Sunday, October 20, 2024
Follow Us
Rebounding, Straightning , Relaxing

?රසායන ද්‍රව්‍ය පාවිච්චි කරලා කොන්ඩයක රැලි ඉවත් කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවද කියල අපි බලමු .


?පුළුවන් තරම් හිසේ සම මගහැරලා මේ රසායන ද්‍රව්‍ය හිස කෙස් මත ආලේප කරන නිසා රීබොන්ඩින් එකකදි හෝ ඉන්පසු කොන්ඩෙ ගැලවී යාමට එය හේතුවක් වන්නේ නැහැ. නමුත් හිසේ සම මත එම රසායන ද්‍රව්‍ය ආලේප කලා නම් එහි යම් අවදානමක් තිබෙනවා.
? මේ කොයි දෙයින් වැළකෙන්නත් ඔබ ඔබේ කොණ්ඩය බාර දිය යුත්තේ හොඳ දැනුමෙන් යුත් මනා පුහුණුවක් ලත් අයෙකුටයි.
රීබොන්ඩින් කිරීමේදී කෙස් ගසේ ව්‍යුහයට වෙන දේ ගැන අපි කලින් ලිපියෙන් සාකච්ඡා කලා ඔයාලට මතකයිනෙ....
?මම වෘත්තිමය වශයෙන් මෙය කරන හැටි පාඩමක් ලෙස පල කරන්න නොවෙයි බලාපොරොත්තු වෙන්නේ. එහෙම කරන්නත් බැහැ. මොකද ඒක කරන විදිහ නිෂ්පාදනයෙන් නිෂ්පාදනට වෙනස් නිසා සහ අමාරුවෙන් සල්ලි දීලා මහන්සි වෙලා වියදම් කරල මේවා ඉගෙන ගත්ත වෘත්තිමය වශයෙන් මේ ක්ෂේත්‍රයේ ඉන්න අයට ගරු කිරීමක් වශයෙනුත් වෘත්තීයමය කාරණා සඟවලායි මේක ලියන්නේ... ඒ ක්‍රියාවලිය තුළ දී සේවාලාභිනියක් හැටියට ඔබ දැන සිටිය යුතුම කරුණු ගැන පමණක් ඔබව දැනුවත් කිරීමටයි මගේ උත්සාහය.
? ඔබේ කොණ්ඩය ඔබේ බාහිර පෙනුමේ ප්‍රධානම අංගයයි. Bad hair day means no go........ඒ නිසා කිසිම බයක් සැකක් නැතුව එය සමග සෙල්ලම් කරන්නට එපා. පසුව පසුතැවිලි වීම සුදුසු ක්‍රමය නොවෙයි. හොදින් මතක තබා ගන්න ඔබ තෝරා ගත් රූපලාවණ්‍ය ශිල්පිනිය හෝ ශිල්පියා අනුවයි එහි සාර්ථකත්වය රැඳී පවතින්නේ.. ඒ නිසා මම නොම්මර එක යටතේ නිවැරදි ශිල්පිනිය හෝ ශිල්පියා තෝරා ගැනීම ලෙස සඳහන් කරනවා.
?මොකද ඉන් පස්සෙ ඔබට ඒ ගැන බයවෙන්නට කාරණාවක් නැති නිසා.
Chemical එක ආලේප කිරීමට පෙර ඔබේ හිස කෙස් ඉතා හොඳින් පිරිසිදු වී තෙල් සහ කන්ඩිෂනර් ඉවත් වී වේලී තිබිය යුතුයි .
? කොණ්ඩය කෙටි හා ප්‍රමාණය අඩු නම් තනි කෙනෙකුට straightening ක්‍රීම් එක ආලේප කළ හැකි වුවත් කොන්ඩය දිග හා ප්‍රමාණයෙන් වැඩි නම් ඒ සඳහා ශිල්පිනියන් දෙදෙනකුවත් සිටිය යුතු වෙනවා. එසේත් නැත්නම් වාර දෙකකට මේ ක්‍රියාවලිය කරගත යුතු වෙනවා. මෙය බලපාන්නේ straightening cream එක ආලේප කිරීමේදී පමණයි.
