Sunday, October 20, 2024
Follow Us
Foundation

❣️ Article 02 (Extra tips)


පසුගිය ලිපියෙන් අපි කතා කලානේ තමන්ට ගැලපෙන foundation එක තෝරගන්න විදිය. තවත් කරැණු කිහිපයක් ඉතිරි වුනා කියලා දෙන්න. අද එ් ගැන කතා කරමු.
? මේකප් එකක් දැමිමට ප්‍රථම ඔබ කල යුතු හා දැනගත යුතු අමතර දේ
• අැහිබැම සකසා තිබිය යුතුයි.
කොච්චර ලස්සනට මේකප් එකක් කලත් වැඩක් නැ අැහිබැමි දෙක යකා වගේ වැවිලනම්. කිසිම හැඩයක් නැතිනම්, Eyebrows ලස්සන කරන එකෙන් මුහුනට එන එලිය කියන්න බැරි තරම්. Eye makeup එකේ මගේ අාසම අංගය eyebrow එක. එවෙලෙට හදිස්සියෙ ගලවන්න තියන්න එපා. Eyebrow, upper lips එහෙම ගලවන අය කලින්ම එ්ව කරගන්න. ඔබ පුරැද්දක් විදියට full face threading කරන කෙනෙක් නම් එය මේකප් කිරිමට ද්න කිහිපයකට කලින් කර තබාගත්තට කමක් නැහැ. එහෙම නැතිනම් මේකප් කරන්න කලින් පලමු වතාවට full face threading කරන්න එපා. Threading එක නීට් එකට කලේ නැතිනම් foundation හා පවුඩර් කල සැනින් ඉතිරි වු රෝම ගස් පෙනවා. සමහර අයගේ threading කල පාරවල් පවා පේනවා. කරන කෙනාක් නම් වෙනදා වගේ පුරැදු තැනින් ලස්සනට කරගන්න. නැතිනම් අවශ්‍ය නැහැ. රෝම වැඩි ස්ථාන upper lips, sides වගේ කරන කෙනාක් නම් එ් ස්ථාන පමනක් කරගන්න. එහාම නැති අය eyebrow ගැන පමනක් වදවෙන්න. ?
• Cleanup එකක් කරගන්න.
මේක අනිවාර්යය දෙයක් නෙමේ. එ්ත් ඉතින් මාස ගනන් වලින් clean up කරපු නැති මූනු එනව වෙලාවකට. black head white head පිරිච්ච මුනකට නහය පොලොස් කට්ටක් වගේ වෙච්චි අයට foundation apply කරද්දි ලස්සන නැහැ. කලින් cleanup එකක් කරල සම පිරිසුදු කරල තියාගන්න. එතකොට හොද finishing එකක් ගන්න පුලුවන් foundation එකේදි.හැම වර්ගයකම සමක් අැති අය cleanup එකක් කරගත්තට කමක් නැ. සමට ගැලපෙන අයුරින් එහෙම කරල මේකප් කරල බලන්න වෙනදට වඩා මේකප් එක හොදින් මුහුනට අල්ලනවා නේද ක්යල. සම වියලෙන අයට වුනත් හොද ස්ක්‍රබ් එකක් කරල පෝෂනීය පැක් එකක් දාලා ගත්තම ස්කින් එක එලියයි. එහෙම මුනු වලට මේකප් දෙන්න අපිටත් අාස හිතෙනවා. සමහර අය හරිම උනන්දුයි වෙඩින් එකක් තියෙද්දි සැලොන් එකට එන්න බැරි වුනත් ගෙදර හරි අඩුම තරමෙ ස්ක්‍රබ් කරල පැක් එකක් දාලා ස්කින් එක ready කරල තියාගන්නවා.
• පිම්පල් අැත්නම්/තෙල් සහිත සමක් අැත්නම් අයිස් කියුබ් සත්කාරය කරන්න.
ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් ගමනක් යන්න තියෙද්දි එදාටම පිම්පල් එකක් මූනේ එනවා කියන එක. එ්කට ව්සදුමක් තමයි අයිස් කියුබ් සත්කාරය කරන්න. අනවශ්‍ය තෙල් ඉවත් වීමටත් හොදයි. තෙල් බේරෙනව කියල වදවෙන අයටත් මේක හොඳයි අැත්තටම. පිම්පල් එක ඉක්මනින් බහිනවා. තව පිම්පල් එක උඩට tooth paste ට්කක් තියන්න කියල කියනවා එහාම හදිසි අවස්ථාවක ඉක්මනින් පිම්පල් බහින තාවකාලික ප්‍රතිකාරයක් කියල. එ්කෙ ගුන දොස් මම දන්නෙ නැහැ අැත්තටම. අයිස් කියුබ් සත්කාරය කරන විදිය ගෘප් එකේ බලන්න සුරේඛා ඔයාලට කියල දීලා තියෙනව
• වියලි තොල් අැත්නම් එ් සදහා සත්කාර කරගන්න.
