Sunday, October 20, 2024
Follow Us
දෙතොල් වර්ණ ගැන්වීම

Makeup වලදි මම ආසම කොටස තමයි දෙතොල් වර්ණ ගැන්වීම. දෙතොල් වර්ණ ගන්වන ක්‍රම ඕනෑ තරම් තියෙනවා. තමන්ට ආවේනික ක්‍රම පවා තියෙනවා. මම හැම තිස්සෙම කියන දෙයක් තමයි මේකප්වලට නීති නෑ කියන එක. මුහුණක් කියන්නේ චිත්‍ර කොලයක් වගේ. ශිල්පියා හොඳ නම් ලස්සන චිත්‍රයක් මවන්න පුළුවන්.


ඉතින් දෙතොල් වර්ණ ගැන්වීම කියන කාරණාවේදී මම හුඟක්ම ආසම විදිහ තමයි දෙතොල් වටේ සුදුසු තද වර්ණයක් සමඟ (lip liners නොවේ.) දෙතොල් මැද්දට වෙන්නට ලා පැහැයක් ආලේප කිරීම. එය පෞද්ගලිකව මම මගේ දෙතොල් හැඩ කරගන්නා ආකාරය වගේම මගේ ලගට එන සේවාලාභියා වෙනුවෙන් පවා මම කරන ප්‍රියතම විදිහක්.
ඒකෙදි මට මතක් වෙන්නේ නෙළුම් මලේ පෙති. ඒ වගේම වර්ණ යෙදූ බුදු පිළිමවල තොල් හැඩ කර ඇති ආකාරය. තොල් ආලේපන කිහිපයක් පාවිච්චි කරමින් තමයි මම මේ වැඩේ කරන්නේ. අත්හදා බලන්න හරිම ලස්සනයි.
තොල් ආලේපන ගැන අපි කතා කරපු ලිපි තිබෙනවා. හොඳ තොල් ආලේපනයක් තෝරාගන්න විදිහ වගේම තවත් කරුණු අපි ඒ ලිපි වල සඳහන් කරලා තියෙනවා. හොයාගෙන කියවන්නකෝ ? link plz කියන්න එපා ඉතින් ?
පහල පින්තූරවල තරම් මම මැද හරිය ලා පාට කරන්නේ නෑ. කරන විදිය ගැන අදහසක් ගන්න විතරයි පින්තූර දාල තියෙන්නෙ.

(Beauty Secrets with Rapunzel)