Saturday, October 19, 2024
Follow Us
 Hair  Masks

?මොනවද මේ හෙයා මාස්ක්? කොහොමද මේවා අපි පාවිච්චි කරන්නේ?මොකටද මේවා අපි පාවිච්චි කරන්නෙ..?


? මගෙ අත්දැකීම නම් බොහෝ අය hair mask පාවිච්චි කරන්නේ කොණ්ඩෙ දිගට නිරෝගීව වවා ගන්නයි. මෙන්න මෙතනදි තමයි ඔයාලට වරදින්නෙ. කොණ්ඩය දිගට නිරෝගීව වවාගන්න නම් කෙස් වලට සාත්තු කරලා වැඩක් නැහැ. හොඳ පෝෂණීය ආහාර ඔයාගෙ ශරීරයට ලබා දෙන්න ඕන. මේක ඉතින් මම මන්තරයක් වගේ මතුරන එකක් නෙ.
?ඉතින් hair mask තියෙන්නේ බොහෝ විට කෙස් ගහට තාවකාලික හයියක් පෝෂණයක්, නැවුම් බවක්, සිනිඳු බවක් ලබා දෙන්නයි . ඉතින් ඒක තාවකාලික විසඳුමක් නිසා ඔයාලට නිතර නිතර මේ සත්කාරය කරන්න වෙනවා . ඒකෙන් කෙස් ගහ ගැට ගැසීම, මගින් කැඩී යාම බොහෝ දුරට වලක්වා ගන්න පුළුවන්.
? Hair mask කියන්නෙ මුහුණට පැක් එකක් දානව වගේ හිසකෙස් වලට කරන ප්‍රතිකාරයක්. ඒක හැම කෙස් ගහටම ගෑවෙන්න ඕනේ. වඩා හොඳයි කාගෙහරි උදව්වෙන් ගා ගන්න පුලුවන්නම්. මේ සත්කාර දිනපතා කළාට කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් අවම වශයෙන් සතියකට සැරයක්වත් කියලා අපි උපදෙස් දෙනවා. ස්වාභාවික දේවල් පාවිච්චි කරලා මේ සත්කාර කර ගන්නත් පුළුවන්. හැබැයි බිත්තර අලි පේර කෙසෙල් වගේ දේවල් කන්නේ නැතුව ගානවට නම් මම දැඩි ලෙස විරුද්ධයි . කා ගන්න බැරි තරමට තියෙනවනම් විසි කරන්නැතුව ගෑවට කමක් නෑ.
?සාමාන්‍යයෙන් හෙයා මාස්ක් පාවිච්චි කරනකොට කොන්ඩය හොඳින් සෝදා තුවායකින් තෙත මාත්තු කරගෙන තියෙන්න ඕනේ. අපිරිසිදු කොණ්ඩවලට මේ සත්කාර කරන්න හොඳ නැහැ . ඒ වගේම conditionar භාවිතා නොකර තිබීමත් වැදගත් හෙයා මාස්ක් එකක් දාන දවසට. එතකොට කෙස් ගහේ ඇතුලත ස්ථරයේ මේ සත්කාරක ද්‍රව්‍ය තාවකාලිකව හොඳින් රැඳෙනවා.
? හැම කෙස් ගහේ ම මේ ආලේපනය ගාලා යට අතට හොඳට ඇඟිලිවලින් පීරන්න . ඉන්පස්සෙ කොණ්ඩෙ එකතු කරල shower cap එකකින් ආවරණය කරලා පැය බාගයක් විතර ඉඳලා සෝදා ඉවත් කරන්න, Hot towels වලින් ආවරණය කරන්න පුලුවන් නම් වඩා හොඳයි. අපි කලින් shampoo දාලා කොණ්ඩය පිරිසිදු කරගෙන මේක ආලේප කරන නිසා නැවත ෂැම්පු දැමීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. conditioner අවශ්‍ය නම් පමණක් පාවිච්චි කලාට වරදක් නැහැ.
? නමුත්... ස්වභාවික තෙල් වර්ග පාවිච්චි කරලා මේ සත්කාර කරනවා නම් shampoo යොදා ඉවත් කිරීම තමයි සුදුසු. හොඳ hair masks වර්ග මොනවද කියලා මට අදහසක් නැහැ. ඒකට අපේ සමූහයේ ඉන්න අයගෙන් උදව් ගමු... වෙළෙඳ පොළෙන් මිලදී ගත් hair mask පාවිච්චි කරන්න පෙර ඒවායේ සඳහන් උපදෙස් කියවල බලල ඒ විදිහට කරන්න. බොහෝ ඒවා scalp ගෑවට කමක් නෑ...අකුරු කියවන්න දන්නෙ නැත්නම් කියවන්න පුළුවන් කෙනෙක්ගෙන් අහලා දැනගන්න. ස්වාභාවික hair mask ගැන ඉදිරියෙදි අපි ලිපියක් පල කරන්නම්.

(Beauty Secrets With Rapunzel)