Saturday, October 19, 2024
Follow Us
Skin Glowing  Ayurwedic Packs

? ඉතින් මම මේ දවස්වල ඔයාලත් එක්ක කතා කරගෙන යන්නේ පැහැපත් වෙන එක, එහෙමත් නැති නම් සුදු වෙන එක ගැනනේ...... මේකත් එක්ක ඒ ගැන ලිපි හතරක් මම දැනට පළ කරලා තියෙනවා. පසුගිය ලිපියෙන් පොරොන්දු උන විදිහට, මම මේ ලිපියෙන් කතා කරන්නේ සුදු වීම සඳහා ස්වාභාවිකව පාවිච්චි කල හැකි පැක් වර්ග ගැනයි.


? සම රැකගැනීම කියන මාතෘකාව ගත්තහම වෙළඳපලේ කොයි තරම් ආලේපන වර්ග තිබුණත් අපේ කාන්තාවන් ගොඩක් කැමතියි ස්වභාවික පරිසරයෙන් ලබා ගන්නා දේවල් එකතු කරලා තමන් විසින්ම හදාගත් ආලේපනයන් ඒ සඳහා පාවිච්චි කරන්න. ඒකට හේතුව ඒවා ඉතා ආරක්ෂාකාරී සහ කෘතිම රසායන සංයෝග වලින් තොර වීමයි. මේවා අතරිනුත් ආයුර්වේදීය කියන වචනයට ලොකු වටිනාකමක් ලැබෙනවා . ඒකට හේතුව මෙම වට්ටෝරු අවුරුදු දහස් ගණනක් පැරණි සහ ප්‍රතිඵලදායි නිසයි .
? අද ලෝකයේ....විශේෂයෙන් ඉන්දියාවේ..... මේ අවුරුදු දහස් ගණනක් පැරණි ආයුර්වේදීය වට්ටෝරු යොදා ගෙන නවීන විද්‍යානුකූලව ආලේපන වර්ග නිපදවනවා...ඒ සඳහා ඔවුන් අක්කර ගණන් එම ආලේපන වර්ග වලට අවශ්‍ය දේවල් වගා කරනවා ඒ නිෂ්පාදන ආයතන විසින්ම. එම නිෂ්පාදන ඉතාමත් ජනප්‍රියයි. නමුත් මිල ටිකක් වැඩියි .ඒ නිසා අපි බලමු ඒකාකාරී ලෙස පැහැපත්, අදුරු ලප සහ කුරුලෑ බිබිලි නැති සමක් සදහා අපට පාවිච්චි කළ හැකි ආයුර්වේදීය වටිනා කමක් ඇති ස්වභාවික පැක් වර්ග කිහිපයක් ....
? මම හැමදාම කියනවා වගේ සමහර අය මේ ස්වභාවික ආලේපන වලට පවා අසාත්මිකතා දක්වනවා. එතකොට මේවා භාවිතා කරන එක වහාම නවත්තන්න. කොහොම උනත් මේ පැක් වර්ග පාවිච්චි කිරීමේදී එම මිශ්‍රණයට කැලමයින් පවුඩර් තේ හැදි බාගයක් එකතු කර ගැනීමෙන් වඩාත් හොඳ අසාත්මිකතාවෙන් තොර ප්‍රතිඵලයක් ඔයාලට ලබාගන්න පුළුවන් වේවි.
? ඔන්න ඉතින් දැන් කලබලයි ?.... මම දන්නවා කට්ටියම කමෙන්ට් කරලා අහන්න යන ප්‍රශ්නය .... මොනවද මේ කැලමයින් පවුඩර්??? කොහෙන්ද ඒවා ගන්න පුළුවන් ???.. මම දැන් මාස ගානක් තිස්සේ ඔයාලත් එක්ක වැඩ කරන නිසා ඔයාල හැරෙනකොට මට කියන්න පුළුවන් ?
? ඔයාගේ ආච්චි අම්මගෙන් හරි අම්මගෙන් හරි ඇහුව නම් කියාවි කැලමයින් ලෝෂන් එක ගැන . ඒ කාලේ ගොඩක් ආලේපන වර්ග තිබුනේ නැතත් එයාල මෙන්න මේ කැලමයින් ලෝෂන් එක මූනේ ගෑවා...ඒකට කිසිම අතුරු ආබාධයක් තිබුනේ නෑ කියලත් එයාලා කියාවි . මෙන්න මේ ලෝෂන් එක හදන්නේ මම ඉහත සදහන් කළ කැලමයින් පවුඩර් එක යොදාගෙනයි.
? කැලමයින් පාවිච්චි කරනවා සමේ ඇති වන සුලු කැසීම් , රතුවීම්, කුඩා සතුන් විද්දහම ඇතිවන පලු, කැසීම් සහ දහදිය බිබිලි ආදී අසහනකාරී තත්ත්වයන්ට සහනයක් ලෙස. කැලමයින් පවුඩර් ෆාමසි වලින් මිලදී ගත හැකියි. හැම දේටම අසාත්මිකතා දක්වන සමක් නම් ඔබට තියෙන්නේ කැලමයින් පවුඩර් රෝස වතුරෙන් කවලම් කරලා දිනපතා පැක් එකක් ලෙස පාවිච්චි කිරීමයි.
