුත් එය පූර්ණ ආරක්‍ෂාවක් ගෙන දෙන්නක් නොවන බව මතක තබා ගත යුතුය.

්‍යෂඪ ආසාදනයට ලක්වීම හෝ ්ෂෘී රෝගී තත්ත්වයෙන් පසුවීම.
මෙම රෝගීන්ට ගැබ්ගෙල පිළිකා අවදානම වැඩි නමුත් ්‍යෂඪ සඳහා නිසි ප්‍රතිකාර ලබාගන්නේ නම් එම අවදානම අඩුකර ගත හැකිය.

වෙනත් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග තිබීම.
්‍යඡඪ වලට අමතරව ලිංගිකව බෝවන වෙනත් රෝග වලින් පෙළීමද ගැබ්ගෙල පිළිකා අවදානම වැඩි කරයි.

දුම් වැටි ඉරීම.
දුම් ඉරීම මගින් කෙනෙකුගේ ප්‍රතිශක්තිය ඉතා දුර්වල වන අතර එමගින් ්‍යඡඪ සමඟ සටන් කිරීමට ප්‍රතිශක්තීකරණ පද්ධතියට ඇති හැකියාව හීනවී යයි. මෙමගින් ගැබ්ගෙල පිළිකා අවදානම වැඩිවෙයි.

උපත්පාලන පෙති බොහෝ කාලයක් පාවිච්චි කිරීම.
වසර 5 කට වඩා වැඩි කාලයක් උපත් පාලන හෝමෝන පෙති ගන්නා අයගේ ගැබ්ගෙල පිළිකා අවදානම වැඩි බව සොයාගෙන තිබේ.

දරුවන් වැඩි ගණනක් බිහි කිරීම සහ පළමු දරුවා ඉතා අඩු වයසකදී බිහි කිරීම.
අවුරුදු 17 ට අඩු වයසකදී පළමු දරුවා බිහිකළ කාන්තාවන්ට අවුරුදු 25 න් පසුව පළමු දරුවා බිහිකළ අයට වඩා ගැබ්ගෙල පිළිකා ඇතිවීමේ අවදානම වැඩිය.

තම මව, සොහොයුරිය හෝ දියණියට ගැබ්ගෙල පිළිකාවක් තිබීම.
එවැනි අයට ගැබ්ගෙල පිළිකා ඇතිවීමේ අවදානම වැඩිය.

 

ගැබ්ගෙල පිළිකා කල්තබා හඳුනාගැනීම කළ හැකිය...

ලිංගිකව සක්‍රීය කාන්තාවන්ගේ වසර 3 කට වරක් පැප් පරීක්‍ෂාව සිදු කර ගත යුතුය. ලෝකයේ දියුණු රටවල්වල නම් ්‍යඡඪ ආසාදිතයන් සොයා ගැනීම සඳහා පරීක්‍ෂාවක් සිදුකර ගැබ්ගෙල පිළිකාව සඳහා අවදානම වැඩි කාන්තාවන් වෙනමම සොයාගනු ලැබේ.

ගැබ්ගෙල ්‍යඡඪ ආසාදනය සිදු වී බොහෝ කල් ගත වූ පසු මුලින්ම සිදුවන්නේ පූර්ව පිළිකා අවස්ථා ඇතිවීමයි. මෙම තත්ත්වය පිළිකාවක් දක්වා වර්ධනය වීමට වසර 5 කට වඩා කාලයක් ගතවන නිසා වසර 3 කට වරක් පැප් පරීක්‍ෂාව කරගන්නේ නම් මෙය පූර්ව පිළිකා අවස්ථාවේදීම හඳුනාගෙන ඉතා සුළු ප්‍රතිකර්මයකින් සුව කරගත හැකියි.

 

ගැබ්ගෙල පිළිකා වළක්වා ගැනීමටත් එන්නතක්...

ගැබ්ගෙල පිළිකා අවදානම වැඩි කරන ්‍යඡඪ ප්‍රභේද කිහිපයක ආසාදනයට එරෙහිව ප්‍රතිශක්තිය ඇතිකිරීමට මෙම එන්නත ලබාදෙනු ලැබේ. මෙම එන්නත ලබාදිය යුත්තේ ්‍යඡඪ ආසාදනය වීමට ප්‍රථමය. එනම් ලිංගිකාව සක්‍රීය වීමට ප්‍රථමය. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රතිශක්තිකරණ ව්‍යාපෘතිය තුළ පාසල් යන වයස 12 ත් 13 ත් අතර දැරිවියන්ට මෙම එන්නත නොමිලේ ලබා දෙනු ඇත. මෙම එන්නත ලබාගත්තද ලිංගිකව සක්‍රීය වූ පසු පැප් පරීක්‍ෂාව කරගැනීමද සිදුකළ යුතුමය. ඊට හේතුව වන්නේ එන්නතේ ආරක්‍ෂාව ලැබෙන්නේ ්‍යඡඪ ප්‍රභේද කිහිපයකට එරෙහිව පමණක් වීමය.

 

ගැබ්ගෙල පිළිකාවේ රෝග ලක්‍ෂණ

යෝනිමාර්ගයෙන් සිදුවන අසාමාන්‍ය රුධිර වහනය.
ලිංගික සංසර්ගයේදී වේදනාවක් සහ අපහසුවක් තිබීම.
යෝනි මාර්ගයෙන් අසාමාන්‍ය ස්‍රාවයක් නිකුත් වීම.
ශ්‍රෝණි ප්‍රදේශයේ වේදනාවක් ඇතිවීම.
ලිංගික සංසර්ගයේදී රුධිරය වහනය වීම.

 

ගැබ්ගෙල පිළිකා සඳහා කරනු ලබන ප්‍රතිකාර

ශල්‍යකර්ම.
විකිරණ ප්‍රතිකාර.
පිළිකානාශක ඖෂධ ප්‍රතිකාර.
ප්‍රතිශක්තිකරණ ප්‍රතිකාර.

 

පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය
ෂාම ගුණතිලක
සායනික අංශ ප්‍රධානී
ආසිරි ්ධෂ පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථානය
ආසිරි ශල්‍ය රෝහල