Sunday, October 20, 2024
Follow Us
 Your attitude and the beauty

Pick Up Droopy Bra Straps


Attitudes එහෙමත් නැත්නම් ආකල්ප කොහොමද රූපලාවණ්‍ය ට බලපාන්නේ. එක එක්කෙනාගෙ ආකල්ප අනුව තමයි අපි සහසම්බන්ධතා ගොඩනගා ගන්නෙ. මගේ ආකල්පවලට පටහැනි ආකල්ප තියෙන කෙනෙක් එක්ක මට ගනුදෙනු කරන්න අමාරුයි. එහෙම වුණාම ඒ අයගෙන් ඈත් වෙලා ඉන්න අපි උත්සාහ කරනවා. රූපලාවන්‍ය කෙරෙහි අපේ කාන්තාවන් තුළ තියෙන ආකල්ප ප්‍රධාන වශයෙන් තියෙන්නේ සෘණ පැත්තට.
සැලෝන් යන අය දිහා ඉරිසියාවෙන් අවඥාවෙන් බැලීම, ඒවාට වියදම් කරන සල්ලි කොයිතරම් අපරාධයක්ද කියලා තැන තැන ක‍යිය ගැසීම, එහෙම ගිහිල්ලා සත්කාර කරගෙන ලස්සනට ඉන්න අයට කතා හැදීම, මනුස්සයාගේ සල්ලි නාස්ති කරනවා කියලා ගෙදර මනුස්සයාටත් වඩා අවට ඉන්න කාන්තාවන් දුකට පත් වීම. මම නම් ගෙදර pack හදලා ගාගන්නව ඒ ඇති, මොකටද සල්ලි නාස්ති කරන්නෙ කියලා තමන් වැඩ්ඩෙක් බව පෙන්වීම.
මේ ගෙදර දාන සෙල්ලම් සේරම ඇතිද? මේවා බොහෝවිට කරන්නේ වයසින් අඩු අය. (Teenagers ) ඒ වයසෙ අයගේ සමේ ප්‍රශ්න ඇති වෙන්නෙත් ඔය වගේ ලට පට ගෙදර කරන්න ගිහිල්ලාම තමයි. මොකද ඒ වයසෙදි අනවශ්‍ය විදිහට සත්කාර මුහුණට කල යුතු නැහැ. පිරිසිදුව තියාගෙන අව්වෙන් ආරක්ෂා කර ගත්තා නම් හොඳටම ඇති. වයසට යන්න යන්න නිසි විදියට සත්කාර කළේ නැත්නම් වයස්ගත පෙනුමක් මුහුණට, ඇඟේ සමට සහ මාංශපේශී වලට එන එක නවත්තගන්න අමාරු වෙනවා. අපිට බැහැ සදාකාලිකව තරුණ පෙනුමට ඉන්න. නමුත් අවුරුදු 50 දී අවුරුදු තිස්පහක හතලිහක පෙනුමට ඉන්න බැරි කමක් නෑ.
ඔයාට තියෙන්නේ සෘණාත්මක අදහස් නම්, ඔයා කියයි අනේ ඉතින් වයස පෙනුනම මොකද වයස මොකටද හංගන්නේ, එහෙම අයව මම දානවා අනුකම්පා ලිස්ට් එකට. අන්න ඒක තමයි ආකල්ප හදාගත යුතුයි කියන්නේ. ලස්සනට ඉන්නෙ නරක ගැහැණුද ..? රූපය නඩත්තු කරන්න වියදම් කරන්නේ නරක ගැහැණු ද ...? නැහැ හොඳ නරක දෙගොල්ලොම ඔය කොට්ඨාශ දෙකේම ඉන්නවා. රූපලාවණ්‍ය කරන්නේ නැති අයත් නරක් වෙන්න පුළුවන්.
කෙනෙක් දැක්කහම ඒ කෙනාගේ පෙනුමේ නරකක් කියන්න එපා. නරකක් දැක්කත් අහක බලාගන්න. වෘත්තීය රූපලාවණ්‍ය ශිල්පීන් හැටියට කෙනෙක්ගේ පෙනුමේ අඩුපාඩුවක් කාරුණිකව පෙන්වා දෙන්න අපට අයිතිය තියෙනවා. හැබැයි ඒක කියන්නේ ඒ කෙනාව තනි කරගෙන මිසක් අනිත් හැමෝටම ඇහෙන්න නෙමෙයි. අපි දන්න සාමාන්‍ය කියමනක්නෙ හැම ගැහැනියක්ම ලස්සනයි කියන එක. මට ඒක ඊට වඩා වෙනස් විදිහකට හිතෙනවා. ඒ තමයි හැම ගැහැනියකටම පුළුවන් ඇත්තටම ලස්සන වෙන්න.
