Sunday, October 20, 2024
Follow Us
ICE CUBE TREATMENT  AND BENIFITS

♻️පසුගිය ලිපියෙන් මම තෙල් සහිත සම ගැන සහ එය රැක බලාගන්නෙ කොහොමද කියලා කතා කළා. එතනදි මම සඳහන් කළා අයිස් කැට ප්‍රතිකාරය ගැන. හුගක් අය මේ ප්‍රතිකාරය කරන හැටි දන්නවා. නමුත් නොදන්න අයත් හිටියා සහ ඒකෙන් ලැබෙන වාසි මොනවද කියලත් අහල තිබුනා.


♻️ ඉතින් මට හිතුනා අද නිවැරදිව ice cube ප්‍රතිකාරය කරන්නේ කොහොමද සහ ඒකෙන් ඔබේ සමට අත්වෙන වාසි මොනවද කියලා සඳහන් කරන්න.
♻️කාන්තාවන් වන අපි හරිම කැමතියි අපේ සම ලස්සනට සිනිදුවට, පැහැපත්ව ප්‍රශ්න නැති සමක් හැටියට තියාගන්න. ඇත්තටම ඒ සඳහා අපි ඇපකැප වෙන්න ඕනේ. හැකියාවක් තියෙනවනම් මුදල් වියදම් කරලා මාසෙකට සැරයක් රූපලාවණ්‍යාගාරයකින් සාත්තුවක් කර ගැනීම ඉතාමත් සුදුසුයි විශේෂයෙන් වයස වැඩි වෙද්දි.
♻️හොඳින් වතුර පානය කිරීම, සමබල ආහාර වේලක් ගැනීම සමඟම හොඳ, තත්වයෙන් උසස් ආලේපන වර්ගවලින් හොඳින් ප්‍රශ්න නැතිව සම පවත්වා ගැනීමට ලැබෙන්නේ ලොකු පිටිවහලක්.
♻️නමුත් හැමෝගෙම ආර්ථික මට්ටම එක සමාන නැහැ. සමහර අයට මුදල් තියෙනවා කාලය නෑ. ගොඩක් අයට දැනුම නෑ මොනවද නිවැරදිව කල යුතු කියලා. රූපලාවන්‍ය සඳහා වියදම් කළ නොහැකි කාන්තාවන් අප අතර ඕනෑ තරම් ඉන්නවා. ඒ අය මේ දේවල් කරන්න අකමැති නැහැ නමුත් වියදම් කරන්න සල්ලි නැහැ. එහෙම අයට තමයි ගෙදර දී කරන සත්කාර ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නෙ.
♻️ ඉතින් ඕනෑම සමක් සදහා සුදුසු හොදම හොද ප්‍රතිකාරයක් තමයි මේ අයිස් කැට ප්‍රතිකාරය. ඒ අතරින් මෙය තෙල් සහිත සමට මහත් වාසි අත් කර දෙනවා. සමේ තෙල් ගතිය මෙමඟින් මනා ලෙස පාලනය වෙනවා. තෙල් වල ක්‍රියාකාරිත්වය අවම කරනවා.
✔️ අයිස් කැට කිහිපයක් ගෙන කපු රෙදි කැබැල්ලක ඔතා මිනිත්තු 15-20 ක් රවුම් ආකාරයෙන් මුහුණ සම්බාහනය කරන්න. නිකම්ම අයිස් කැට සම මත තැබීම හිතකර නෑ . සියුම් කේශ නාලිකාවලට හානි වෙන්න පුළුවන්.
♻️ කුරුලෑ වැනි ප්‍රශ්න තිබෙන සමකට මෙය දිනකට දෙවරක් කිරීමෙන් ඉතාමත් හොඳ ප්‍රතිඵල අත්කරගත හැකියි. මෙමගින් කුරුලෑ නිසා ඇතිවුණු ඉදිමිම අඩු කරලා කුරුලෑ නැති කිරීමට සමත් වෙනවා. අවශ්‍යතාවය අනුව කාලපරාසය වෙනස් කරගන්න පුළුවන්.
