Saturday, October 19, 2024
Follow Us
ඔයාලගේ තොල වටේ  මෙන්න මේ වගේ බිබිලි තියනවද?

ඔයාලගේ තොල වටේ මෙන්න මේ වගේ බිබිලි තියනවද?. මේකේ බිබිල නම් සුදු පාටින් පෙන්නල තියෙන්නෙ අඳුන ගන්න පහසු වෙන්නයි. මගෙත් මේ වගේ බිබිලි දෙකක් තිබුණා . ඒවට කියන නම මම දන්නේ නැති වුණත් මට දැනුන ඒක acne වර්ගයක් කියලා.


බිබිලි මතු වුණේ කොයි වෙලාවෙද දන්නේ නැහැ. හැබැයි ඒක ලේසියෙන් යන්නෙ නෑ. සාමාන්‍යයෙන් ක්ලීන් අප් වලදී කරන දන්න සෙල්ලම් සේරම දැම්මත් extractor එකෙන් මේක අයින් කරන්නම බෑ . මාස දෙක තුනක් මම බලාගෙන ඉඳලා ඒක අද ඉවත් කර ගත්තා. මේකෙ ලක්ෂණය නම් තොල වටේට මේක තද බිබිලක් වගේ එනවා පාට වෙනසක් නැහැ හමේ පාටමයි . හැබැයි ඇල්ලුවාම තදයි. ලං උනාම ඇහැටත් පේනවා. පොඩ්ඩක් වත් රිදෙන්නෙ නෑ.
මගේ තොල වටේ දෙකක් ආවා.. මාස තුන හතරක් තිබුණා. මේවා නොසලකා හැරියොත් කාලයක් තිස්සේ තොලේ එල්ලිලා ඉන්නවා. ඉබේ ම යන්නත් පුළුවන්. සමහර විට අවුරුදු ගණන් රැඳිලා තියෙනවා ඉවත් නොකලොත්. තොලේ හැඩයටත් යම් කිසි බාධාවක් එල්ල වෙනවා මේවා චුට්ටක් ලොකු වුනොත් .
ලංකාවේ ප්‍රසිද්ධ නිළියකුත් ඉන්නවා මේ වගේ එකක් තියෙන .. හැබැයි මම දන්නෙ නෑ එයාගෙ තොලේ තියෙන එක ඉවත් කරන්න පුළුවන් එකක්ද බැරි එකක්ද කියලා. මම අද ඉවත් කර ගත්තා. ගොඩක් අයට මේක තියෙනවා කියලා මම හිතන්නේ නෑ ...හැබැයි තියන අය මම දැකලා තියනවා.
මම කළේ මීට දවස් දෙකකට කලින් එතන හිරි වට්ටලා ඉන්නො පුච්චන ටූල් එකෙන් ඒක දෙතුන් පාරක් පුච්චපු එකයි. ඒ පුච්චපු එක අද වේලිලා තිබුණා. ඉන්පස්සෙ ඒක මිරිකුවම සුදු පාට ඝනකම සැරව එළියට ආවා . දැන් හොඳයි.

(Beauty Secrets with Rapunzel)