Sunday, October 20, 2024
Follow Us
 Saffron   Saffron   Saffron

Saffron කියන්නේ මල් පල දරන පැළෑටියක් . ඒ පැළෑටියේ පිපෙන මලේ රේණු වලට තමයි වටිනාකම ලැබිලා තියෙන්නේ. එය ලොව මිල අධිකම කුළුබඩු වර්ගයයි. කුළුබඩු කිව්වහම ඔයාලා හොඳටම දන්නවා ඒවා අපට බත් කනවා වගේ ලොකුවට පාවිච්චි කරන්න හොද නැති දේවල් බව. මොකද නොයෙකුත් රසායන ද්‍රව්‍යයන් අධිකව අඩංගු වෙනවා මෙම කුළු බඩු වර්ග වල. ඒවා අනවශ්‍ය විදිහට ශරීරයට ගත්තොත් ප්‍රතිඵල නරකට ලැබෙන්න පුළුවන්. 20-30 cm තරම් උසට තමයි මේ පැළෑටිය වැවෙන්නේ. උද්භිද විද්‍යාත්මක නාමය Crocus sativus. නිජ බිම ග්‍රීසියයි.


Original saffron කියන්නේ මොනවාද ?
මම මෙතනදී ඉස්සෙල්ලාම කැමතියි මේ ඔරිජිනල් කියන වචනයේ තේරුම ගැන යමක් කියන්න. ඔරිජිනල් කියන්නේ උපන් ගති එලෙසම පවතින කියන එකනේ. ඒ කියන්නේ saffron පැළෑටියකින් එන මලක තියෙන රේණු කොහොමත් ඔරිජිනල්. ඒක ලංකාවේ වැවුණත් ඉන්දියාවේ වැවුණත් ඊජිප්තුවේ වැවුණත් ඔරිජිනල් තමා.
මම දැකලා තියෙනවා ගොඩක් වෙලාවට සමූහවල අහනවා ප්‍රශ්නයක් saffron පෙන්නලා මේවා original ද fake ද කියලා. සමහරු රට අනුව තීරණය කරනවා original , fake බව ?. ඒක ඇවිල්ලා ව්‍යාපාරික මගෝඩියක්. මෙතනදී අදහස් කරන්නේ saffron වගේ පෙනුම තියෙන නමුත් ඒ ගුණ අඩංගු නොවන තව මොනවා හරි දෙයක් වෙළඳපොලේ තියෙන බවනේ. ඒකත් ගන්නෙ මලකින් තමයි. ඒ මලේ නම safflower. මේකත් ආර්ථික වටිනාකමක් තියෙන මලක්. එළවළු තෙල් සෑදීමේදී මේවයෙ ඇට පාවිච්චි කරනවා. ඒ වගේමයි දෙකම කුළුබඩු. කෑම සෑදීමේදී සැෆ්‍රොන් වල තියන රස, සුවඳ සහ පාටට අකමැති අය ඊට ආදේශකයක් විදිහට safflower මල් පාවිච්චි කරනවා. මේ දෙකේ මිල, සුවඳ, රස සහ පෙනුමේ පැහැදිලි වෙනස්කම් දකින්න පුලුවන්. වැඩි විස්තර දැන් ඔයාලටම හොයාගන්න පුලුවන්නේ. ඉතින් මම හිතනවා මේක හොඳ පොලු පහරක් වේවි කියලා අහවල් රටේ saffron තමයි ඔරිජිනල් කියලා බොරු මතවාද පතුරන අයට.
නියම saffron හඳුනා ගන්නේ කෙසේද ?