♻️දෙහි යුෂ කලවම් කර අයිස් කැට සාදාගෙන සම්බාහනය කළ විට සම පැහැපත් වෙනවා. රසායන ද්‍රව්‍ය අඩංගු ක්‍රීම් වර්ග පාවිච්චි කර අමාරුවේ වැටෙනවාට වඩා මෙය ඉතාමත් ආරක්ෂාකාරී වගේම ප්‍රතිඵලදායකයි. සම පැහැපත් වීමට ස්ට්‍රෝබෙරි , පිපිඤ්ඤා, අර්තාපල් ආදී යුෂවලින් ice cube සාදාගෙන පාවිච්චි කල විට ඉතා ඉක්මනින් සම පැහැපත් වේ.
♻️ එමෙන්ම එමගින් කුරුලෑ නිසා හට ගත් පැල්ලම් ඉවත් වී යනවා. ඔබට ලප නැති පැහැපත් සමක් ලබා ගැනීමට මෙය ඉතාමත් ආරක්ෂාකාරී පියවරක්.
♻️ විශේෂයෙන් තෙල් සහිත සමකට අදාළ ප්‍රශ්නයක් තමයි ඕනාවට වඩා විවෘත වූ මුහුණෙහි සමේ සිදුරු. මේවා දොඩම් ලෙල්ලක ආකාරයෙන් දිස් වෙනවා. ඕනෑවට වඩා විවෘත වූ සිදුරු වලට හේතු කීපයක් තියෙනවා .
✴️ නෑමට හෝ මුහුණ සේදීමට උණුවතුර
පාවිච්චිය.
✴️ නිතරම උණුසුම් හුමාලය මුහුණට ඇල්ලීම
(steaming )
✴️ Deep cleanser භාවිතා කල පසු toner
භාවිතා නොකිරීම .
✴️ අධික තෙල් සහිත සම නිසි ලෙස නඩත්තු
නොකිරීම.
✴️ නොගැළපෙන, ප්‍රමිතියෙන් තොර ආලේපන
භාවිතය.
♻️මේ සඳහා දිනකට දෙවරක් මෙම අයිස් කැට සත්කාරය කිරීම ඉතාමත් ප්‍රතිඵල දායකයි. මෙය අනිවාර්යයෙන් ප්‍රතිකාර කළ යුතු තත්ත්වයකි.
♻️ තෙල් සහිත සමක foundation ගැල්වීට පෙර මෙම ප්‍රතිකාරය කල විට වැඩි වේලාවක් හොඳ තත්වයෙන් foundation රඳවා ගත හැක.
♻️ ඇස් වටා ඇති අඳුරු පැහැයට විසඳුමක් ලෙස රෝස වතුර සමඟ පිපිඤ්ඤා යුෂ මිශ්‍ර කර සාදාගත් අයිස් කැට පාවිච්චි කර සම්බාහනය කරන්න.
♻️ අයිස් කැට සත්කාරය නිසා ලේ ගමනාගමනයට උත්තේජනක් ලැබී මුහුණේ සමට සම්බන්ධ කොලැජන් වල ක්‍රියාකාරිත්වය වැඩි කිරීමට උදව්වක් ලබා දෙන නිසා සම රැලි වැටීම ප්‍රමාද කරවයි.
♻️ හිරු කිරණ නිසා සමේ ඇතිවෙන කැසීම් සහ දද වැනි තත්ත්වන් සමනය කරයි. හිරු කිරණ නිසා පිළිස්සුනු සමට ඉතාමත් හොඳ ප්‍රතිකාරයකි.
♻️ මෙම සත්කාරයේදී ඔබේ තොල් මගහරින්න එපා. තොල් වල පැහැය ලස්සන කිරීමට එය උදව් වේ.
♻️ දීර්ඝකාලීනව ice cube treatment කිරීමෙන් මුහුණේ රෝම වල වර්ධනය අඩාල වීමට හේතුවක් බවත් සඳහන් වෙන නමුත් ඒ ගැන අත්දැකීමක් නෑ .

(Beauty Secrets with Rapunzel)