Sunday, October 20, 2024
Follow Us
Routine for fairer  skin

ඔයාලට මතක ඇති මම කුරුලෑ ගැන ලිපි පල කරලා අන්තිමට මම කුරුලෑ හොඳ කර ගත්ත හැටි ගැන සවිස්තරාත්මක ලිපියක් ඔයාලට ඉදිරිපත් කළා. ඒ ලිපියෙන් ගොඩක් අය ප්‍රතිඵල අරගෙන තිබුණා. ඉතින් පැහැපත්වීම කියන මාතෘකාව යටතේත් අපි දැනට ලිපි ගොඩක් පළ කරලා තියෙනවා. ඒ වගේම ඒවා ඔයාලගේ පහසුව සඳහා ඇල්බම්ගත කරලත් තියෙනවා. සුදු වෙන්න ඕන කෙනෙකුට ඉස්සෙල්ලම කරන්න තියෙන්නෙ ඒ ලිපි පෙළම කියවලා හොඳ අවබෝධයක් ලබා ගන්න එකයි.


ඉතින් මම අද හිතුවා ඔයාලට වගේම පැහැපත් වීමේ පිස්සුව මටත් තියෙන නිසා (උපතින්ම පැහැපත් සමකට උරුමකම් කිව්වත් තව තවත් පැහැපත් වීමේ ආසාව???) පැහැපත් සමක් පවත්වා ගැනීම සඳහා දිනපතා මම අනුගමනය කරන දේවල් ඔයාලට කියන්න.
ඇත්තටම පැහැපත් වීම සහ සුදු වීම කියන්නේ මට එකක්. ඒ ගැන මම කලින් ලිපි වල හොඳට පැහැදිලි කරලා දීලා තියෙනවා.. පැහැපත් සමක් සහ පැහැදිලි සමක් කියන්නේ දෙකක්. ඉතින් මට ඕනේ සුදු වෙන්න නෙමේ පැහැපත් වෙන්න කියල බබාලා වෙන්න හදන්න එපා. පැහැදිලි සම කියන එක සුදු වුණත් කඵ වුණත් පැහැදිලි වෙන්න පුළුවන්.
සුදු වෙන්න පණ යන්න උත්සාහ කරලා ඒවා අසාර්ථක උනහම අපෝ අපි නං කැමති නෑ සුදු වෙන්න කියනවා මදිවට අපේ ආසියාතික හම කොහොමත් කලුයි. අපේ සමකාසන්න රටට ගැලපෙන්නේ මේ පාට තමයි ...කියලා සුදු වෙන්න කැමති මිනිස්සුන්ගෙ හිත් තලල තමන් පොර වෙන්න හදන ගෑණු උන්දැලව මට පෙන්නන්න බෑ. තමන්ට තියෙන්නේ පැහැපත් සමක් නෙමේ නම් තමන් ඒකට පුදුමාකාර ආස නම් ඒක තමන්ගෙ කැමැත්ත. අනිත් අයට ඒක බලෙන් පටවන්න සහ සුදු වෙන්න කැමති අයට අපහාස කරන්න, සුදු වෙනවට විරුද්ධ නෝනහාමිනේලට කිසිම අයිතියක් නෑ ? ඒ අය හොරෙන් උලන cream ජාති සුදු වෙන්න කැමතියි කියලා ප්‍රසිද්ධියේ කියන අයවත් ගාන්නේ නෑ.
අවුරුදු විසි ගණන් වලදි හොඳට පැහැපත්ව ඉන්න අය අවුරුදු 30 න් පස්සේ ඒ පැහැපත් බව අඩුවෙලා යන එක අතිශය සාමාන්‍ය දෙයක්. ඒක ශරීරයෙ ඇති වන ඔක්සිකරණ ක්‍රියාවලිය හා සම්බන්ධ දෙයක්. ඉතින් එතකොට අපි ඒ ඔක්සිකරණයට විරුද්ධව සටන් කරන්න පුළුවන් කෑම තමයි ගොඩක් ආහාරයට ගත යුතු. ඔයාල අහල ඇති සමහර විටමින් වර්ග සහ ක්‍රීම් වල antioxidants කියන අමු ද්‍රව්‍ය අඩංගු වෙන බව. ඔක්සිකාරක ක්‍රියාවලිය ඇති වුණේ නැත්නම් අපේ සමේ පෙනුම සහ පැහැපත් බව බොහෝ දුරට ආරක්ෂා වෙනවා . ඔයාලා දන්නවනේ යකඩ මලකඩ කන්නෙත් ඔක්සිකරණ ක්‍රියාවලිය නිසා බව. අන්න ඒ වගේ දෙයක් තමයි ඇඟ ඇතුලෙත් සිද්ද වෙන්නේ. මේකට විරුද්ධව සටන් කරන්න පුළුවන් හොඳ ආහාර රටාවකට විතරයි .