දැන් trend එක matte ලිප්ස්ටික්. Matte ගෑවම කොහොමත් ව්යලි ගතිය වැඩියි. ඉතින් තොල් වියලි කෙනාක් නම් ඔයාලට අපහසුතා අැති වෙන්න පුලුවන්. මේකප් එකක් කරගන්න තියෙන දවස් දෙකකට තුනකට වත් කලින් මේකට ප්‍රතිකාර කරගන්න. එ් ගැනත් ගෘප් එකේ කියල දීල තියෙනවා. හැමදාටම තොල් ව්යලෙන්නෙ නැතිව තියාගන්න පුලුවන් නම් හොදයි. එ් වුනාට මම දන්නවනෙ ගමනක් යන්න ඔ්න වුනාම විශේෂ අවස්ථාවක් එනකොටනෙ සේරම මතක් වෙන්නේ අපේ කස්ටියට ?. තොල් වල ව්යලි බව අඩු කරගත්තම ඔයාලට පහසුයි. ලිප් බාම් එකක්, වැස්ලීන් වැක්ස් එක, මී පැනි, ලිප් වෙනුවෙන් අැති පැක් එකක් එහාම දාලා ඉන්න. හොද ලිප් බාම් අනන් මනන් අහන්න එපා දැන් එ්ව අපි කල්න් කතා කලානේ ගෘප් එකේ සර්ච් කරන්න ඔ්න තරම් එයි.
• මේකප් එකකට සැලොන් එකට යන ව්ට කිසිම වෙනත් අාලේපනයක් මුහුනේ අාලේප කරන්න එපා.
ඔයාල තනියෙන් මේකප් දාගන්නකොට ඔයාලට පුරැදු දේවල් දාන එක ගැන නෙමේ කියන්නේ. එ්ක මට අදාල දෙයක් නොවේ. එ් ඔබට පුරුදු විදිය. සමහර අය එනව සැලොන් එකට වෙනද ගාන මොයිස්චරයිසර් එක ගාගෙන. Foundation එක අල්ලන්නේ නැ ඉතින්. අාපහු මූන හොදවල තමයි එතකොට ගාන්න වෙන්නේ. වැඩ දෙක තුන වෙනවා. එ් වැරදි වැඩ කරන්න එපා.
? හරියාකාරව මේකප් එකක් දැමීමෙන් පසු එය හොදින් තබා ගැනීම සදහා අනුගමනය කල යුතු අමතර දේ
• Setting spray / ultra hold spray glue පාවිච්චි කිරීම
අධිකව දහදිය දමන කෙනෙක් නම් දිගු වේලාවක් එකම මේකප් එකෙන් ඉන්න ඔ්න නම් මේ setting spray, පාවිච්චි කරන්න පුලුවන්. මේක උඩින් නැවත නැවත spray කර විටින් විට setting එක hold කරගන්නත් පුලුවන්. මේවා ගන්න හොඳ බ්‍රෑන්ඩ් නේ ඊලගට එන ප්‍රශ්නෙ. මේකප් හොදයි කියල දැම්ම brand වලම setting spray, ultra hold spray glue එනවා.
• දහදිය දැමීම හා facial tissue
ලංකාව සමකය අාසන්න රටක්. අපිට අව්ව, රස්නය වැඩියි. එ් වගේම අපේ රටේ අාර්ද්‍රතාවය වැඩි නිසා අපිට දහදිය දානවත් වැඩියි. ඉතින් මොන මොන සෙල්ලම් දාලා මේකප් දැම්මත් AC නැත්තම් දහදිය දාන එක වලක්වන්න බැහැ. එහෙම දහදිය දාන වෙලාවක පාවිච්චි කරන්න ඔ්න facial tissue එකක්. ලේන්සුවක් වත් paper serviette එකක් වත් නෙමේ. Smooth facial tisse එකක්.මේකප් කල පසු ලග අනිවාර්යයෙන්ම තිබ්ය යුතු දෙයක් මේ. මගෙ ලගට එන අය ලග නැතිනම් මම අහල 2ක් 3ක් දීල යවනව මට මතක් වුනොත්. ඔයාල මතක් කරල ලග තියාගන්න. එ්කෙන් දහදිය රැදෙන තැන් touch කරන්න දහදිය tissue එකට උරාගන්න විදියට .නමුත් කවදාවත්, කොයි වෙලාවක වත් පිහදාන්න යන්න එපා. නැවත AC එකට ගියාම මේකප් එක මුහුනට fit වෙනවා. අවශ්‍ය නම් එවෙලෙට නැවත setting spray කරගන්න පුලුවන්. නමුත් පිහදැමිමෙන් එතන foundation ඉවත් වෙන්න පුලුවන් පාවිච්චි කරන foundation වර්ගය හා ප්‍රමාණය අනුව. විශේෂයෙන් foundation cream හා stick foundation වල. මේකප් එක AC room එකක් අැතුලේ කිරිමත් හැකි සෑම ව්ටම AC අැති තැන්වල සිටීමත් මගින් දහදිය එන තෙල් එන ප්‍රශ්නය විසදාගන්න පුලුවන.ලංකාවනේ වෙන ව්කල්ප නෑ. ඔ්ක තමයි අැත්ත. එ් තත්වෙ දන්නෙ හොදට දහදිය දමන අය ව්තරය ?
