Saturday, October 19, 2024
Follow Us
Diet and your health

අපේ සමූහයේ පහුගිය දවස්වල බර අඩු කර ගැනීම ගැන ඔයාලා ටිකක් කතා උනානේ. හුඟක් අය අපේ සමූහය ඇතුළෙ හිටියට සමූහයේ තියෙන diet plan එක සහ බර අඩු කර ගැනීමේ ක්‍රම ගැන ඒවායේ සඳහන් කරලා තිබුණේ නෑ.


හුගක් අය හිතනවා බර අඩු කර ගන්න නම් කන්න හොඳ නෑ කියලා. කන්න හොඳ නෑ නෙමෙයි සමහර කෑම කන එක අඩු කරගන්නයි ඕනේ. හැබැයි අඩු කරනවා කියන්නේ ඒවා නොකා ඉන්නවා නෙමෙයි. ඒක ලොකු වැරදි මතයක්. අඩු කළ යුතු කෑම වැඩිපුර කෑවම තමයි මහත් වෙන්නෙ . කලාතුරකින් වෙන හේතු තියෙන්න පුළුවන්.
හුඟක් අයට මේ බර අඩුකර ගැනීම, ඇගේ මහත අඩු කරගැනීම මාසයක් දෙකක් උත්සාහ කරලා නවත්වන වැඩක් බවට පත්වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ ඩයට් ප්ලෑන් වල තියෙන සංකීර්ණ බව. එක්කෝ වේලක් දෙකක් නොකා ඉන්න වෙනවා එක්කෝ සමහර කෑම කන්න ම වෙන්නේ නෑ. මේ ක්‍රම දෙකම ශරීර සෞඛ්‍යයට අහිතකරයි කියලා මම හිතනවා.
කෑම වේල් මග හැරීම මම අනුමත කරන දෙයක් නෙමෙයි. ඒ වගේම කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර වර්ජනය කරලා කීටෝ ඩයට් වගේ එකක් කිරීම මම අනුමත කරන්නෙ නෑ. මොකද ජිවත් වෙනවා කියන්නේ ආස දේවල් කරලා, ආස දේවල් කාලා ජීවත් වෙන එකනේ. ඉතින් හැමදේම සීමාසහිතව කරගන්න පුලුවන් නම් වඩා හොඳයි. ඉතින් තනිකර කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර වර්ජනය කළොත් අපේ සමේ දිදුලන බවටත් ඒක බලපානවා. ඇතැම් රෝග ඇති වෙන්නත් පුළුවන් කාබෝහයිඩ්‍රේට් නැති උනහම.
ඉතින් ආහාර වර්ජනය කරලා හෝ යම් යම් කෑම වලට සම්පූර්ණ වාරණ දමාගනිමින් බර අඩුකර ගැනීම තුළින් නොයෙකුත් අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්. හිසකෙස් ගැලවී යාම, හිසකෙස් සහ සම නිරෝගී නොවීම, සමේ දීප්තිය අඩු වීම, සමේ රෝග ඇතිවීම වගේ රූපලාවණ්‍යට බලපාන දේවල් වෙන්න පුළුවන්. ඒ නිසා අපේ සමූහයේ තියෙන ඩයට් ප්ලෑන් එක සකසලා තියෙන්නේ නොකා නොබී ඇඟ අඩු කර ගන්න හෝ ලස්සන වෙන්න නෙමෙයි, නරක කෑම අඩු කරලා, අහිතකර කෑම අඩු කරල හොඳ කෑම වැඩිපුර කාලා බර අඩුකර ගැනීම වගේම මහත් වෙන්න ඕන අයට හොඳ විදිහකට බර වැඩි ගැනීම කියන දෙකම එමගින් කරගන්න පුළුවන් ප්‍රමාණයන් වෙනස් කරගනිමින්.
ඉතින් අපේ ඩයට් ප්ලෑන් එක අනුගමනය කරපු අය ඉන්නවනම් comment එකක් දාන්න. ඔයාලගේ ඩයට් ප්ලෑන් වල අත්දැකීම් කියන්න. අත්දැකීම් කියන්න කියන්නේ වෙනත් group ගැන කියන්න කියන එක නෙමෙයි. කරපු දේ විතරක් කියන්න. (වෙන group වල නම කියන්නෙ නැතුව ඒ ගැන කතා කරන්න බැරිනම් කතා කරන්න එපා.) ඒවායෙන් ඇතිවෙච්ච සංකූලතා ගැන කියන්න.
අපේ ඩයට් ප්ලෑන් එක අමාරු දෙයක් නෙමෙයි හොඳ කෑම හරි විදිහට කන්නයි තියෙන්නේ. එනිසා ඒක මාස තුනක් උත්සාහ කරලා බලන්න. අනික ඔයාලා හොඳින් මතක තියාගන්න මහත් වෙලා හිටපු කෙනෙක් කෙට්ටු වෙනවා කියන්නේ ඇගේ මාංශපේශී එල්ලා වැටීමේ අවදානමක් තිබෙනවා ඒ නිසා diet plan එකක් අනුගමනය කරන්න ඔබ ව්‍යායාම කිරීම අනිවාර්යය. මහත් වෙන්න ඕනෑනම් පවා අනිවාර්යෙන් ව්‍යායාම මධ්‍යස්ථානයකට ගිහිල්ලා උපදෙස් අරගෙන මාංශපේශි වර්ධනය කර ගැනීමේ ව්‍යායාම අනුගමනය කළ යුතුයි.
පහල link වලට ගිහිල්ලා කියවලා බලන්න.
https://m.facebook.com/groups/1976549422649790/permalink/1978999319071467/
?️
https://m.facebook.com/groups/1976549422649790/permalink/2292298377741558/
?️
https://m.facebook.com/.../permalink/2371969996441062/

(Beauty Secrets with Rapunzel)