Saturday, October 19, 2024
Follow Us
ලස්සන දෑසක රහස සොයා යමු

ලස්සන දෑසක් දුටුව නිසා

ඇස් රිදෙන තූරා ඔබ ලුහු බැන්දා...

ලස්සන දෑසින් බැලුව නිසා

මම නොකර කතා ඔබ ලුහු බැන්දා......

 

කාන්තාවගේ දෑස් ගැන කවි, ගී ලියැවුණේ මෑතකදී නෙමේ. අනාදිමත් කාලයක සිටම දෑස් ගැන විවිධ කවි, කතා අපිට අහන්න ලැබුණා. දෑස්වලින් කතා කරන්න, හිනා වෙන්න, රහස් කියන්න, රණ්ඩු වෙන්න, ආදරේ කරන්න මේ හැම දෙයක්ම කරන්න පුළුවන්. විශේෂයෙන් ම ලස්සන දෑසක් කියන්නේ කාන්තාවකට ආභරණයක්.

ඒ වගේම බාල, මහලු, ගැහැනු, පිරිමි අපි හැමෝම දෑස් රැකගැනීම කළ යුතුම දෙයක්. ඇස් දෙක අපිට ඒ තරමටම වටිනවා.

අපි කෙනකුගේ මුහුණ බලන කොට නිරන්තරයෙන්ම ඔවුන්ගේ දෑස් දෙස බැලෙනවා. වැඩි අවධානය යොමු වෙන්නේ දෑසටයි. අප බොහෝවිට කතා කරන්නේ දෑස් දෙස සෘජුව බලමිනි. එම නිසා අපේ දෑස් ද ඉතා අලංකාරව තබා ගැනීමට ප්‍රමුඛතාවයක් දිය යුතුයි.

කාන්තාවක් විදිහට ඇස් රැක ගන්නා අතරම ඇස් දෙක මුහුණට ආකර්ෂණයක් ගෙන දෙන ලෙස අලංකාර කරගැනීමටත් අවධානය යොමු කළ යුතුයි. ඒ නිසාම සැලකිය යුතු ලෙස ආකර්ෂණය වීමට කැමැති කාන්තාවන් වඩාත් විශ්වාසයෙන් යුතු ව මේකප් කරනවා. සමාජශීලී බව හා පුද්ගල සම්බන්ධතාවල දී ස්ථිර මිත්‍රත්වය පවත්වා ගැනීමට ප්‍රියමනාපව හැසිරීමට කාන්තාවන් කැමැතියි. සෑම දෙයක්ම සාර්ථක කර ගැනීමට, රැකියා සම්මුඛ සාකච්ඡා, මිත්‍ර සම්බන්ධතා වර්ධනය කර ගැනීමට, ජනප්‍රිය පුද්ගලයන් හමු වීමට, ඒ වගේ ජීවිතයේ ගොඩක් අවශ්‍යතාවන්වල දී අලංකාරව ප්‍රියමනාපව සිටින පුද්ගලයන්ට සුබවාදීව තම කාර්යයන් තුළින් ජයග්‍රහණ ලැබී තිබෙනවා.

 

උපදෙස්

දීප්ති පෙරේරා

රූපලාවණ්‍ය සහ පෞරුෂ සංවර්ධන උපදේශිකා

(Tharunie)