?straightening cream එක ආලේප කිරීමට පෙර තීරණය කළ යුතුයි ඔබට හිස කෙස් තිබිය යුතු විදිය. සමහරු සම්පූර්ණයෙන්ම කොණ්ඩය රීබොන්ඩින් කලත් සමහර wavy කොන්ඩ තියන අයට ලස්සනයි අගිස්සේ තියෙන රැළි ගතිය අඟල් දෙකක් විතර ඉතුරු කළහම.
?ඉතින් මේවා කොන්ඩෙ straightening cream එක ගාන්න කලින් තිරණය කල යුතු දේවල්. ඒ වගේම ඉතාමත්ම වැදගත් කරුණ නම් හැමෝටම මේ විලාසිතාව ගැළපෙන්නේ නැති නිසා ඔබ ඔබේ ශිල්පිනිය ලවා තාවකාලිකව කොන්ඩය අයන් කරගෙන එය ඔබේ මුහුණට ගැලපේදැයි අනිවාර්‍ය්යෙන්ම තහවුරු කරගත යුතු වීමයි. ඒ නිසා කොයි වෙලාවකවත් ඔයාගේ කොණ්ඩෙ පින්තූරයක් අපට දාලා අහන්න එපා මට රීබොන්ඩින් හොඳයිද කියලා.... අනේ අපිට එහෙම කියන්න බෑ...අපි ළඟට එන කෙනාගෙ කොන්ඩය අල්ලලා බලලා.... අතගාලා elasticity බලල...තාවකාලිකව අයන් කරලා බලලා තමයි අපිත් ඒක තීරණය කරන්නේ.....
?straightening cream එක ගෑමේදී හිසේ සම මත ආලේප කරන්නට දෙන්න එපා. මේවායේ සඳහන් කරලම තියෙනවා "1cm away from the scalp" කියලා.
? මෙහිදී ඉතා වැදගත් වෙනවා straightening බෝඩ් පාවිච්චි කිරීම. අද හුඟක් ශිල්පිනියන් මේ බෝඩ් පාවිච්චි කරන්නෙ නැහැ ඔවුන්ගේ පහසුව සඳහා. නමුත් වඩාත්ම නිවැරැදි සහ ආරක්ෂාකාරී පියවර එයයි.
?අපි හිතමු මුලින්ම ක්‍රීම් ගාපු කොන්ඩ කොටස ක්‍රීම් එක ගාපු වෙලේ ඉඳලම ප්‍රතික්‍රියා කරන්න පටන් අරන් ඔබ ඉතුරු කොන්ඩයට ගාගෙන යන විට අර මුලින් ක්‍රීම් ගෑ කොණ්ඩය process වෙලා ඉවර උනා කියලා. එතකොට බෝඩ් දාල තිබුනනම් අපට ඉතා පහසුවෙන් වතුර ටිකක් දමා එහි ක්‍රියාකාරිත්වය බාල කරන්න පුළුවන්.
?කෙස් අග කොටසෙහි රැලි ඉතුරු කරනවා නම් board දැමීම අනිවාර්ය වෙනවා. මොකද layer කැපූ wavy කොන්ඩයකට හරිම ලස්සනයි අග කොටස ඉතුරු කරන එක. එහෙම ඉතුරු කරන්න ලේසියි බෝඩ් එක දැම්මහම. එවිට හිසේ සමේ කෙමිකල් එක ගෑවෙන්නෙත් නැහැ.
?cream එක අඩංගු පෙට්ටිය ඔබ ඉදිරියේ විවෘත කර පාවිච්චිය කරන ලෙස ඉල්ලා සිටීම ඥානාන්විතය. ඊට හේතුව දන්නෝ දනිති.