මේකටත් නොයෙක් දෙනා නොයෙක් ක්‍රම සදහන් කරනවා මම දැකලා තියනවා. කොහොම නමුත් නියම saffron පැණි රස නැහැ. එය දිව මත තැබූ විට කටුක කහට රසයක් දැනෙනවා. එමෙන්ම එහි හොඳ මිහිරි සුවඳක් තිබෙනවා.
saffron මෙතරම් මිල අධික ඇයි ?
saffron මලක අපි පාවිච්චියට ගන්නේ මල් රේණු විතරයි . එක මලක තියෙන්නෙ රේණු තුනයි. saffron රේණු 500g ලබා ගන්න මල් 80,000ක් පමණ අවශ්‍ය වෙනවා. ඉතින් මේ මල් පැල සිටුවීමේ සිට ඒවා බලාකියා ගැනීම මෙන්ම, මල් පිපුණු පසු මල් නෙලා ඒවායෙන් රේණු වෙන්කර වියලීම ආදී සියලුම කාරණා සඳහා මිනිස් ශ්‍රමය පාවිච්චි කළ යුතු වෙනවා. අන්න ඒ නිසයි saffron මිල අධික වන්නේ.
saffron පාවිච්චියෙන් උපතින් අවපැහැ කෙනෙක් සුදු වෙනවද ?
උත්තරය " නැහැ ". ප්‍රති ඔක්සිකාරක වල මව් හැටියට සලකන glutothine පාවිච්චියෙන්වත් ලේසියෙන් ඒ වැඩේ කරන්න බෑ. හැබැයි විටමින් c අඩංගු ආහාර වගේම සැෆ්‍රොන් වලිනුත් ශරීරයේ සුළු වශයෙන් ග්ලුටොතයන් නිපදවීමට උදව්වක් වෙනවා. ග්ලූටොතයන් නිපදවීමට උදව් වෙන අපට පහසුවෙන් ලබාගත හැකි ආහාර අතර saffron පහළ තැනක ඉන්නවා. saffron පාවිච්චි කරලා සති දෙක තුනෙන් සුදු වෙනවාය කියලා කියපු අය මම දැක්කා දැන් කියනවා ඒකෙන් විතරක් නෙමේ සුදු උනේ එයා ආහාර රටාවත් වෙනස් කරගත්ත කියල නැවුම් එළවළු පලතුරු වලට එහෙම ?.
පැහැපත් සමක් ලබා ගන්න කළ යුතු දේවල් ගැන මම වෙනමම ලිපියක් ලියලා තියෙනවා. එතනදිත් අපි විශේෂයෙන් සදහන් කළා මෙලනින් වර්ධනය පාලනය කිරීමට අවශ්‍ය දේවල් ඇඟ ඇතුලේ නිෂ්පාදනය කිරීම සඳහා උදව් වෙන ආහාර අපි ගත යුතු බව. Saffron වගා කරන රටවල් ඒවා පාවිච්චි කරන්නේ සුදු වෙන්න නෙමේ . නිරෝගී වෙන්නයි.
Many also believe that drinking milk with saffron will impart a fairer skin. While a pinch of saffron added to milk can be consumed to prevent heart diseases and keep hypertension and cholesterol. It will not have any effect on the complexion of your skin.
Saffron වලින් අපේ ශරීරයට ලැබෙන වාසි මොනවාද?
? ප්‍රබල ප්‍රති ඔක්සිකාරකයක් හැටියට ක්‍රියා කරයි.
ඔක්සිකාරක ප්‍රතික්‍රියා සිරුර තුළ සිදුවන විට මුක්ත ඛණ්ඩක නිපද වේ. මෙම ආරෝපිත අනු අස්ථායී බැවින් DNA ඇතුලු අනෙකුත් අනු සමග දාම ප්‍රතික්‍රියා සිදු කරමින් සෛලවලට හානි පමුණුවයි. ප්‍රතිඔක්සිකාරක වලින් අදාළ මුක්ත ඛණ්ඩක වලට ඉලෙක්ට්‍රෝන නිකුත් කරමින් එහි ක්‍රියාකාරීත්වය උදාසීන කරයි. එනම් හානි වූ සෛල අලුත්වැඩියා කරයි. ඒ නිසා දීර්ඝකාලීනව පාවිච්චි කිරීමෙන් නොයෙකුත් රෝගාබාධ වැළැක්වීමේ හැකියාවක් ඇති අතර ඒ හේතුවෙන් සමේ හොඳ පෙනුමක් පවත්වාගැනීමේ හැකියාව ලැබේ. මා මෙයින් අදහස් කරන්නේ ලප කැළැල් නැති පැහැදිලි සමක්. ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් නිසා පිළිකා මර්දන හැකියාවකුත් මෙහි තිබෙනවා.