• අැගිලි වලින් අත් වලින් මුහුන ස්පර්ශ කරන්න එපා.
ගොඩක් අයට තියෙන කැත පුරුද්දක් තමයි නිකම් ඉන්න ගමන් මුහුන අල්ලන එක අතගාන එක. කලින් මම ඔ්ක නිසා අැති අවාසි ගැන ලිපියකුත් පල කලා. ඉතින් foundation දැම්මම මතක නැ එහාම අයට පුරැද්දට මූනට අත යනවා.. එ්ක කරන්න එපා. සමහර foundation වර්ග පලුදු විමට ඉඩ තියෙනවා.
• දුර ගමනක් යනවනම් cosmetics powder එකක් හා brush එකක් රැගෙන යන්න.
ඔයාල මේකප් එකක් දාගෙන ගොඩක් දුර ගමනක් යනවනම් දවසම වගේ ඉන්නවනම් extra tip එකක් ව්දියට ඔයාල පාවිච්චි කරන cosmetics powder එකක් powder brush එකක් බැග් එකේ දාගෙන යන්න. දහදිය තෙල් මතුවුනොත් tissue එකකින් touch කරල powder ට්කක් දාගන්න උඩින්. ලිප්ස්ටික් වුනත් ගෙනියන්න පුලුවන්නේ. Matte එක නෙමේ නම් gloss නම් සාමාන්‍යයෙන් තියාගන්න පුලුවන් කාලය අඩුයි. Matte එ්ව නම් හෝදල අයින් කරනකම්ම තියෙනවනේ. Gloss ලිප්ස්ටික් එකක් පාවිච්චි කරනවනම් එ්ක ගෙනියන්න. අතරමගදි ඔ්න වුනොත් ගාගන්න.
සාමාන්‍යයෙන් හොද brand එකකින් සමට ගැලපෙන foundation එකක් නිවැරදිව අාලේප කිරිමෙන් අැත්තටම දක්ෂ makeup artist කෙනෙක් ලෙන් කරගන්න makeup එකක් කවදාවත් එහෙම crack වෙන්නේ දිය වෙන්නේ නැහැ. මම ඉහත කාරණා ගැන කිව්වේ ඔබ තනිවම makeup කරලන්න අවස්ථාවලදි ඔබේ පහසුවට ඔබව දැනුවත් විමටයි.
? නිවැරදිව මේකප් එකක් remove කරන අාකාරය
(foundation පමනක් නොව සම්පූර්ණ මේකප් සදහා අදාලයි)
• Makeup remover ඔ්නෑම coverage එකක් කල foundation එකක් ඉවත් කරගන්න පුලුවන් එ් වගේම අයි මේකප් ඉවත් කරගන්න පුලුවන්. Makeup remover එකෙන් මේකප් ඉවත් කරන්නේ සාමාන්‍යයෙන් පුලුන් කැල්ලකට ගෙන ලිප්ස්, අැස් උඩ අැස් යට, පිස දමා ඉන් පසු මුහුනේ Foundation පිසදමා ඉවත් කල හැකියි. ඉන්පස් සාමාන්‍ය පරිදි හොදින් මුහුණ පිරිසිදු වන තෙක් පාවිච්චි කරන cleanser එකක් හෝ soap එකකින් පිරිසිදු කරගන්න. Makeup remover තියෙනවා makeup brand වලින්ම අරගන්න. මම සාමාන්‍යයෙන් මගේ සමට makeup remover පාවිච්චි කරන්නේ නැහැ. Makeup removing wet wipes ත් තියෙනවා. මම නම් පාවිච්චි කරන්නේ නැ. හැබැයි හදිසි අවස්ථාවකදී මගකදි නම් එ් වගේ දෙයක් ලග තියෙන එක වටිනවා හදිස්සියකදි මේකප් එක ඉවත් කරගන්න.
