Saturday, October 19, 2024
Follow Us
පිරිමින්ටත් උපත්පාලන පෙති

උපත් පාලන පෙති ගැන කිව්වාම මෙතෙක් කාලයක්ම ඒ වෙනුවෙන් සෘජුවම ඇඟිල්ල දිගු කළේ කාන්තාවන්ටයි. ඒ අතර පිරිමින්ගේ උපත් පාලනය වෙනුවෙන් කොන්ඩම් සහ වාසෙක්තමි වැනි උපත්පාලන ක්‍රම පවතිනවා. ජාත්‍යන්තර ප්‍රසිද්ධ සෞඛ්‍ය සම්මේලනයකදී පිරිමින් වෙනුවෙනුත් උපත් පාලන පෙති හඳුන්වා දීම ගැන අදහස් ඉදිරිපත් වී තිබෙනවා.

දැන් ඔබටත් මෙහෙම හිතේවි...

ඉතින් පිරිමින් වෙනුවෙන් උපත් පාලන පෙති හඳුන්වා දෙන්න මෙච්චර ප්‍රමාද වුනේ ඇයි...? ඇත්තටම එය සාධාරණ තර්කයක්. ඒත් බොහෝ පිරිමින් මේ ගැන වැඩි කැමැත්තක් දැක්වූයේ නැහැ. ඒත් අලෙවියට තිබුණා නම් ඔවුන් ඒවා නොගෙන ඉන්නෙත් නැහැ.

2011 වසරේ එක්සත් රාජධාණීයේ පිරිමින් හරි විදිහට උපත් පාලන පෙති පාවිච්චි කරනවාදැයි සොයා බැලීමේ අධ්‍යනයක් පැවැත්වුණා. මේ අධ්‍යයනයට සම්බන්ධ වුණ කාන්තාවන් 134 දෙනා අතරින් 70 ක්ම කියා තිබුණේ තමාගේ සහකරු උපත්පාලන පෙති නිසි විදිහට පාවිච්චි නොකරන බවයි.

 

ඒකටත් හේතුවක් තිබෙනවා...

පිරිමි උදවියගේ හිතේ මේ ගැන සැකයක් තිබෙනවා. උපත් පාලන පෙති භාවිතය නිසා ලිංගික ශක්තිය පිරිහීම සහ වෙනත් ලිංගික ගැටලු ඇති වුණොත් යන අවදානම් සාධක නිසා ඔවුන් තුළ උපත්පාලන පෙති අඛණ්ඩව පාවිච්චි කිරීමට ඒ තරම් ලොකු උනන්දුවක් නැහැ.

පරම්පාරවක් ගෙන යන්නට උදව් කරන්නේ පිරිමි ශුක්‍රාණු බව අපි දන්න සරල කරුණක්. හෝර්මෝන ක්‍රියාකාරිත්වයෙන් ශුක්‍රාණු නිපදවන අතර මේ උපත් පාලන පෙත්තෙන් හෝර්මෝන ක්‍රියාකාරකම් දෙකක් එක්වරම සිදු කරනවා. ලිංගික ප්‍රාණවත් බව ඇති කරන අතරම ශුක්‍රාණු නිපදවීම අඩු කරනවා.

ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස්හි ඊසදඵැා ආයතනය සහ වොෂිංටන් විශ්වවිද්‍යාලය මේ ගැන තව දුරටත් අධ්‍යයන කටයුතු මෙහෙයවනු ලැබුවා. එයින් ලබා ගත් ප්‍රතිඵල ඔවුන් විසින් පසුගිය දා පැවැති ලෝක වෛද්‍ය සම්මේලනයේදී එළිදක්වනු ලැබුවා.

එහිදී ඔවුන් විසින් පිරිමින් දහ දෙනෙකුට ව්‍යාජ හෙවත් පෙනුමෙන් සමාන එහෙත් ක්‍රියාකාරිත්වයක් නැති පෙති සහ අනෙක් තිස් දෙනාට සැබෑ උපත් පාලන පෙති ලබා දුන්නා. නිවරදි උපත් පාලන පෙති භාවිතා කළ තිස් දෙනාගේම ශුක්‍රාණු ගිණුම පහළ ගොස් තිබුණා. ඒත් යම් දවසක ඔවුන්ට නැවතත් තමන්ගේ ගිණුම පවත්වා ගැනීම අවශ්‍ය බැව් හිතුනොත් මේ උපත් පාලන පෙති නවත්වනන් කිසිම බාධාවක් නැහැ.

 

අතුරු ප්‍රතිඵලත් අවමයි...