? හරි ඔන්න එහෙනම් මම පැක් වර්ග සඳහන් කරනවා . එයින් ඔයාට ගැලපෙන...ඔයා කැමති එකක් තෝරාගෙන දවසක් ඇර දවසක් පාවිච්චි කරන්න පුළුවන් . මේවා ආලේප කර පැය භාගයක් පමණ තබා තෙත මිරිකූ සිනිඳු කපු රෙදි කඩකින් ඉවත් කරන්න. ඇඹරිය යුතු සියල්ල අඹරා ගන්න. එය මා එකින් එකට සඳහන් කරන්නේ නැහැ.
? කඩල පිටි මේස හැඳි එකයි
කහ මේස හැදි බාගයයි
රෝස වතුර මේස හැඳි එකයි
කහ විෂබීජ විෂබීජ නාශකයක් ලෙස ක්‍රියා කරන අතර සම පැහැපත් කරයි .කඩල පිටි ඔබේ සමේ පී එච් අගය සමබර කර මැරුණු සම ඉවත් කිරීමට උපකාරී වේ.
? සුදු සඳුන් මේස හැඳි එකයි
මී පැණි මේස හැඳි එකයි
සුදු සඳුන් විෂබීජ නාශක ගුණයෙන් යුක්තයි. මී පැණි තෙතමනය රඳවයි. කුරුලෑ වලට හොඳ ප්‍රතිකාරයකි.
? පොඩි කරගත් දහස් පෙතියා මල් දෙකයි
සුදු සඳුන් මේස හැඳි එකයි
යෝගට් හෝ මුදවපු කිරි මේ.හැ.බාගයයි
දෙහි යුෂ මේස හැඳි බාගයයි
සම මත ඇති දිලීර හා බැක්ටීරියා ඉවත් කර ඔබේ සම දීප්තිමත් කරයි.
? සුදු සඳුන් මේස හැඳි එකයි
කඩල පිටි මේස හැඳි දෙකයි
කහ තේ හැඳි බාගයයි
රෝස තෙල් බින්දු දෙකයි
ලැවැන්ඩර් තෙල් බින්දු දෙකයි
කිරි මේස හැඳි එකයි
වියලි සමට ඉතා හොඳ ප්‍රතිකාරයකි .මුහුණේ ඇති බිබිලි ඉවත් කර දීප්තිමත් කරයි.
? හාල් පිටි මේස හැඳි එකයි
සුදු සඳුන් තේ හැඳි එකයි
කිරි පිටි මේස හැඳි බාගයයි
කඩල පිටි මේස හැඳි එකයි
රෝස වතුර මේස හැඳි එකයි
සමෙහි ඇති අනවශ්‍ය තෙල් ඉවත් කරයි. සම සිනිදු කර පැහැපත් කරයි .
? මී පැණි මේස හැඳි එකයි
දෙහි යුෂ තේ හැඳි එකයි
මැරුණු සම ඉවත් කරයි. විෂබීජ නාශකයක් ලෙස ක්‍රියා කරයි. සම දීප්තිමත් කරයි.
? කඩල පිටි මේස හැඳි එකයි
දෙහි යුෂ තේ හැඳි බාගයයි
කිරි මේස හැඳි එකයි
කහ තේ හැඳි හැදි බාගයයි
අව්වට පිලිස්සුනු සම යථා තත්ත්වයට පත් කරයි. සම සිනිදු කරයි
? කෝමාරිකා මද මේස හැඳි එකයි
දෙහි යුෂ තේ හැඳි එකයි
මී පැණි මේස හැඳි එකයි
කුරුලෑ පැල්ලම් ඉවත් කරයි. අනවශ්‍ය ලෙස විවර වූ සමේ සිදුරු වූ යථා තත්ත්වයට පත් කරයි.
? පොඩි කරගත් අලිපේර මේස හැඳි එකයි
ලැවැන්ඩර් තෙල් බිංදු තුන හතරක්
කොලජන් නිපදවීමට උපකාරී වේ. අඳුරු ලප අවම කරයි. හිරු එළියෙන් පිලිස්සුණු සමට සුදුසු යි .
? තුල්සි කොළ හතරයි
කොහොඹ කොළ තුනයි
කහ තේ හැඳි එකයි
දෙහි යුෂ තේ හැඳි බාගයයි
කුරුලෑ සහිත සමට ප්‍රතිකාරයකි. අව්වෙන් පිලිස්සුනු සමට සුදුසු යි .
? මුල්තානි මැටි තේ හැඳි දෙකයි
තක්කාලි යුෂ තේ හැඳි එකයි
සුදු සඳුන් තේ හැදි බාගයයි .
සමේ අනවශ්‍ය ලෙස විවෘත වූ සිදුරු ලං කරයි. එල්ලා වැටුණු සමට ප්‍රතිකාරයකි . සම පැහැපත් කරයි.

(Beauty Secrets with Rapunzel)