Sunday, October 20, 2024
Follow Us
කොණ්ඩෙ යන එකට හරියටම හේතුව හොයාගන්න ක්‍රම දැන් තියෙනවා

රුධිර පරීක්ෂාවන් සහ ටිෂූ මිනරල් ස්කෑන් ඒ සඳහා විශේෂයි

“අද මගේ කොණ්ඩෙ බාත්රූම් එකෙන් එකයි. නාලා ඉවර වුණාමයි දැක්කේ ඒ තරම් කොණ්ඩෙ මගේ ඔලුවෙන් යනවා කියලා” ඒ මලින්දි.

“ඔහොම ගියොත් තව ටික දවසකින් තට්ට මලින්දි බලා ගන්න පුළුවන් වේවි.” ඇගේ සමීපතම මිතුරිය විහිළු කරන්න ගත්තා.

“ඔයාට නම් විහිළු. මම ඉන්නේ හොඳටම බය වෙලා. මගේ කොණ්ඩෙ කොහොම හරි බලා ගන්න ඕන. ඩොක්ටර් කෙනෙක් හම්බ වෙලා හරියටම හේතුව හොයාගෙන බෙහෙත් කළොත් හොඳ කරගන්න පුළුවන් වේවි.”

“අනේ සොරි ඩාලින්... ඔව් ඒක හොඳයි. ඩොක්ටර් කෙනෙක්ට පුළුවන් හරියට ටී්‍රට්මන්ට් කරලා වැඩේ නතර කරලා දෙන්න. සැලොන් පස්සේ යන්න එපා. ඔයා ඉක්මනට ඩොක්ටර් කෙනෙක් මීට් වෙන්න.

ඔන්න එහෙම ප්‍රශ්න තියෙන අයට මේ ලිපිය ගොඩක් ප්‍රයෝජනවත් වේවි. කොණ්ඩය අකලට ගැලවෙන අයට ප්‍රතිකාර අවශ්‍ය බව මේ ලිපියෙන් ඔබට තේරුම් යාවි.

 

ඇයි අපේ කොණ්ඩය යන්නෙ....

ඕනෑම කෙනෙකුගේ කොණ්ඩය යන්න හේතු ගොඩක් සොයාගන්න පුළුවන්. ගසකින් කොළයක් වැටෙනවා වගේ, බල්ලන්ගෙ පූසන්ගේ ශරීරයෙන් ලෝම හැලෙනවා වගේ මනුෂ්‍යයන් වෙන අපෙත් හිසකෙස් ගැලවී යෑම සාමාන්‍ය දෙයක් වුණත් එය අසාමාන්‍යව සිදුවිමට විවිධ හේතු බලපාන්න පුළුවන්. සාමාන්‍යයෙන් දිනකට කෙස් ගස් 50-100 අතර කෙනෙකුගේ ගැලවී යන්න පුළුවන්.

ඒ වගේම පෝෂණ ඌණතා, මානසික ආතතිය, හිස් හොරි හෝ හිස් කබල ආශ්‍රිත චර්ම රෝග, අධික ලෙස නිදිවැරීම, හෝමෝන අසමතුලිතතා සහ වෙනත් රෝගවලට ලබා ගන්නා ඖෂධ ප්‍රතිකාර නිසාත් කොණ්ඩය අසාමාන්‍ය ලෙස ගැලවී යන්නට පුළුවන්.

ඔබ නොසිතුවට කොණ්ඩය වඩාත් තද කර බැදිම නිසත් :ඔර්ජඑසදබ ්කදචැජස්* කොණ්ඩය යන්න පුළුවන්. තවත් දෙයක් තමයි පිරිමින්ට මේල් පැටන් බෝල්නස් :ඵ්කැ ඡ්එඑැරබ ඉ්කාබැි* නිසාත් කොණ්ඩය ගැලවී යන්න පුළුවන්.

 

අපේ හිසකෙස් ගැලවිලා යන හරිම හේතුව සොයා ගන්නේ කොහොමද?

තම තමන්ගේ කොණ්ඩේ යන හරිම හේතුව හඳුනගන්න ක්‍රම කිහිපයක් තියෙනවා. පළමු දෙය තමයි කොණ්ඩය යන්නේ ඇයි කියලා සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් එක්ක කතා කරලා වෛද්‍ය උපදෙස් ලබා ගන්න එක. විශේෂයෙන්ම කරන ඉල්ලීම තමයි තමන්ට හිතෙන පළියට ෆාමසි එකෙන් බෙහෙත් අරගෙනවත්, ටී. වී. එකේ දැක්ක නිසා සහ ජනප්‍රිය චරිත පාවිච්චි කරන බව කියන නිසාවත් කොණ්ඩෙ යන එකට බෙහෙත් කරන්න යන්න එපා. හරිම හේතුව හඳුනා නොගෙන කරන ප්‍රතිකාරවලින් කොණ්ඩෙ යන එක තවත් වැඩි වෙන්නත් පුළුවන්. ලැබෙන වෛද්‍ය උපදෙස් මත හරිම හේතුව හඳුන ගන්න රුධිර පරීක්ෂණ (ඊකදදා එැිඑ*ල ටිෂූ මිනරල් ස්කෑන් :ඔසිමැ පසබැර්ක ීජ්බ* වැනි පරීක්ෂණ සිදුකරනවා. ඒ මගින් ඌණ විටමින් වර්ගය පවා හඳුනා ගන්න පුළුවන්. ඒ අනුව විටමින් ලබාදීම, අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලබාදෙනවා. හරිම හේතුව හොයාගෙන කරන ලබන ප්‍රතිකාරවලින් හොඳ ප්‍රතිඵල ලබා ගන්න තියෙන අවස්ථාව වැඩියි.