Saffron is rich in plant compounds that act as antioxidants, such as crocin, crocetin, safranal, and kaempferol. Antioxidants help protect your cells against oxidative stress.
Saffron is high in antioxidants, which may help kill cancer cells while leaving normal cells unharmed. However, more human research is needed.
? මනස සන්සුන් කර මානසික සමබරතාවය රකී.
Saffron වල සුරතල් නාමය තමයි "sunshine spice " ඒ නම ලැබුණේ එහි පාට නිසා විතරක් නෙවෙයි. දිගටම පාවිච්චි කිරීමෙන් ඔබේ මොලයේ රසායනික ක්‍රියාකාරීත්වය සමතුලිත කිරීමේ හැකියාවක් එයට තිබෙන නිසයි. හැබැයි ඉතින් සමහර saffron ගන්නවා කියන අය හැසිරෙන හැටි දැක්කම මට මේ ගැන සැකයක් ඇති වෙනවා ? මම හිතන්නේ එයාලා ගන්නව ඇත්තෙ safflower ?. මෙය විශාදයට හොඳ ඖෂධයක්. හැබැයි ඉතින් මේක කියෙව්වට පස්සේ ඔයාල ඒවට බේත් ගන්නවා නම් ඒවා නතර කරන්න එපා. මොකද ඒවා තරම් මේක ප්‍රබල නැහැ.
Saffron may help treat symptoms of mild-to-moderate depression, but more studies are needed before definite recommendations can be made.
? මාසික ඔසප් වීමේ දී ඇතිවන සංකූලතා සමනය කරයි.
ඔබ දන්නවා කාන්තාවකගේ මාසික ඔසප් වීම ට පෙර සතියක පමණ කාලයක් ශාරීරිකව හා මානසිකව යන දෙකෙන් ම ඇය පීඩා විඳින බව. කාන්තාවන් සිදු කරන අපරාධ පවා වැඩිපුරම සිදු වන්නේ ඔසප් වීමට පෙර මේ ගතකරන කාලයේදී බව පරීක්ෂණ වලින් සොයාගෙන තියෙනවා. මේ කාලයේදී දැඩි ලෙස කේන්ති යාම සාමාන්‍ය දෙයක් නමුත් ඒ ගැන අවබෝධයෙන් සිටියම ඒක පාලනය කරන්න ලේසියි. යම්කිසි අවස්ථාවක කේන්ති නොයන තැනකදි ඔබට කේන්ති යනවා නම් දින ගැන බලන්න ?. saffron වල තියනවා මේ තත්ත්වය සමනය කිරීමේ බලයක්. එමෙන්ම ලිංගික අවයවයන්වල ක්‍රියාකාරිත්වය හොඳින් පවත්වා ගෙන යෑමටත් saffron උදව් වෙනවාලු.
Both eating and smelling saffron appears to help treat PMS symptoms, such as irritability, headaches, cravings, pain, and anxiety.
Saffron has been linked to several other potential health benefits, such as improved heart disease risk, blood sugar levels, eyesight, and memory. However, more studies are needed to draw stronger conclusions.
?නිතරම කෑම ගැනීමේ උවමනාව නැති කරයි.
සැෆ්රන් වල අඩංගු ද්‍රව්‍යය නිසා ඒවා පාවිච්චි කරන අයට ආමාශය හිස් බවක් දැනෙන්නේ නැහැ . මෙහිදී අදහස් කරන්නේ බඩගිනි ඇති වෙන්නේ නැති එක නෙමේ. ප්‍රධාන කෑම වේල් වලට අමතරව ඔබ ගන්නා සුළු සුළු කෑම වර්ග ගැනීමේ අවශ්‍යතාවය අවම වෙන බවයි. ඒ නිසා බර පාලනයට මෙය හොඳ උදව්වක් වේවි. saffron ඛනිජ ලවණ වලින් අනූන කුළුබඩු වර්ගයක්.