ඒ නිසා සමේ පැහැපත් බව රඳා පවත්වා ගැනීම සඳහා ඔයා ගත යුතු ආහාර මම ඩයට් ප්ලෑන් ලිපියේ සඳහන් කරලා තියෙනවා. මගේ සමේ නිරෝගීභාවයට එය ගොඩක් උපකාරී වුණා .ඔයාල දන්නව කොණ්ඩය යනවා කියලා කිව්වත් මම මුලින්ම බෙහෙත් කරන්න කියන්නේ ඇඟ ඇතුළට බව. ඉතින් ඊට අමතරව මේ පහත සඳහන් දේවල් ගැනත් අවධානය යොමු කරන්න.
?Sulfur අඩංගු ආහාර දිනපතා ගන්න
?Vitamin c දිනකට 500mg ප්‍රමාණයක් ගන්න.
?Selenium අඩංගු ආහාර දිනපතා ගන්න
?Whey protein අතිරේකයක් දිනපතා පාවිච්චි කරන්න (ලිපියක් ඇත.)
?Milk thistle අතිරේකයක් පාවිච්චි කරන්න. පැළෑටි යුතු සාරයෙන් හදන අතිරේකයක්.
?එදිනෙදා ඔබ ගන්නා ආහාර වලට කහ එකතු කරන්න.
?එක දිගට පැය හතක හෝ අටක සුවබර නින්දක් දිනපතා ලබා ගන්න. (ලිපි ඇත)
?නිතිපතා ව්‍යායාම අත්‍යවශ්‍යය(ලිපි ඇත)
?මධ්‍යසාර භාවිතයෙන් ඈත් වෙන්න.
? දිනකට අවශ්‍ය වතුර ප්‍රමාණය බීම මග හරින්න එපා. (ලිපි ඇත)
? මැරුණු සම ඉවත් කිරීම නියමිත කාලයේ දී කරන්න (ලිපි ඇත)
? අවශ්‍යතාවය අනුව cleanser පාවිච්චි කරන්න. (ලිපි ඇත)
? පාවිච්චි කරන cleanser වර්ගය අනුව toner පාවිච්චි කරන්න.
? අවශ්‍යතාවය අනුව moisturizer සහ හිරු ආවරණ අඩංගු ආලේපන පාවිච්චි කරන්න. (ලිපි ඇත)
? ඇස් වටා ඇති අඳුරු පැහැයක් ගැන සැලකිලිමත්ව ප්‍රතිකාර කරන්න (ලිපි ඇත)
? Makeup හොඳින් ඉවත් කර ගන්න. (ලිපි ඇත)
? පැහැපත් සමක් සඳහා පාවිච්චි කළ හැකි පැක් වර්ග දිනපතා ආලේප කරන්න. (ලිපි ඇත)
? පැහැපත් වීම සඳහා උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය අඩංගු රාත්‍රී ආලේපන පාවිච්චි කරන්න .
? මසකට වරක් රූපලාවණ්‍යාගාරයකින් නිවැරදි රූපලාවණ්‍ය සත්කාර කරගන්න . (ලිපි ඇත)
මේ සඳහා මම නිර්දේශ කරන ආලේපන සහ අතිරේක වර්ග පලවෙනි comment එකේ මම දාන්නම්. ඉහත පාවිච්චි කරන ආහාර සහ ආහාර අතිරේක ගැන විස්තර මම පින්තූර අමුණනවා. මේ විදිහට නිවැරදි ක්‍රම දිනපතා අනුගමනය කළොත් ඉන්නවාට වඩා පැහැපත් සමක් උරුම කර ගැනීම සිහිනයක් නොවේ.

(Beauty Secrets with Rapunzel)