?පාව්ච්චි කරන කෙමිකල් brand එක ශිල්පිනියට තෝරන්න දෙන එක හොඳයි දුර්වල කොන්ඩ සදහා හෙමින් ක්‍රියාකාරී වෙන ක්‍රීම් එකක් සහ ඉතාමත් ගනකම් නිරෝගී කොන්ඩ වලට ඉක්මනින් ක්‍රියාකාරී වන නිශ්පාදනයකුත් පාවිච්චි කිරීම සුදුසුයි. මට හිතෙන්නෙ හොඳම brand බ්‍රෑන්ඩ් කියලා නැහැ .... කොයි brand එකෙත් possess method එක අඳුනගන්න එක තමයි වැදගත්...
?එක එක්කෙනාගේ කොණ්ඩය process වෙන්න යන වෙලාව එකිනෙකට වෙනස්. සමහර කොන්ඩ විනාඩි පහක් දහයක් ඇතුළත process වෙද්දි... සමහර කොන්ඩ ඒකට විනාඩි හතළිස් පහකටත් වඩා ගන්නා අවස්ථා තිබෙනවා.
? මේකෙදී පළපුරුද්ද අඩු ශිල්පිනියක් නම් වඩා හොඳයි මුලින් එක කෙස් රොදක රසායන ද්‍රව්‍ය ආලේප කරලා ඒ සඳහා ගතවෙන වෙලාව සොයා ගන්න එක . ඉන් පස්සෙ මුලු කොන්ඩෙටම බය නැතුව ඒ cream එක ගාලා බලා ඉන්න පුළුවන් අපි process වෙන්න යන වෙලාව දැන් දන්න නිසා. නැත්නම් අපි නම් කරන්නේ ආපු වෙලේ ඉදන් විනාඩි පහෙන් පහට කොණ්ඩය නිරීක්ෂණය කරන එකයි. එතැන තමයි වරදින තැන. Over process උනොත් කොන්ඩේ කැඩි කැඩි යනවා, කොණ්ඩය ඉටි වගේ උණු වෙනවා. පසුව කැඩි කැඩී යනවා. හරියට process උනේ නැත්නම් අපිට අවශ්‍ය විලාසිතාව එන්නේ නැහැ.
? කෙස් වල තිබුණ බැඳීම අපට අවශ්‍ය තරමට ලිහිල් වූ විට අපි ඒ ගාපු කෙමිකල් එක සෝදා ඉවත් කරනවා සම්පූර්ණයෙන්ම. මේ සඳහා ටික වේලාවක් ගත කරන්න සිද්ධ වෙනවා මොකද කෙමිකල් එක චුට්ටක් වත් ඉතුරු නොවෙන්න හොඳටම සෝදලා යවන්න ඕනෑ.
?මෙතැනදී පුහුණුවක් සහ හරි දැනුමක් නැති නැති ශිල්පිනියන් උණු වතුර පාවිච්චි කරන්නට පෙලඹෙනවා .ඒකට හේතුව මෙම නිෂ්පාදන වල සඳහන් කරල තියෙනවා warm water පාවිච්චි කරන්න කියලා. ඉතින් අපේ අය warn සහ hot අතර වෙනස අඳුන ගන්න බැරුව hot වලින්ම හෝදලා දානවා. ඉතින් ඔන්න කොන්ඩේ ගන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ.අපේ ටැප් වලින් අපට ලැබෙන්නේ warm water යි.
?ඉන් පස්සේ තුවායකින් හොඳින් තෙත ඉවත් කරන්න ඕනේ අපි මේකටත් ටිකක් වෙලා ගන්නවා මොකද මම ඒ සඳහා drier පාවිච්චි කරන්නේ ඉතාමත් අඩුවෙන්.