 

හේතුව හරියටම සොයාගත් පසු ප්‍රතිකාර කිරීම අත්‍යවශ්‍යමද?

ප්‍රතිකාර කරන්නම ඕනෙ නැති අවස්ථාත් තියෙනවා. රුධිර පරීක්ෂාවන් සහ ටිෂූ මිනරල් ස්කෑන් ආදී පරීක්ෂණ මගින් හරිම හේතුව හඳුනාගත් පසුව ශරීරයෙ තිබෙන පෝෂණ ඌණතා, විටමින් ඌණතා හෝ හෝමෝන අසමතුලිතතා හඳුනාගැනීමෙන් බොන සහ ගාන ඖෂධ ප්‍රතිකාරවලින් කොණ්ඩය ගැලවීයෑම වළක්වා ගන්න පුළුවන්.

නමුත් කොණ්ඩය සැලකිය යුතු ප්‍රමාණයක් දැනටමත් ගැලවී ගොස් තිබේ නම් අනෙක් කොණ්ඩ ගස්වලටත් හානි වීමට කලින් වෙනත් ප්‍රතිකාර අපි ආරම්භ කරනවා.

 

මොනවද ඒ ප්‍රතිකාර.....

වෛද්‍ය ප්‍රතිකාර සහ කොස්මැටික් ප්‍රතිකාර අද ලංකාවේ බොහොම දියුණු මට්ටමක තියෙනවා. මගේ ආයතනයේ මම විසන් හෙයාර් ග්රෝත් ලයින්ට් තෙරපි :්‍ය්සර ටරදඅඑය කසටයඑ එයැර්චහ*, ප්ලේට්වලට් රිච් ප්ලස්මා හෙවත් ඡඍඡ, ස්ටෙම් සෛල් ටි්‍රට්මන්ට් :ීඑැප ජැකක එරු්එපැබඑ*, සර්කියුලේෂන් බුස්ටින් :ක්‍සරජමක්එසදබ ඉදදිඑසබට*, කෙස් සිටුවීම හෙවත් හෙයාර් ට්‍රාන්ස්ප්ලාන්ට් :්‍ය්සර එර්බිචක්බඑ*, හිස්හොරි ප්‍රතිකාර :ෘ්බාරමff එරු්එපැබඑ* වැනි ඉතා සාර්ථක ප්‍රතිකර කරනු ලබනවා. මේ සියලු ප්‍රතිකාර දැන් ශ්‍රී ලංකාවේ තියෙනවා. අපි ඒවා සාර්ථකව රෝගීන් සඳහා යොදා ගනු ලබනවා.

 

මේ සියලු ප්‍රතිකාර ලබාගන්නා කාලය තුළදී පමණද ප්‍රතිඵල තියෙන්නේ.....

කොණ්ඩය හැලෙන හේතුව වෛද්‍ය විද්‍යාත්මකව සොයා ගත් පසුව ලබාදෙන ප්‍රතිකාර තුළින් සුවකර ගත් පසුව ගැටලුව නිරාකරණය වුවත් පෝෂණය ගැන සැලකිලිමත් විය යුතුයි. නමුත් කොණ්ඩය වඩවා ගත නොහැකි ආකාරයට ගිය කෙනෙකුට කොස්මැටික් ප්‍රතිකාර හෙවත් ස්කැල්ප් මයික්‍රො පිග්මන්ටේෂන් :ීජ්කච පසජරද චසටපැබඒඑසදබ* සහ හෙයාර් සිස්ටම් :්‍ය්සර ීහිඑැපි* මගින් අඩුපාඩු හදාගන්න පුළුවන්. සමහර අයගේ කොණ්ඩය වැවෙන්නෙම නැති තත්ත්වට පත්ව තිබෙන අවස්ථාවලදී මම මුලින් සඳහන් කළ කොස්මටික් ප්‍රතිකාර කරමින් දිගින් දිගටම කොණ්ඩය රැකබලා ගැනීම කරන්න වෙනවා.

 

කොස්මැටික් ප්‍රතිකාර පිළිබඳ
වෛද්‍ය ශානිකා අර්සකුලරත්න
ක්‍රිස්ටන් ස්කින් ක්ලිනික්, කොළඹ 04