Sunday, October 20, 2024
Follow Us
Saree designs for plus size women

Plus size කිව්වම දැන් ඔයාලා දන්නවනේ ඔයාලගේ අැඟේ හැඩය කොයි වගේද කියල. ඉතින් දැන් සාරියක් අඳිනකොට ගොඩක් අයට තියෙන ප්‍රශ්න තමයි මහන්න හොඳ කෙනෙක් නැති කම, සාරි අඳින්න බය කම, බඩ තියෙන එක පපුව මහත වැඩි එක. මෙටීරියල් ප්‍රශ්න. ඔ්ව නේ.


මම දැනට අවුරුද්දකට කලින් සාරි කියන දේ අඳින්න අාසම නැති කෙනෙක්. කොච්චර අනික් අයට සාරි අැන්දුවත් මම අදින්න අාස නැහැ. එ්ත් මගෙ homecoming saree එක අැන්දට පස්සෙ මම අැත්තටම සාරි අදින්න අාස කලා. ඊට පස්සෙ වෙඩින් එකකට යන හැම වතාවකම වගේ සාරි අදින්න පුරුදු වුනා.මටම තේරැනා ගවුමක් අැදන් යනවට වඩා සාරියකින් සැරසිලා වෙඩින් එකකට යද්දි එතන වටිනාකම වැඩියි කියල. සාරිය 2000 ද 20000 ද කියන එක නෙමෙයි වටින්නේ. සාරියට ලංකෙවෙ මිනිසුන් අතර වැදගත් තැනක් තියෙනව ගවුමට වඩා. ❤️❤️
සාරි අඳිනකොට බලන්න ඔ්න පලවෙනිම දේ තමයි ඔයාගෙ ජැකට් underskirt මහන්න හොඳ tailor කෙනෙක් ඔයට ඉන්නවද කියන එක. හොඳ tailor කෙනෙක් ඉන්නවනම් ඔයාට සාරි ගැන ත්යෙන ප්‍රශ්න වලින් 75% ම ඉවරයි. ඉතින් කොහොමද හොඳ tailor කෙනෙක් හොයාගන්නෙ?
ඔයාල දන්න කියන අය, යාලුවො නීට් එකට ජැකට් එකක් අැදන් ඉන්නවනම් අහන්න කවුද මැහුවෙ කියලා. එතනදි බලන්න ඔ්න ජැකට් එකේ designe එකවත් color එත වත් නෙමේ. ජැකට් එකේ රැලි නැත්ව, එල්ලෙන්නෙ නැතිව, අැගට වාත්තු කරල වගේ මහල තියෙනවනම් එයා හොද tailor කෙනෙක්. ඔයා කියන විදියට එයා මහල දෙයි. මහත. කෙනෙක්ට නම් අනිවාර්යයෙන්ම වටේම වෙල්බෝන් දාලා මහන්න ඔ්න නැත්තම් ඉදගන්නකොට රොල් වෙවී උඩට එනව.(දිනපතා සාරි අද්න අයට නොවේ) වෙල්බොන් දාලි අැදන් ඉද්දි අමාරුයි නේ. ? අනේ එහෙම නැහැ. හොදට මහන අය දන්නව එ්ක හරියට මහන්න. හර්යට මහන්න බැරි අය මැහුවම තමයි එහෙන් මෙහෙන් වෙල්බොන් අැනෙන්නෙ. වැයෙන් ත්යෙන පපු අඩු කරන්න අඩුවෙන් තියෙන පපුව වැඩි කරල පෙන්නන් එ් මහන අයට පුලුවන්. අැත්තටම අපි කියන්න ඔ්නත් නැ එයාලට එයාල දන්නව අැග දැක්ක ගමන් මහන්න ඔ්න විදිය.underkert නම් පොප්ලින් ගන්න බඩට බෑන්ඩ් එක දාලා මැහුවම