Saffron has been shown to reduce snacking and curb your appetite. In turn, these behaviors may help you lose weight.
Ario saffron is a good source of minerals that contain important minerals, such as potassium, calcium, magnesium, phosphorus, iron, zinc, sodium, selenium and manganese. Potassium is a type of Ionic Salt which is naturally found dissolved in sea water and as part of the mineral content of fruits and vegetables
saffron උශ්නයිද ?
ඔව් එය ස්වභාවයෙන් ඌෂ්ණ දෙයක්. ඒ කියන්නේ ශරීරයේ උෂ්ණත්වය වැඩි කරනවා . සීත කාලවලදී මේ වැඩිපුර ගත්තත් ග්‍රීස්ම කාලවලදී එය අඩුකරන ලෙස අවවාද ලැබෙනවා. ඔබේ ශරීරය ස්වභාවයෙන්ම ඌෂ්ණ ගතියෙන් යුක්ත නම් මෙයින් ඔබට ලැබෙන ප්‍රතිඵල වෙනස් වෙන්න පුළුවන් . උදාහරණයක් හැටියට කුරුලෑ වැනි ආබාධ සුව කිරීමේ හැකියාවක් saffron වලට තිබුණත්, ඔබ ස්වභාවයෙන්ම උෂ්ණ ශරීරයක් ඇති කෙනෙක් නම් මේ තත්ත්වය වැඩි වීමේ අවදානමක් තිබෙනවා. ඉතින් තමන්ගේ ශරීරයේ ක්‍රියාකාරීත්වය ගැන ඔබට හොඳ අවබෝධයක් තිබිය යුතු යි මේ දේවල් පාවිච්චි කරන්න පෙර. අවවාද දෙනවා ඌෂ්ණ ශරීරයක් ඇති කෙනෙක් නම් එය අයිස්ක්‍රීම් වැනි ශීත දෙයක් සමඟ පාවිච්චි කරන්න. එතකොට ප්‍රශ්නයක් ඇති වන්නේ නැහැ.
Saffron is basically hot in nature. However it may not act as per its basic nature depending on the way of serving. Served with ice cream its cold and served with hot milk its hot. Extremely healthy in both the cases.
? ගර්භනී කාලයේදී පාවිච්චි කළ විට දරුවා සුදු වෙනවද ?.
නැහැ. එහි කිසිම විද්‍යාත්මක පදනමක් නැහැ. උපතේදී දරුවන් කොහොමත් බොහෝ සුදුයි. අම්මා තාත්තා කොච්චර කළු උනත් දරුවා පැහැපත්ව උපදිනවා. එය සාමාන්‍ය දෙයක් . දරුවෙක් තමන්ට ආවේණික පාට ලැබෙන්න අවුරුදු දෙකක් පමණ ගතවෙනවා. ඇතැම්විට කාලය ඊට අඩු වෙන්න පුළුවන්. උපතේදී ඔබ දරුවාගේ දකින පාට හැමදාටම තියෙන්නේ නැහැ. ගැබිනි මව්වරුන්ට මෙය අගුණ දෙයක් නෙමෙයි ඉහතින් සඳහන් කළ සියලුම වාසි ඔවුන්ට අත් වෙනවා. හොඳින් මතක තියාගන්න ගැබිනි අය ඕනාවට වඩා ප්‍රමාණයක් මේවා ගත්තොත් දරුවා නැති වෙන්නත් පුළුවන්.. මොකද මේක කුළුබඩු වර්ගයක් නිසා.
First of all, and most importantly, is saffron safe to take while pregnant? ... There is some evidence that taking large quantities of saffron may cause uterine contractions, and potentially lead to preterm labor or miscarriage. It's important to note that saffron should be consumed in moderation.