• soap සබන් පාවිච්චි කරල මේකප් ඉතා පහසුවෙන් යවන්න පුලුවන්. තෙල් සහිත මුහුනක් නම් සබන් මුහුනට හුරුයි නම් බය නොවි තුන් පාරක් ව්තර සබන් ගාලා සෝදල යවන්න. මේ ක්‍රමය මම හදිස්සි වෙලාවට කරනවා. ඔ්නම coverage එකක මේකප් එකක් පුලුවන්. Water proof අයි ලයිනර්, මස්කාරා, කජාල්, matte ලිප්ස්ටික් වැනි දේ නම් ටිකක් ඉතිරි වෙනවා.
• facewash ලොකු පිරිසිදු කිරීමක් වෙන්නේ නැ. Light coverage එකක් කල foundation එකක් යවාගන්න පුලුවන් දෙතුන් වතාවක් දැමීමෙන්. මම මේක නම් අනුගමනය කරන් නැ.
• cleanser / cleansing cream සෑහීමකට පත්වෙන්න පුලුවන් පිරිසුදු කිරිමක් වෙනවා. දෙතුන් වතාවක් cleansing cream පාවිච්චි කිරීමෙන් Foundation අැතුලු water proof අයි ලයිනර් මස්කාරා, කජාල්, මැට් ලිප්ස්ටික් ඉවත් කල හැකියි. පුලුන් කැල්ලක cleansing cream තවරා අැස් යට, අැස් පියන් උඩ, තොල් වල අැතිල්ලිම තුලින් හොදින් එ්ව ඉවත් කරගත හැකියි.
• Oil - මේක තමයි හොදම අයි මේකප්, matte ලිප්ස්ටික් ඉවත් කරගන්න. Water proof අාලේපන oil වලට හොදින් ඉවත් වෙනවා. මේ සදහා බේබ් ඔවිල් එකක් වුනත්, olive oil වුනත්, පොල් තෙල් වුනත් කමක් නැහැ. පුලුන් කෑල්ලකට ගෙන ලිප්ස් සහ අැස් පියන් මත, අැස් පිහාටු, අැස් යට හොදින් පිසදමන්න. මේකප් ඉක්මනින් ඉවත් වෙනවා. ඊට පසු ඉහත ඔ්නැම දෙයක් හෝ කිහිපයක් පාවිච්චි කරලා හොදින් මුහුන පිරිසිදු කරගන්න. මට මතක විදියට සොයුරියක් පොස්ට් එකක් දාලා තිබ්බ එයා මේකප් remove කරගන්න oil පාවිච්චි කරන ව්දිය. කොට්න් pads (eye pads) අරගෙන රවුම් බදුනකට දාලා එ්ක යන්තම් පෙගෙන්න ඔයිල් දාලා වහල තියනවා. දිනපතා අාවම මේකප් එක remove කරගන්න එ්කෙන් කිහිපයක් පාවිච්චි කරනවා. අැත්තටම එ්ක හරි ලේසියි හැමදාම ඔයිල් බෝතල් පුලුන් කෑලි හොයනවට වඩා එ් පොස්ට් එක හොයල බලන්න එ්ක. Makeup remove කියල ගැහුවම එයි.
• සාමාන්‍යයෙන් pimple එන අය, මුහුනේ pores තියෙන අය oily skin අය heavy coverage එකකින් පසුව මුහුන ඉහත අාකාරයාන් පිරිසිදු කර පසුව මුහුනට නැවත cleanup එකක් කරගැනිම නැතිනම් නිවසේදි scrub එකක් කරගැනිම මගින් සම ඉතාම හොදින් පිරිසිදු කරගන්න පුලුවන්. මේකප් එකට කලිනුත් ස්ක්‍රබ් කලා නම් කරන නොකරන එක අවශ්‍යතාව මත. තිරනය කරන්න පුලුවන්. Smooth exfoliation scrub එකක් පාවිච්චි කරන්නත් පුලුවන් එහෙම අයට. පසුව වෙනදා පාවිච්චි කරන face pack එක දැමීම, ice cube treatment එකක් කරන එක සුදුසුයි. එ්මගින් කුරැලෑ එ්මට තිබෙන සම්භාව්තාව අඩුයි. අඩුයි නෙමේ අැත්තටම එන්නේ නැති තරම්.
මේ මාතෘකා දෙක ඊලග ලිපියෙන් ලස්සනට කියල දෙන්නම්. ❤️❤️
? මුහුනේ හැඩය අනුව මේකප් කරන අාකාරය
? Contour & highlights
තුන්වන කොටස
https://m.facebook.com/groups/1976549422649790?view=permalink&id=2118985678406163
=============================
✍️ Dilakshi Perera

(Beauty Secrets with Rapunzel)