අධ්‍යනයට සම්බන්ධ අයගෙන් පස් දෙනෙක් පමණක් ඔවුන්ගේ ලිංගික ශක්තියේ යම් ගැටලුවක් තිබෙන බව සඳහන් කළ අතර තවත් දෙනෙක් පුරුෂ ලිංගයේ යම් අප්‍රාණික බවක් ඇති බැව් කියා සිටියා. එසේ වුවත් ඔවුන්ගේ සමස්ත ලිංගික ක්‍රියාවලියට මෙයින් කිසිම බලපෑමක් එල්ල වුණේ නැහැ. මෙම අධ්‍යයනයේ ප්‍රධානී “ක්‍රිස්ටිනා වැන්ග්” පැවසුවේ මේ අධ්‍යයනය දිගින් දිගටම පැවැත්විය යුතු බවයි.

 

උපත් පාලන පෙතිවලට අමතරව “ජෙල්”...

ක්‍රිස්ටිනා වැන්ග් උපත් පාලන පෙතිවලට අමතරව “ජෙල්” විශේෂයක් ගැනත් අධ්‍යයන කටයුතු මෙහෙයවනවා. ඒ අනුව අදාල ජෙල් වර්ගය දිනපතාම සිරුරේ පිටුපස, උරහිස ප්‍රදේශයේ ආලේප කිරීමෙන් ඒවා සම තුළට අවශෝෂණය වී ජෙල් වර්ගයේ අඩංගු “ප්‍රොජෙස්ටරෝන්” හෝර්මෝනයේ ක්‍රියාකාරිත්වය නිසා වෘෂණ කෝෂවල ස්වභාවිකව නිපදවන “ටෙස්ටොස්ටොරන් හෝර්මෝනය” නිපදවීම සම්පූර්ණයෙන්ම නතර කරන අතර එයින් ශුක්‍රාණු ගිණුම නිපදවීම අවම හෝ නැති තැනටම පත් වෙන්නත් පුලුවන්. ඒත් ජෙල් විශේෂයේ අඩංගු “ටෙස්ටොස්ටොරන්” මගින් ලිංගික ප්‍රාණවත් බව සහ පිරිමි සිරුරේ වෙනත් ක්‍රියාකාරකම් ආරක්ෂා කරනවා.

ඒ අතර තවත් පිරිසක් විසින් මාසයකට වතාවක් ලබා ගත හැකි එන්නතක් ගැන පරීක්ෂණ පවත්වා තිබෙනවා. ඒත් මේ එන්නත නම් එතරම් සාර්ථක වුණේ නැහැ. ආරම්භක අදියරේදීම එන්නත ලබා ගත් පිරිමින් තුළ මානසික අවපීඩන තත්ත්වයට පත් වුණ නිසා උපන් ගෙයිම එය නවත්වන්න සිදු වුණා.

වාසල්ජෙල් :ඪ්ි්කටැක* උපත් පාලන ක්‍රමයේදී වෘෂණ කෝෂවලින් ශිෂ්ණයට ශුක්‍රාණු රැගෙන එන නාලවලට එන්නතක් ලබා දෙන අතර මෙහිදී හෝර්මෝන ලබා ගැනීම අවශ්‍ය නැහැ. මෙය දීර්ඝකාලීන උපත් පාලන ක්‍රමයක් වන අතර තවමත් මේ වෙනුවෙන් යොදා ගෙන ඇත්තේ සතුන් පමණි.

එඩින්බරා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය “රිචඩ් ඇන්ඩර්සන්” සඳහන් කරන අන්දමට කාන්තා උපත් පාලනය ගැන ඖෂධ සමාගම් වෙතින් ඇති උනන්දුව පිරිමි උපත් පාලනය වෙනුවෙන් ඇත්තේ ඉතාම මන්දගාමී ස්වභාවයෙන් බවයි. එක්සත් රාජධානියේ ෂෙෆීල්ඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය “ඇලන් පේසි” සඳහන් කරන්නේ පිරිමි උපත්පාලන පෙති සාර්ථක වුවහොත් ඒවා අලෙවිය වෙනුවෙන්වත් ඉදිරිපත් වෙන ඖෂධ සමාගම් ගැනත් සැක සහිත බවයි. අද බොහෝ දෙනෙක් විද්‍යාවට වඩා තැනක් ලබා දෙන්නේ ව්‍යාපාරයටයි...ඒ නිසා මෙය පුදුමයක් නොවන බව මහාචාර්යවරයා ගේ අදහසයි.

අපි කළබල විය යුතු නැහැ. ඖෂධ සමාගම්වලින් සහයෝගයක් නොලැබෙනවා නම් විශ්වවිද්‍යාල සහ පුණ්‍යායතනයත් තියෙන්නේ...අපි ඒ දිසාවට හැරෙමු.

 

BBC පුවත් ඇසුරිනි