දුක හිතෙන කතාව නම් මුලදී ලස්සනට හිටපු සමහර කාන්තාවන් පවා පසුකාලීනව ඒ ලස්සන නැති කරගන්න වැඩ සිද්ධ කර ගන්න එකයි. මිත්‍යා විශ්වාස ගොඩාක් ඔලුවෙ තියාගෙන තමන් වෙනුවෙන් කරන රූපලාවණ්‍ය, සෞඛ්‍ය සහ පෝෂණීය ආහාර පාලන කටයුතු සේරම පැත්තක දාලා ගෙවල් අස් කර කර විතරක් ඉන්න අය මම දැකලා තියෙනවා. ගේ ඇතුලට ගියාම ගේ පිළිවෙලයි ලස්සනයි. ඒත් ඒ ගෘහනියගේ කකුල් දෙක, මුහුණ අඟපසඟ ඒ විදියට පිළිවෙලට පිරිසිදුවට තියෙනවා ද?. බොහෝවිට නෑ. අරව ලස්සනට තියාගන්න පුදුමාකාර විදියට වෙහෙස වෙලා තමන්ට තමන්ව මගහැරිලා තියෙනවා බොහෝ තැන් වල. මේ link එකේ ලිපියත් කියවලා බලන්නකෝ.
https://m.facebook.com/groups/1976549422649790?view=permalink&id=2122129588091772
මට නැහැ ගේ අතිශය පිළිවෙලට තියාගැනීමේ උවමනාවක්. කවුරුහරි අමුත්තෙක් එනවා නම් ඔන්න ඒ ගැන හිතනවා. හැබැයි අපිරිසිදු නෑ. ඔය පිළිවෙල අමාරුව මටත් මුලින් තිබ්බ. මහ රෑ එක දෙක වෙලා හරි කුස්සිය අස් කරල පිළිවෙලට තියලා, ගෙවල් දූවිලි පොදක්වත් නැතිවෙන්න පිළිවෙලට තියලා නින්දට යන කාලයක් තිබුණා. එතකොට නිදාගන්න තියෙන කාලය හරිම අඩු වුණා. ආයෙ පහුවෙනිදත් ඒ routine එක ඒ විදිහටම.
ඔන්න එතකොට මා වෙනුවෙන් කාලයක් කැප කරන්න වෙලාව අහිමි වෙනවා. ඒ නැතත් අඩුම ගානේ චිත්‍රපටයක් බලන්න, සින්දුවක් අහන්න, තමන් එක්ක කතා කරන්න තියෙන වෙලාවක්වත් හොයාගන්න බැරි වෙනවා. ඇයි ඔයාලා ඔයාලත් එක්ක කතා කරලා නැද්ද ...? අහ්...කතා කරලා බලන්නකො ගොඩක් දේවල් කියයි ...?
ඉතින් අපි අපේ attitude එක එහෙම නැත්නම් ආකල්ප වෙනස් කර ගමුද?. පටන් ගමුද bra එකෙන්...?? ඒ කොහොමද ඒකෙන් පටන් ගන්නේ? සැලොන් එකට එන අයගේ මේ බ්‍රා ඇඳිල්ල දැක්කම දුක හිතෙනවා . පියයුරු තියෙන ඕනේ කොහෙවත්, තියෙන්නේ ඉල ඇට වලට හේතු වෙලා බඩ දිහා බලාගෙන. ඒක කොහේ තිබ්බත් මොකද කියල තමයි හිතාගෙන ඉන්නේ. හිතන්නෙ ලස්සනයි කියලා ද ?. නැහැ හරිම කැතයි. "ඔව්වා හිරකරගෙන ඉන්න බෑ අනේ..." ඕක තමයි ආකල්පය. "ගෙදරටත් bra ? ?? පිස්සුද අනේ ..." "නිදා ගන්නකොටත් අදින්න ඕනෙද.. අනේ ඒක මොන පිස්සුවක්ද ..." මම නම් දරුවා ලැබිලාත් පහු වෙනිදා ඉඳන්ම ඇන්දා. ඒක අපේ අම්මාගේ රත්තරන් වටින උපදෙසක්.