In truth, a baby's skin tone is predetermined based on the genetic makeup of his or her parents and it is unlikely that any supplements will have an effect on the baby's natural complexion. There is no scientific evidence to suggest that saffron will give your baby fair skin.
?දිනකට ගතයුතු ප්‍රමාණය කොපමණද?
දිනකට 1.5g ප්‍රමාණයක් ආහාර අතිරේක ලෙස ගත හැකි අතර ඉහත සඳහන් ප්‍රතිඵල ලබාගැනීමට දිනකට 30mg(රේණු 13 ක් පමණ.) ප්‍රමාණවත් බව පැවසේ. ඒ කියන්නෙ රේණු දෙකක් උදේට බිව්ව කියල වැඩක් නැද්ද මන්දා ?. මේව ඉතින් විද්‍යාත්මක කරුණු .
As a dietary supplement, people can safely take up to 1.5 grams of saffron per day. However, only 30 mg of saffron per day have been shown to be enough to reap its health benefits
ඔයාලා දන්නවා කොණ්ඩය ගැන පවා ගොඩක් මිත්‍යා විශ්වාසය තොගයක් ඔළුවේ තියාගත්ත පිරිසකට.. තමන්ගේ කොණ්ඩය සම සහ ශරීරය ගැන වෙනස්ම විදියකට හිතන්න පෙලඹෙව්ව සමූහයක් තමයි මේ Beauty Secret with Rapunzel සමූහය. ඒ මිත්‍යා විශ්වාස පැත්තකට දාලා වෙනස්ම විදිහකට විද්‍යානුකූලව හිතන්න පෙළඹෙව්වා අපි ඔයාලව. ඉතින් සම්ප්‍රදාය සහ විද්‍යාව කියන්නේ දෙකක් . නොයෙකුත් මිත්‍යා විශ්වාස සහ පාරම්පරික මතිමතාන්තර ඔළුවේ තියාගෙන ජීවත් වෙන පිරිසක් අපි. කෙනෙක් කිව්ව පලියට දෙයක් කරන්න එපා. විද්‍යාත්මක කරුණු හොයන්න. කූට වෙළදුන්ට රැවටෙන්න එපා.
Marketing methods එහෙමත් නැත්නම් වෙළඳ ප්‍රයෝග ගැන ඔබ දැනුවත් වෙන්න. මොනවා හරි බඩුවක් ගන්න ගියහම ඔක්කොම විකිණිලා ඉවරයි . දැන් මට දීගන්න විදිහක් නෑ.. ඒ තරම් ඉල්ලුමක්... ඒ අස්සෙ ප්‍රතිඵල ගත්ත අය වෙනමම මැසේජ් කරලා කියනවා. ඔයාලා දන්නවනේ වෙළඳුන්ට ඕනෑතරම් fake accounts තියෙනවා. ප්‍රතිඵල කියන්නෙම ඔය වගේ ඒවායින්. ඒ වගේම තමයි තමන්ගේ හිතවත් අය ලවාත් ඒවා කියවගන්නවා. අන්තිමට ඒගොල්ලොම වැඩ වරදින කොට කියනවා මම සුදුවුණේ saffron බිලා විතරක් නෙමෙයි පලතුරුත් කාලා වතුරත් බීලා කියලා.
මේ මසැසින් නොව මනසින් දකින්නට කාලයයි. බුදු බණ දේශනා කරන සියල්ලෝ ම රහත් වූවන් නොවේ. පිළිපදින්නන්ද නොවේ. මම නම් වැඩිපුරම බය වෙන්නේ බුදු බණ වැඩිපුර කටින් එන අයටයි. ඔවුන් ඒවා ලෝකෙට පෙන්නන්නේ තමන්ගේ තියෙන අඳුරු පැත්ත වහගන්නයි. ඒ නිසා මොන සූත්‍රය දේශනා කළත් කූඨ වෙළෙඳුන්ට අහුවෙන්න එපා.? body language ඉගෙන ගෙන තියාගත්ත නම් සෑහෙන්න වටිනවා ඔයාලට

(Beauty Secrets with Rapunzel)