ටයර් තියෙන එ්ව වැහෙනව. හොඳට මහන අයගේ ගනන් වැඩි. ඔව් එතකොට ඔයාට කරන්න පුලුවන් හොදට මහපු ජැකට් 2ක් 3ක් වගේ තියන් එ්කට ගැලපෙන්න සාරි ගන්න. ජැකට් එක underskirt එක හරියට නැත්තම් කොච්චර වටින, ලස්සන සාරියක් අැන්දත් වැඩක් නැත. සාරි ජැකට් මහන්න දෙනකොට ඔයාට අවශ්‍ය designe එක අැදල හරි printout අරන් හරි දෙන්න. මොකද එයාලට අමතක වෙනව පැටලෙනව. අපි හරියට අපේ වැඩේ කරගන්න නම් පහසු විදියට බාර දුන්නම හරි. කලින් බාරදෙන්න. කලින් දිනයක් කියල කලින් අරගන්න.අන්තිම මොහොතෙ මහන්න යන්න එපා. Fit on හරියට බලන්න. එතනදි හරි ගිහින් පහුවදා හරි නොයන්න එක රැයට කෙට්ටු වෙන්නෙ නැ කාවවත් fiton හරියට බලල නැහැ එ්කයි. ඔයා ට න්වාඩු වෙලාවල් තියෙනවනම් කාර්යබහුල නැත්තම් බ්ලොක් ක්‍රමයට මහන්න ඉගෙන ගන්න ඔයාගෙ එ්ව ඔයාම මහන්න. ප්‍රධාන දේ මේක. මේක හර්යට කරගන්න නැත්තම් සාරි අඳින්න එපා ✋ දැන් එ්ක හරි ඊලගට
Jacket හා සාරි Pattern එක,
අපි නිකම් කතා කරන බාසාවෙන් කිව්වොත් *අැගවල් වල විදිය ගැන
*මහත මිටි අය
*උස මහත අය
*කඳ කකුල් වලට වඩා ලොකු අය (බඩ/පපුව/අත් වැඩි)
මෙයාලගෙනුත් උස මහත අයට සාරි අදිද්දි ගැටලු නැහැ. මහත ම්ට් අයටයි. කඳ ලොකු අයටයි තමය් ප්‍රශ්නෙ. අැත්තම කතාව කිව්වොත් සාරි ගොඩක් ලස්සන මහත නම් උස තියෙන අයට. ම්ට් අයට අඳින්න බැරි නැහැ. ලස්සනට පේන්න අඳින්න පුලුවන්. එ්කට විසඳුම් තියෙනව. එ්වට තමය් මම අද ව්සඳුම් කියන්න යන්නේ.
Metereal තෝරගන්නකොට සිල්ක් තෝරගන්න, නෙට්, ලේස්, කොට්න් එ්ව මහත මිට් අයට, කඳ ලොකු අයට අඳින්න බැරි නැහැ. එ්ත්. ගොඩක් match වෙන්නෙ silk metereals. උස තියෙන කෙනෙක් නම් මහත වුනත් ගොඩක් තුනී කොට්න් එකක් තියෙනව එ්ක අදින්න පුළුවන් ලස්සනයි
Design
?දිග අතට හැඩතල තියෙන එ්ව වලින් කෙට්ටු හා උස ගතියක් පේනව.
?පහල හරස් අතට design ත්යෙන එ්ව අැන්දම තවත් ම්ට් ගත්යයි. එ්ව හොද උස අයට.
?හීන් බෝඩර් එකක් තියෙනවනම් හොදයි මහත අයට. බෝඩර් එකෙන් අැගේ නැති හැඩයක් මවල ගන්න පුළුවන්.
? ගොඩක් බර සාරි අැන්දමත් එච්චර හරි නැහැ උස අඩු සහත අයට.
?Heavy work නැතුව simple වෙන තරමට ඔයාලට හොදයි.
