Saturday, October 19, 2024
Follow Us
 MELASMA

?‍කාන්තාවන් වූ අප කෙතරම් වයසට ගියත් රූ සපුව ගැන උනන්දුව අඩුවක් නැතුව දක්වන අයයි. ඒ නිසා මුහුණේ ඇතිවන ඉතා කුඩා පැල්ලමක් වුවත් අපට මහමෙරක් තරම් දැනෙනවා.


? පිරිමින් හා සංසන්දනය කරන විට කාන්තාවන්ගේ මුහුණේ සමේ ඇතිවන ප්‍රශ්න වැඩියි. ගොඩක් අය හිතනවා ඒ ඔවුන් මුහුණ කෙරෙහි දක්වන අඩු සැලකිල්ල නිසා ආලේපන භාවිතයෙන් තොර වීමෙන් ඇති වූ වාසියක් ලෙස. නමුත් එය එසේ නොවේ. ඊට බලපාන හේතුව වෙනස්ම ම එකකි.
? ඒ අතරින් පිරිමින්ට බලපාන්නේ නැති කාන්තාවන්ගේ මුහුණු වල පමණක් දැකිය හැකි තත්ත්වයකි මේ මෙලැස්මා. නමින් දන්නෙ නැති උනාට රූප දැක්කොත් ඔයාලට ඒක ක්ෂණික ව අඳුනගන්න පුළුවන් වේවි.
? අවුරුදු 20-50 අතර කාන්තාවන්ගේ මුහුණේ කම්මුල්, දෙතොලේ උඩ කොටස, නළල, නිකට, නාසය සහ ඇස වටා ප්‍රදේශයෙහි කළු හෝ දුඹුරු පැහැයට හුරු ලප වශයෙන් සමේ පැහැය වෙනස් වීමක් ලෙස මෙම තත්ත්වය දැකිය හැක.
? මෙම පැල්ලම් ඇති වීමට හේතු ලෙස පහත සඳහන් කරුණු දැක්විය හැක.
? හෝමෝන වෙනස් කම් ,
උපත් පාලන පෙති භාවිතය හෝ දරු පිළිසිදගැනීමකින් පසු ව ශරීරයේ ඇතිවන හෝමෝන වල විශාල වෙනස්කම්,
? තයිරොක්සින් හෝමෝනය අඩු වීම කලාතුරකින් ඇතිවිය හැකි හේතුවකි .
? ජානමය හේතු ,
පවුලේ එක් සාමාජිකයෙකුට මෙම තත්ත්වය වේ නම් ඔබට ඇතිවීමේ ඇති වීමේ සම්භාවිතාව 30%කි.
? හිරු එළිය ,
දිගු කාලයක් තිස්සේ අධික හිරු එළියට නිරාවරණය වූ ගෙවිලියන්, සීතල පළාත්වල ජීවත් වන්නන් (ඔවුන් සීතල නිසා හිරු එළිය ලැබීමේ ආශාවට අව්වට වී සිටීම ඇඟට අපහසු නැති නිසා ඔහේ හිරු එළියේ සැනසෙති). හෝ අව්වේ වැඩ වැඩ කරන ඕනෑම කෙනෙක් මෙයට ගොදුරු වේ.
?රූපලාවණ්‍ය ආලේපන
බොහෝ ආලේපනවල වල හිරු ආවරණ නැති වූ විට සහ ඒවායේ ඇති හිරු එළිය සමඟ ප්‍රතික්‍රියා කරන දේවල් නිසා මෙසේ විය හැක. ඇතැම් ආලේපන රාත්‍රියට පමණක් ආලේප කරන ලෙස අවවාද කරන්නේත් මේ නිසයි.
?මේ තත්ත්වය ඇතිවූ විගසම, ඒ කියන්නේ අඳුරු පැහැයෙන් යුතු ලපයක් මුහුණේ ඔබ දුටු විගසම ප්‍රතිකාර පටන්ගත යුතුයි.කල්ගත වනවිට තත්ත්වය බරපතළ වේ. SPF අගය වැඩි හිරු ආවරණ සහිත ක්‍රීම් එකක් සහ එළියට යන විට කුඩයක් හෝ හිස් වැසුමක් පාවිච්චි කිරීම අනිවාර්යයි.
?සුදුසුකම් ලත් සමේ රෝග සම්බන්ධ වෛද්‍යවරයෙක්ගේ උපදෙස් පැතීම ඉතා සුදුසුයි. Azelaic acid, Retinoic acid, Tazarotene, Kojic acid , Glycolic acid අඩංගු ආලේපන වෛද්‍යවරයා විසින් නිර්දේශ කරනු ලැබේ. මේවා නිතිපතා පාවිච්චිය සහ දිගට ම වෛද්‍ය උපදෙස් ලබා ගැනීමත් වැදගත් .
?නවීන ප්‍රතිකාර ලෙස chemical peeling සහ laser ප්‍රතිකාර දැක්විය හැකියි. මේවා මිල අධික වුවත් ඉක්මන් ප්‍රතිඵල ලැබේ.
සති තුනකට වරක් රූපලාවන්‍යාගාරයකින් මේ සඳහා ප්‍රතිකාර කර ගැනීමෙන් බොහෝ දුරට මේ තත්ත්වය පාලනය කර ගත හැක .
? මේ කොයි ලෙඩටත් ප්‍රතිකාරයක් ලෙස ඔබගේ කෑම වේලේ ගුණාත්මක භාවය ගැන සැලකිලිමත් වීම වටී. එමගින් මෙම තත්වයන් බොහෝ දුරට වළක්වා ගත හැකියි .

(Beauty Secrets with Rapunzel)