Sunday, October 20, 2024
Follow Us
HOW TO CARE A CHEMICAL TREATED HAIR

? රසායන ද්‍රව්‍ය යොදා සකස් කළ කොණ්ඩයක් පරිස්සම් කරගන්නෙ කොහොමද කියලා අපි අද කතා කරමු.


?මේ කියන කාරණා rebounding කරපු කොන්ඩෙකට අදාළව මම ප්‍රකාශ කළත් perm කරපු කොන්ඩයකට සහ colour කරපු කොණ්ඩ වලටත් මේ සත්කාර අදාළයි.
? Rebounding සහ perming කරපු කොන්ඩෙ අපි දවස් තුනක් ( 72 hours )පහු වෙන තෙක් shampoo යොදා හෝදන්නේ නැති උනත් පාට යෙදූ කොන්ඩ උපරිම විනාඩි 45 ක් ඇතුලත හොඳින් සෝදා ඉවත් කළ යුතු මයි. Scalp එකේ පාට ගෑවුනා නම්......ඉන් පසු දිනපතා එක දිගට සෝදන වාර තුනක් කිරීම සෞඛ්‍යයට හිතකරයි.
?මොකද සුදු කෙස් කළු කිරීමේ දී අපට සිද්ධ වෙනවා මේ වර්ණකාරක ක්‍රීම් එක හිසේ සමේ ගාවන්නත්. ඒ නිසා හිසේ සම එක දිගට දවස් තුනක්වත් පිරිසිදු කර ගත යුතුමයි. සුදු කෙස් මුල සිටම පාට ගාලා කළු කර ගත යුතු නිසා ගාන්න සිද්ධ වෙනවා මිසක් එසේ නැතිනම් හිසේ සම මත එම වර්ණ ආලේප ගැල්වීම සුදුසු නැහැ.ඒවා හදලා තියෙන්නේ කොන්ඩෙට මිසක් සමට නෙමෙයි.
? rebounding කල කොණ්ඩයක් නිෂ්පාදක උපදෙස් අනුව දවස් තුනක් යනකල් හෝදන්නේ නැහැනේ. කොහොම වුණත් ඔයා සැලුන් එකේ අන්තිම සේදීමෙන් පස්සේ ඒ කොණ්ඩෙට කරන්න ඕන දේවල් කරලා ඉවරයි. ආයෙත් එකේ වෙනස් වෙන්න දෙයක් නැහැ. සමහරු හිතනවා දවස් තුනකින් පස්සේ තමයි process එක හරියන්නේ කියලා. එහෙම නැහැ, ඔයා සැලොන් එකෙන් එනකොටම වෙන්න ඕනේ දේ වෙලා ඉවරයි. මොකද දවස් 3කින් පස්සේ කොණ්ඩය කෙළින් වීම සඳහා අපට කරන්න දේවල් ඉතුරු වෙලා නැහැ.
? rebounding එකකින් පැය 72 කට පසු හොඳින් shampoo දමා හිසකෙස් සහ හිසේ සම සෝදා හිසකෙස් අනිවාර්යෙන්ම ඉතා හොඳින් හැම කෙස්ගසටම වැදෙන සේ conditioner යෙදිය යුතුයි. මෙහිදී deep conditioner එකක් පාවිච්චි කිරීම සුදුසුයි. නිෂ්පාදනයේ සඳහන් කරලා තියෙන කාලය තියලා ඉතා හොඳින් සෝදලා හරින්න ඕනේ මේ conditioner එක.
? දිනපතා නෑමෙන් හිසකෙස් ගැලවී යාම අවම කර ගත හැකියි . හැබැයි හොදින් මතක තබා ගන්න ඉන්පසු කොන්ඩයට ෂැම්පු නොයෙදිය යුතු බව. මා මීට කලින් සදහන් කල පරිදි ෂැම්පු යොදා හිස පිරිසිදු කර ගන්න. conditioner කිරීම අනිවාර්ය වන අතර ඔබේ conditioner බෝතලය ඉවර නම් නාන්නත් එපා. how to use shampoo and conditioner පෝස්ට් එක බලන්න.
?තවත් වැදගත් කරුණක් නම් shampoo යොදන විට කෙලින්ම හිස මතට නොයොදා ඒවායේ පෙන ඇඟිලි තුඩුවලින් ගෙන හිසේ සම මත ආලේප කිරීමයි. හිසකෙස් සේදීම සඳහා ඇල් වතුර පාවිච්චි කිරීම වඩා සුදුසුය.
?Drier එක භාවිතා කර කොණ්ඩේ වියලනවා නම් drier එක ඈතින් තියා අල්ලන්න. අධික රස්නය නැවත නැවත යෙදවීම මේ හිසකෙස් වලට සුදුසු නැහැ . වඩා හොඳයි drier එකේ cool option එක යොදා පාවිච්චි කරනවා නම්. නැවත නැවත iron කිරීමත් සුදුසු නැහැ. අව්වේ යන්නට සිදු වෙනවා නම් හිරු එළියෙන් කොණ්ඩය ආරක්ෂා කරගැනීම සඳහා කුඩයක්, තොප්පියක් හෝ scarf එකක් පාවිච්චි කරන්න.
