Sunday, October 20, 2024
Follow Us
Collagen  And  Elastin

⚜️ඕනෙම වැඩිහිටි වයසේ කෙනෙක් මේ වචන අහල ඇති. විශේෂයෙන් කාන්තාවන්. කාන්තා පාර්ශවය මේ මාතෘකා ගැන හරිම උනන්දුයි. මේ වචන ඇහෙනවා නම් තමයි.... ඒත් මොකක්ද මේ.... මොනවට ද පාවිච්චි කරන්නේ කියලා හුඟක් අයට අවබෝධයක් නැහැ. ඉතින් ඒ නිසා අපි අද බලමු මොනවද මේ කොලජන්.... ඉලාස්ටින් ?


⚜️අපි වයසට යන්න බය නෑ මොකද බය වෙලා වැඩක් නෑ නේ.. උපන්දා සිටම අපි කරන්නේ වයසට යන එක තමයි. හැබැයි වයසට යන්න බය නැති උනාට අපි බය එක දෙයක් තියෙනවා ....අපි කිව්වට මම හිතන්නේ වැඩිපුරම කාන්තා පාර්ශවය මේකට බයයි. ඒ තමයි වයස්ගත පෙනුම. වයසට ගියාට කමක් නැහැ හැබැයි වයස පේනවා ට කිසිම කාන්තාවක් කැමති නෑ. එහෙම කැමතියි කියනවා නම් ඒ කියන්නේ කරගන්න දෙයක් නැති කමටයි කියලයි මම හිතන්නේ.
⚜️සමහර අයට ජීවිතයේ ලැබෙන දේ බාරගෙන කටවහගෙන ඉන්න සිද්ධ වෙලා තියෙනවා. එතනදී අනේ මට නම් මේ වයසක පෙනුම කමක් නෑ කවුරු බලන්නද කියල කිව්වට මොකද.... ඒක කටින් විතරක් පිට වෙන වචන විතරයි. හිතේ තියෙන්නෙ අනේ මටත් තරුණ පෙනුමට ඉන්න තිබ්බා නම් කියන සිතිවිල්ලයි.
⚜️ඉතින් අපි මෙච්චර ආස කරන ඒ තරුණ පෙනුම රැක දෙන්නේ අපේ සිරුරේ වැඩිපුරම තියෙන මෙන්න මේ කොලජන් කියන ප්‍රෝටීනයයි. රූපලාවන්‍ය හා සම්බන්ධ කාරණයේදී සමේ සහ මාංශපේශී වල තදගතිය ශක්තිමත් බව සහ ඇදෙන සුළු බවට උපකාරී වෙන ඉලාස්ටින් වල ක්‍රියාකාරීත්වයට බලපාන ප්‍රධානම පෝෂක කොටස මෙයයි. කොටින්ම අපේ සමේ 80%ක්ම තිබෙන්නේ මෙන්න මේ කොලජන්.
⚜️ප්‍රශ්නය තියෙන්නේ අපි වයස් ගත වෙනවාත් සමගම මෙම කොලජන් තට්ටුවේ ක්‍රියාකාරිත්වය අඩපණ වීමයි. ඒ අඩපණ සහ අක්‍රීය උනහම තමයි අපේ සම රැලි වැටිලා, එල්ලා වැටිලා මහළු පෙනුමක් ඇති වෙන්නෙ. එතකොට ඉලාස්ටින් වල ක්‍රියාකාරිත්වය නැවතිලා සමේ ඇදෙන සුළු බව, ඒ කියන්නේ ඔයාගේ සමේ කොතනින් හරි ඇද්දාම ඒ ඇද්ද සම ක්ෂණිකව නැවත යථා තත්ත්වයට පත්වීමට ඇති හැකියාව නැති වෙනවා. ඉලාස්ටින් වල තත්ත්වය යහපත් නම් හම එහෙම අදින්නත් අමාරුයි. ඇද්දත් නැවත ක්ෂණිකව යථා තත්ත්වයට පත් වෙනව. ඒ යථා තත්ත්වයට පත් වීමට යම් කාලයක් ගන්නවා නම්.. ඔබේ සමේ ඇදෙන සුළු බව අඩපණ වෙලා. අන්න එතකොට අපේ පෙනුම මහලු වෙනවා.
⚜️ අවාසනාවට වයසට නොගිය තරුණ අය පවා ඉන්නවා මේ තත්ත්වයට මුහුණ දෙන. වාසනාවට කොයි තරම් වයසට ගියත් තරුණ පෙනුමට ඉන්න අයත් ඉන්නවා. එක ම ශරීරය තුළ වෙනස් වෙනස් තැන් මෙහෙම මහළු පෙනුමක් ගන්න පුළුවන්. ඒ වගේ ම ඒ ශරීරයේ ම අවශේෂ තැන් හොඳ තරුණ පෙනුමකින් යුක්ත වේවි.
⚜️උදාහරණයක් හැටියට මගේ අත් දෙක මැණික් කටුවෙන් පහළ ඇඟිලි තියෙන ප්‍රදේශය ඉතාමත් තරුණ අවධියේ සිටම රැලි ස්වභාවයක් ගත්තා. ඉතින් අදටත් වයසට වඩා මහළු පෙනුමක් මගේ දෑත් වල තිබෙනවා. ඒක මගේ ආරය. නමුත් සිරුරේ අනෙක් තැන් වයසටත් වඩා තරුණයි කියලා මම හිතනවා. (හිතාගෙන ඉන්නවා? )
⚜️ කොහොම උනත් මේ මාතෘකාව එක ලිපියකින් පැහැදිලි කරලා ඉවර කරන්න බැහැ. ඉතින් මේ ගැන ඔයාලට තියෙන ප්‍රශ්න මොනවාද .....සහ දැනටමත් ඔයා මේ තත්වය ඇති නොවීමට යම් යම් ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා නම් ඒ මොනවාද... සහ දැනටමත් කොලජන් supplement එකක් ඔයා පාවිච්චි කරනවා නම් ඒ ගැනත් දැනුවත් කරලා කමෙන්ට් එකක් දාගෙන යන්න. පහත පින්තූර වල මගේ අත තියනවා..අතේ උඩ හරිය සහ ඇඟිලි සහිත ප්‍රදේශයේ වෙනස පෙන්නන්න (none edited). Elasticity test එක කරන්නේ කොහොමද කියලත් පින්තූරයක් ඒ සමඟම තියෙනවා.

(Beauty Secrets with Rapunzel)