Saturday, October 19, 2024
Follow Us
Glutathione

?️ මේක හරිම ආන්දෝලනාත්මක මාතෘකාවක් . තහනම් කළා කියලා බොරු ප්‍රචාර ගොඩක් යනවා. mercury, hydroquinone තහනම් කරන්ගන්න බැරි රටේ කොහොමද ඉතාම වටිනා ඖෂධයක් වෙන glutathione තහනම් කරන්නේ.... අපේ මිනිස්සු හරිම දක්ෂයි වතුර වීදුරුව ඇතුලේ කිඹුල්ලු දකින්න.


?️ බොහෝ විට අපි කතා කරන්නේ බාහිරින් අපේ සම පැහැපත් කර ගැනීමේ දී භාවිතා කරන මතුපිට ආලේපන ගැන පමණයි. එතකොට අපිට පුළුවන් වෙන්නේ ඒ ආලේපනය පාවිච්චි කරන ප්‍රදේශය පමණක් පැහැපත් කර ගැනිමට විතරයි. අන්න එතකොට තමයි වෙනස්ම කෙනෙකුගේ ඇගට තවත් කෙනෙකු ගේ මූණක් හයි කළා වගේ විකාර පෙනුමක් අපට ලැබෙන්නේ . ඉතින් මොකද කරන්නෙ මුළු ඇඟටම එම ආලේපන පාවිච්චි කරන්න අපට සිද්ද වෙනවා. ඒක ප්‍රායෝගික නැත්නම් හොදම ක්‍රමය තමයි සම පැහැපත්වීමට බලපාන අහාර පාන පාවිච්චිය...
?️ අපිට පුළුවන් හොඳ නිරෝගි සමක් අපට ලැබෙන විදිහට බලපාන ආහාර අපේ කෑම වේලට එකතු කරගන්න . කැරට්, ලාවළු, වට්ටක්කා වගේ විටමින් ඒ අඩංගු ආහාර වලින් සමේ පැහැය රන්වන් පාටකට හරවන්න පුළුවන්. ඕනවට වඩා ඒවා ආහාරයට ගත්තොත් එය තැඹිලි පාට වෙන්නත් පුළුවන් ?තල ඇට, දොඩම් , ගෝවා කොළ , යෝගට් , සැමන්, කෙළවල්ලා වැනි ඔමේගා 3 අඩංගු මාලු , තක්කාලි ආදී ඕනෑ තරම් නිරෝගි සමක් සඳහා බලපාන ආහාර වර්ග තිබෙනවා.
?️ නමුත් මේ කිසිම එකකින් උපතින් අව පැහැ කෙනෙක් සුදු කරන්නේ නෑ . සුදු වීම සහ නිරෝගී සමක් තිබීම දෙකක් . සුදු සහ නීරෝගී හමක් තිබීම වාසනාවක්. මම මුල් ලිපියෙන් සදහන් කළා වගේ සුදු වීමට තිබෙන කැමැත්ත පුද්ගලානුබද්ධයි . කෙනෙක් තමන්ට ඉන්නවට වඩා පැහැපත් වෙන්න ඕනි කියල කිව්වොත් ඒක ඔහුගේ හෝ ඇයගේ කැමැත්ත. සමහර කලු කෙල්ලො ඉන්නවා හරිම ලස්සනයි.... සුදු අය පරාද වෙන ලස්සන...හේතුව අවපැහැ සමේ ප්‍රශ්න ඉතා අවම වීම. ලප නෑ.... අව්වට වෙනස් වෙන්නෙ නෑ.... එදිනෙදා ජීවිතේ හරිම නිදහස් පහසුයි . සුදු අය... අව්ව දැක්කත් දුවන්න ඕන... මමත් එහෙම දුවන කෙනෙක්..? මොකද අව්වට නිරාවරණය වුණ හැටියම සමේ ආරක්ෂාවට මෙලනින් නිපදවන නිසා එක මොහොතක දී සම අවපැහැ වෙනවා. ඒක යවාගන්න සති ගණන් බලා ඉන්නත් වෙනවා...
?️ ඔන්න ඉතින් මම දැන් කියන්න යන්නේ මුළු ඇඟම පැහැපත් කරගන්න පුළුවන් ප්‍රසිද්ධම විදිය ගැන... ග්ලූටතයෝන් ?.... නම ඇහුවම බය හිතුණා ද?? මොනවද මේ ග්ලූටතයෝන් ?.... බේතක්??? විටමින් එකක්....??? රසායන ද්‍රව්‍යයක් ????... නෑ.... ඒ එකක්වත් නෙමෙයිනේ ....