? මෙන්න මේ අවස්ථාවේදී ඔබට තීරණය කරන්න පුළුවන් කොන්ඩේ වේලුනාම ඔබට අවශ්‍ය rebounding ද relaxing ද කියලා. Relaxing නම් අපි අයන් එක භාවිතා කිරීමෙන් වළකිනවා. Blow drier එකෙන් පොඩි කෙලින් කිරීමක් කරන්න පුලුවන්. සමහර අය කැමති ටිකක් අයන් කරන්න . හැබැයි එතකොට ඒක relaxing නෙමෙයි rebounding. අගිස්ස ඉතුරු කරලා කරනවා නම් ඒ හරිය අයන් කරන්න එපා
?අයන් එක පාවිච්චි කිරීම මත කොණ්ඩය ට ලැබෙන කෙලින් ගතිය තීරණය වෙනවා. රීබොන්ඩින් එකකදි කාලය වැය වෙන්නේ මේ සඳහායි. මෙම ක්‍රියාවලියේදී මිල අය කරන්නේ මහන්සියටයි. නැත්නම් මේවාට ආලේපන කරන ද්‍රව්‍යයන් එතරම් මිල අධික නැහැ. ඒ නිසා ඔබ salon එකෙන් අහන්න එපා cream එක ගෙනාවොත් කීයක් අඩු කරනවද කියල.???
? එක එක ආලේපනයෙන් ආලේපනයට ක්‍රියාවලියත් වෙනස් වෙනවා. ඒ නිසා හැම විට ම නිෂ්පාදකයාගේ උපදෙස් පිළිපැදිය යුතුයි. ඒ සඳහා සිංහල හෝ ඉංග්‍රීසි කියවා තේරුම් ගැනීමේ හැකියාව තිබිය යුතුමයි.
?ඔබට අවශ්‍ය විලාසිතාව ලැබුණු පසු neutralizing cream හෙවත් fixing balm ආලේප කළ යුතුයි. මෙය ආලේප කර විනාඩි තිහක් පමණ තැබිය යුතු වෙනවා. අප සකස් කරගත් විලාසිතාව ඒ අයුරින්ම පැවතීමටත්. කලින් ආලේප කළ රසායන ද්‍රව්‍යයේ ක්‍රියාකාරීත්වය නැවැත්වීමටත් මෙය ආලේප කරනවා.
? මේ පියවර නියමිත ආකාරයෙන් නොකලොත් ඔබට අවශ්‍ය විලාසිතාව නැවත සෝදා වේලා ගත් පසු නැති වෙනවා.neutralizing ක්‍රීම් එක සෝදා ඉවත් කල පසු වේලා ගත් විට නැවත අයන් නොකරම ඔබට අවශ්‍ය විලාසිතාව ස්ථාවර වී තිබිය යුතුයි. නැවත iron කිරීමක් අවශ්‍ය වන්නේ නෑ. හැබැයි කලාට කමක් නෑ.
? සමහර විට ඔබට අත්දැකීම් ඇති දවස් තුනකින් පස්සෙ shampoo දමා සෝදා conditioner කල පසු ඔබේ කොණ්ඩය නැවතත් පෙර තත්ත්වටම පැමිණෙනවා. ඒ කියන්නෙ ක්‍රියාවලිය අසාර්ථකයි. එතකොට ඒ කරපු කෙනා ඔබට කියාවි සතියකට සැරයක් වත් ඇවිත් අයින් කරගෙන යන්න කියලා. ???. මම මගේ clients ලව නම් දවස් තුනකින් සැලොන් එකට ගෙන්න ගන්නේ නැහැ. ගෙදරම ඒක සෝද ගන්න හැටි උපදෙස් දෙනවා..
?ඉතින් කොණ්ඩය හදාගන්න සැලොන් එකකට යන්න කලින් ඔයාලා දැනුවත් විය යුතු කරුණු ගැන තමයි මේ සටහන තිබ්බෙ ... ඔයාලගෙ ප්‍රශ්න ගැන ඊළඟ ලිපියෙන් සාකච්ඡා කරමු

(Beauty Secrets With Rapunzel)