Color
? තද වර්න වලින් මහත බව අඩු වෙනවා
?ලා වර්ණ සුදු වගේ අැන්දම තම මහත වැඩ්යෙන් පේනවා
?කඳ විතරක් මහත කෙනෙක් නම් තනි කලු ජැකට් එකට ලා පාටක් පහලට එන විදියට පාට දෙකේ සාර්යක් ගන්න පුලුවන්. එහෙම එ්න වෙළඳපලේ ඔනතරම් ව්කුනන්න දාලා තියෙනව
?අැස් කඩාගෙන යන වර්ණ, ගොඩක් දිලිසෙන එ්ව ගොඩක් මහත කෙන්ක් නම් අදින්න එපා.
අදින විදිය අනුවත් ලස්සන කරන්න පුලුවන්
? සාරි පොට කඩල දාලා ඉස්සරහින් උඩට කරල පින් කරපුවම කෙට්ටුවට උසට පේනව. බඩ ත්යෙන කෙනෙක් නම් බඩ වැහෙනව
?උරහිසට pleats තියල අදින්න ඔ්න නම් අනිවාර්යයෙන්ම ඉන වටේ බෝඩරයක් අවශ්‍යයි එ්ක v හැඩයට තියල කටු ගැහුවම (පහල රැලි තියන්න කලින් ගහන කටුව) අැගේ හැඩය පේනව.
?ගුජරාට් මරයාට් නම් මහත අයට ගැලපෙන්නෙ නැහැ ?
?පපුව වැඩ් කෙන්ක් නම් ජැකට් එකෙන් එ්ක හදන්න බැර් වුනා නම් පපුව සම්පූර්ණයෙන්ම සාරියෙන් වහල අඳින්න.
Jacket design
?මහත මිටි අයට (කඳ මහත අයට) අනිවාර්යයෙන්ම ගැඹුරු කරක් කැපිය යුතුමයි. කර වැහුව කියන්නේ තවක් කොටට සහතට පිට්ටු ගෙඩියක් වගේ පේනව. කර සහ පිට v හැඩයට, sweetheart විදියට. V shape off shoulder විදියට මහන්න පුළුවන්
?කර වටේට ලස්සන work එකක් කරන්න පුලුවන්. හැබැය් ජැකට් එක පුරාවට ව්හ්දෙන heavy work දාන්න එපා.
?අත් වැලමිට ට්කක් පනින්න දාන්නත් පුලුවන් කොට අතක් දාන්නත් පුලුවන්.
?අත් ව්තරක් මහතය් නම් උරහිස වැඩියෙන් තියල කර කපන්න. අත වෙනම පේන්නෙ නැහැ.
?අතේ මහත අඩු වෙන්න දිග අතට මොස්තර පාවිච්චි කරන්න.
මම දන්නව මෙහෙම කිව්වම තේරන් නැ. මම පහල දාන රෑපවල ව්ස්තර කරල දාන්නම් එතකොට පැහැදිලි වෙයි. බලන්න මේ පොටෝ වල ඉන්නේ මහත අය එ් මහත නොපෙන්නෙන්න ලස්සනට අැදල ඉන්නවා. ඔයාලත් මේ tips පාවිච්චි කරල ලස්සනට සාරි අඳින්න. සාරි අඳින්න බයෙන් ඉන්නවානම් බය නැතිව ලස්සන සාරි තොරගන්න. හොදට මහන කෙනෙක් ලව්ව jacket මහගන්න. දිගටම සාරි අදින්න හිතෙයි . ❤️❤️ මම අැදපු සාරි වල පොටෝ ටිකක් කමෙන්ට්ස් වල දාන්නම්. මමත් මහතයි කොටයි. අැගේ හැඩයක් නැහැ. එ්ත් ජැකට් ලස්සනට මහල තියෙන නිසා සහ ගැලපෙන design තොරගත්ත නිසා ලස්සනයි.

(Beauty Secrets with Rapunzel)