සාරි හැට්ටයක් මහන්න වුණත් මම උපදෙස් දෙන්නේ bra ලයින් එක ( on nipples ) මහන කෙනාට කියලා තියෙන මිම්මට වඩා අඟල් දෙක තුනක්වත් උස්සගන්න කියලා. මම මේ කියන්නේ කඩා වැටෙන පියයුරු තියන අයටයි. ඉතින් සාමාන්‍යයෙන් ඔයා බ්‍රා එකක් අඳිද්දි පියයුරු ඉවරවෙන තැන ඒ කියන්නෙ ඉල ඇට පටන් ගන්න තැන පියයුරු නිසා වැහෙන්න බෑ. එහෙම වැහෙනවා නම් ඔයා හරියට ඔයාගේ bra එකේ පටි සකසගෙන නැහැ. සමහරු ඒක කඩෙන් ගත්ත විදිහටම ඔහේ අදිනවා. කණ්ණාඩිය ඉස්සරහට ගිහිල්ලා ඔබේ nipples කෙලින් සිටින තෙක් පටිය සකසා ගත යුතුයි. අනිත් කාරණාව තමයි දෙකම එක ප්‍රමාණයට සකසා ගත යුතුයි ?. නැත්නම් එකක් මූණ දිහා බලාගෙන අනික බඩ දිහා බලාගෙන.
එක්තරා සමූහයක දවසක් දැක්කා breast pencil test එක කරල පියයුරු ඉවර වෙන තැනින් පැන්සල් කීයක් රඳවගන්න පුලුවන්ද කියලා අභියෝග කරනවා. මට ඒක දැකල හිනා ගියේ බ්‍රා එකක් අඳින්නෙ නැතිව නිදහස්ව තිබෙද්දී පියයුරු යටින් පැන්සල් තියන්න පුලුවන් කියන්නේ ඒ එල්ලා වැටුනු පියයුරු. එල්ලා වැටෙන ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න ඔයාට තියාගන්න පුළුවන් පැන්සල් ප්‍රමාණයත් වැඩි වෙනවා. ඉතින් පියයුරු යටින් පැන්සල් රඳවා ගැනීම හැකියාවක් හෝ සතුටක් නොවෙයි. එය එල්ලා වැටුනු පියයුරු ඔබට තිබෙන බව ඔබටම සොයාගැනිමට අවස්ථාවක්. ඒ වගේම එල්ලා වැටෙන පියයුරු සාර්ථකව ශල්‍යකර්ම මඟින් යථා තත්ත්වයට පත්කිරීමේ හැකියාව තිබෙන බවත් ඔබ දැන ගත යුතුයි. ලංකාවේ ඒ ශල්‍යකර්ම කරනවා.
ඉතින් bra එක නැතුව පැන්සල් කීයක් තියාගන්න පුළුවන් උනත්, අපි බ්‍රා එකක් අදින්න ඕනි ඒ යටින් එක පැන්සලක්වත් තියන්න බැරි වෙන්න. සමහරුන්ගෙ ඒක ඇන්ඳට පස්සත් යටින් පැන්සල් රඳවා ගන්න පුළුවන් වෙනවා. ඉතින් බුරුල් වෙච්ච ඔය පටි හරියට තද කරගන්න ගමන්, කඩා වැටිලා තියෙන උරහිස් දෙකත් කෙලින් කර ගමුද ?. ඒ කියන්නේ හිටගන්නකොට කෙළින් හිටගමු. මොකද ඔය පටි කොයිතරම් උස්සල තද කළත් හිටගන්න විදිහ වැරදි නම් කොච්චර එහෙම කලත් පලක් නැහැ . පහත පින්තුර වලින් ඔයාලට මේවා අවබෝධ කරගන්න පුළුවන් වෙයි යම් තරමකට.
කොහොමද හරියට හිටගන්න පුරුදු වෙන්නේ? බිත්තියකට පිට දීලා හේත්තු වෙලා කෙලින් හිටගෙන හිස, උරහිස (shoulder blades) සහ ඔයාගේ විළුඹ පිටුපස බිත්තියේ ගෑවෙන්න තියෙන්න ඕනේ, ඉන් පස්සේ ඒ හිටපු විදිහ වෙනස් කරන්නේ නැතුව ඉදිරියට පියවර කීපයක් ඇවිද ගෙන යන්න. ඔයාලටම තේරේවි මුලදී ඒක කොච්චර අමාරුද කියලා. හැබැයි පුරුදු වුනොත් ඔයා හොඳ ආත්ම විශ්වාසයක් තියෙන කෙනෙක් බවට පත් වේවි සමාජයේ හැසිරෙන විට. ඉතින් ඔයාලගේ අදහසුත් මේ ගැන දැනගන්න කැමතියි. ඒ වගේම අවසරයක් නැතිව මේ ලිපියේ කොටස් උපුටා ගැනීම තරයේ හෙලා දකිනවා.

(Beauty Secrets with Rapunzel)