?️ glutathine කියන්නේ අක්මාවෙන් නිපදවෙන සිස්ටින්, ග්ලුටමින් සහ ග්ලයිසින් යන ප්‍රධාන ඇමයිනෝ අම්ල බහුල අපේ ශරීරයට අත්‍යවශ්‍ය... ජීව ක්‍රියාවලියට වැදගත් වන අක්මාවෙන් නිපදවන ප්‍රතිඔක්සිකාරකයක්. මෙහි ඇති වටිනාකම කොතෙක්ද යත් සියලුම ප්‍රතිඔක්සිකාරකයන් ගේ මව හැටියට ග්ලූටොතයින් සලකනවා. ග්ලුටතයෝන් නිසා අපට ලැබෙන ප්‍රතිලාභ අසීමිතයි. එයින් ශරීරයට කිසිම දවසක හොඳක් මිසක් නරක ප්‍රතිඵලයක් නැහැ. මේ නිසා ලැබෙන ප්‍රතිලාභ ගොඩක් තියන නිසා ඒවා මම විස්තර කරන්න යන්නේ නැහැ . අන්තර්ජාලයෙන් ඒවා ඕන තරම් දැන ගන්න පුළුවන් .
?️ මම මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ වෛද්‍යවරුන් සහ චර්ම රෝග විශේෂඥයින් සම පැහැපත් වීම සඳහා අතුරු ආබාධ රහිත පිළියමක් හැටියට මෙම glutathine පාවිච්චි කිරීම පිළිබඳවයි . මම සඳහන් කළා ග්ලූටතයෝන් හැදෙන්නේ ප්‍රධාන ඇමයිනෝ අම්ල තුනක් එකතු වෙලා කියලා . ඒවායින් සිස්ටින් කියන ඇමයිනෝ අම්ලය ට පුළුවන් සමේ තද පැහැ බවට හේතු වෙන මෙලනින් වර්ණකය නිෂ්පාදනයට හේතු වන ටිරොසිනේස් කියන එන්සයිමයේ ක්‍රියාවලිය අඩාල කරන්න .අන්න එහෙමයි ග්ලුටතයෝන් උපයෝගී වෙන්නේ අපේ සම පැහැපත් කරන්න. පැහැපත් වීම විතරක් නෙමෙයි ප්‍රබල ප්‍රති ප්‍රතිඔක්සිකාරකයක් නිසා වියපත් වීමේ ලක්ෂණ පවා පලවාහැරීමට මෙය සමත් වෙනවා. මෙය කිසිසේත්ම බිය විය යුතු නැති පැහැපත් වීමට ඇති මාර්ගයක් .
?️ මෙය බාහිරව ලබා ගැනීමේ දී ආලේපන , ගිලින පෙති සහ එන්නත් හැටියට ලබා ගන්න පුළුවන් . මුළු සිරුරට ම බලපාන විදිහට නම් ගිලින පෙති හෝ එන්නත් වලට යොමු විය යුතුයි. මෙය මෙතරම් ආරක්ෂාකාරී නම් අපි මේ තරම් බියක් දක්වන්නේ ඇයි ... එවිට තමයි මම අර මුලින් කිව්ව කාරණාව මතු වෙන්නේ . සම පැහැපත් වෙන්න වෙන්න ඔබ හිරු කිරණට බිය විය යුතුයි. එසේ නොවුණහොත් අල්ට්‍රා වයලට් කිරණින් වන හානිය සමට වැඩිපුර වෙන්න පුළුවන් . එවිට මගේ මුල් ලිපියේ සඳහන් ලෙස ඔබ ඉතාමත් පරිස්සම් විය යුතුයි හිරු කිරණින් .
?️ අනිත් ප්‍රධානම කාරණය තමයි ඔබ පැහැපත් වන්නේ මේ ඖෂධය දිගටම ගන්නා තාක් කල් පමණක් බව. උදාහරණයක් ලෙස ඔබ එන්නත් කරන මාලාවක් අරගෙන පැහැපත් වුණා යැයි හිතන්න. එය අපි බලෙන් ලබා ගත් තත්ත්වයක් බව අමතක කරන්න එපා . එන්නත් කරන වාර ගණනකින් පස්සේ ඔබ පැහැපත් උනා නම් එය ඉදිරියට රැක ගැනීම සඳහා විටින් විට එන්නත් කිරීමට සිදු වීම හෝ දිගටම ගිලින පෙති ලෙස ලබා ගැනීම හෝ අඩුම ගානේ ආලේපන හැටියට හෝ මෙය දිගින් දිගටම පාවිච්චි කළ යුතු වෙනවා. එසේ නොමැති නම් ඔබ කොපමණ මුදලක් වැය කළත් ඒ ප්‍රතිඵල සදාකල් රඳවා ගත නොහැකියි. එක වරක් ප්‍රතිකාර ගත් පමණින් සදාකල් රැඳෙන්නට ග්ලුටතයෝන් යනු මැජික් එකක් නොවේ.