?පිහිනුම් තටාක පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන් හිස ආවරණය කර ගන්න. එහි ඇති ක්ලෝරීන් අධි සාන්ද්‍රනය ඔබේ හිසකෙස් පලුදු කරයි. මුහුදු වතුරත් හිසකෙස් වලට අහිතකරයි. Perming hair ලිපිය කියවන්න.
?shampoo conditioner යොදා සෝදා ගත් හිසකෙස් වලට වේළුණු පසු leave on conditioner එකක් පාවිච්චිය ඉතාමත් සුදුසු වන අතර එමඟින් හිසකෙස් වඩාත් ආරක්ෂා වේ.
? rebounding කල පසු පැය 72 ක් ගතවන තෙක් කොණ්ඩය ගැට ගැසීම, තෙමීම, ගෙතීම, කන පිටුපසට දමා හිර කිරීම, කොණ්ඩා කටු ගැසීම සුදුසු නැත. (මේවා නිෂ්පාදන වල සඳහන් උපදෙස් වේ).
?හිසකෙස් පීරීම සදහා ස්වභාවික කෙඳි සහිත පනාවක් සුදුසුවන අතර perm කල කොණ්ඩයක් නම් හිසකෙස් පීරන්නේ නැත. එය අතින් ම සකසා ගෙන අනිවාර්යෙන්ම mousse එකක් හෝ leave on conditioner එකක් දැමිය යුතුමය. perm කල කොණ්ඩයක් drier එක භාවිතා කර වියලීමේදී hair diffuser එකක් පාවිච්චි කරන්න .
?දින තුනේ සේදීමෙන් පසු ඔබට අවශ්‍ය නම් වර්ණ ගැන්වීම කළ හැකි නමුත් ඔබ සිහි තබාගත යුතු කරුණක් වන්නේ එයින් හිසකෙස් තව තවත් පලුදුවෙන බවයි. පලුදු වූ හිසකෙසක් නැවත යථා තත්ත්වයට ගත නොහැකි අතර අපට කළ හැකි වන්නේ තාවකාලිකව එය මනා තත්ත්වයෙන් පවත්වා ගැනීම සඳහා බාහිර ආලේපන වන conditioner ,hair masks වැනි දේ පාවිච්චි කිරීම පමණයි. ඒවා නැවත සෝදන්න සෝදන්න යෙදිය යුතු ය. ස්ථිර විසඳුමක් හැටියට keratin සත්කාරය කළ හැකියි.
? කොන්ඩය වැස්සට තෙමීම සුදුසු නැත. වැසි ජලයේ නොයෙකුත් ඛනිජ ලවණ සහ කුණු දූවිලි තිබෙන බැවින් ඒවායෙන් ඔබගේ රසායන ද්‍රව්‍ය යෙදූ කොණ්ඩයට හානි වනු ඇත . වැස්සේ තෙමුණු විගස පිරිසිදු ජලයෙන් හිසකෙස් සෝදා ගැනීමට වග බලා ගන්න.
? rebounding කරපු කෙනෙක් නම් කැමති නැහැ මම දන්න තරමට කොණ්ඩය ඉක්මනට අලුතෙන් වැවෙනවාට. කොහොම වුනත් ඔබට ඉක්මනින් කොණ්ඩය වවා ගැනීමට අවශ්‍ය නම් සතියට දෙවතාවක් මා කලින් සඳහන් කරපු තෙල් සාත්තුව කර දිනපතා ලී පනාවකින් පීරා හිසේ සම උත්තේජනය කර ගැනීමෙන් ප්‍රතිඵල ඉක්මන් කරගත හැකියි. කෙස් වල තෙල් තවරන්නේ නැති වෙන්න වග බලා ගන්න. තෙල් පාවිච්චි කරන්නේ නැති නම් වඩා හොඳයි.
?මාස 4කට වරක් අගලක් බැගින් කොණ්ඩය කප්පාදු කර ගන්න. දැන් ඔබ හොඳින් හොඳින් දන්නා පරිදි අපේ කොණ්ඩය මාසෙකට සෙන්ටිමීටර් එකක් වැවෙනවා. ඒ කියන්නේ මාස හතරකට සෙන්ටි මීටර් හතරක්. මාස 4කට වරක් අඟලක් අඩු කිරීමෙන් ඔබට පාඩුවක් සිදු වන්නේ නැහැ. කාලයක් තිස්සේ පීරිමෙන් සහ රසායන ද්‍රව්‍ය යෙදීමෙන් පලුදු වූ කොණ්ඩය මෙසේ කපා ඉවත් කිරීමෙන් ඔබේ කොණ්ඩය මුල සිට අගටම එක ප්‍රමාණයෙන් යුතුව පවත්වා ගත හැකියි. මේ කප්පාදුව කොන්ඩය වැවීමට බලපෑමක් කරන්නේ නැහැ

(Beauty Secrets with Rapunzel)