?️ තවත් ප්‍රධානම කාරණයක් තමයි ග්ලූටතයෝන් භාවිතා කර පැහැපත් වීම කියන්නේ...... එයින් අපේ ශරීරයට ලැබෙන දහසකුත් ප්‍රතිලාභ අතරින් ඇති වන එකම අතුරු ආබාධය බව. ඕනෑම ස්වාභාවික දේක පවා අතුරු ආබාධ තිබෙනවා. එහෙනම් ඔබ දන්නවා අතුරු ආබාධ හැමෝටම එක වගේ බලපාන්නෙ නැති බවත් ..... ඉතින් කොයි තරම් බාහිරින් ග්ලූටතයෝන් ගත්තත්.... එයින් ලැබෙන ඔය කියන අතුරු ආබාධය ඔබට නොලැබෙන්නත් පුලුවන් ??? මම මේ අදහස් කළේ කොයිතරම් ග්ලූටතයෝන් පාවිච්චි කළත් ඔබ පැහැපත් නොවෙන්න පුළුවන් .... අතුරු ආබාධ කියන්නෙ එන්නත් පුලුවන් නොඑන්නත් පුලුවන් දෙයක්. එතකොට ඔබට අවුරුදු ගාණක් එක දිගට උත්සාහ කරන්න වේවි. ඒ ගත යුතු වාර ගාණ පිළිබඳව ඔබේ වෛද්‍යවරයාට වත් අනාවැකි පළ කළ නොහැකි බව මතක තබා ගන්න . ඔබට සිදුවන්නේ අවශ්‍ය තරම් පැහැපත් වනතෙක් ප්‍රතිකාර ගැනීම සහ ප්‍රතිඵල ලැබුන විට පවත්වා ගැනීමයි. වෛද්‍යවරයාට කල හැකි වන්නේ සංකූලතා අවම ලෙස මෙය ඔබේ ශරීරයට ඇතුළු කර ගැනීමට උදව් දීම පමණයි.
?️ අනිත්‍ අවබෝධ කරගත යුතුම දෙය තමයි මේ ප්‍රතිකාරය ගැනීමට ඔබ තීරණය කරනවා නම් මසකට අවම වශයෙන් ශ්‍රී ලංකා රුපියල් තිස්දහසක්වත් ඒ වෙනුවෙන් වියදම් කිරීමේ හැකියාවක් ඔබට තිබිය යුතු බව. ඊට වඩා අඩු නැද්ද වගේ දේවල් comment කරන්න එපා. මට අවශ්‍ය උනේ ඔයාලට මේ ගැන හරි අවබෝධයක් ලබා දෙන්නයි. ගොඩක් අය මුදල් නාස්ති කරගෙන තිබුණා එන්නත්කරණ වාර දහයක් අරගෙනත් සුදු උනේ නැති නිසා දුක් උන අය මට ඒ ගැන කිව්වා.... අවාසනාවට ඒ අතර වෛද්‍යවරුත් හිටියා. (ඒ චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන් නොවන බව කරුණාවෙන් සලකන්න )
?️ඊළඟට ඔයාගෙ හිතට එන ප්‍රශ්නයක් තමයි.... මම ග්ලූටතයෝන් පාවිච්චි කරන කෙනෙක්ද කියන එක..???? උත්තරය *ඔව්*. මම උපතින්ම පැහැපත් කෙනෙක් .... නමුත් අයඩින් ඌනතාවය නිසාත්, හෝමෝන අසමතුලිතතා නිසාත් මගේ සම අවපැහැ උනා තිබුණට වඩා. ඉතින් ඒ නිසා මම ග්ලූටතයෝන් අඩංගු ආලේපන පාවිච්චි කරනවා. ගිලින පෙති හැටියටත් අරගෙන තියෙනවා . හැබැයි හිතුමතේ කඩෙන් ගිහින් අරගෙන නෙමේ....ඒ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය උපදෙස් අනුව තත්වයෙන් උසස් ඒවා.
?️අනිත් කාරණාව ග්ලූටතයෝන් අඩංගු ආහාර ගැන...... මම දකිනව සමහර අය අලිපේර , තක්කලි වගේ දේවල් ආලේප කරන්න කියනව ඒවායේ ග්ලූටතයෝන් තියෙනවා කියල. හොදින් අවබෝධ කරගන්න ග්ලූටතයෝන් අඩංගු ආහාර නෑ.... අක්මාවේදී ග්ලූටතයෝන් නිපදවීමට උදව් වෙන ආහාර තමා තියෙන්නෙ . ඒවා ගෑවට නම් ග්ලූටතයෝන් ලැබෙන්නෙ නෑ..... කෑවොත් තමා ඉතින් ....?

(Beauty Secrets with Rapunzel)