Saturday, October 19, 2024
Follow Us
යොවුන් දියණියට ෆිෂ්ටේල් විලාසිතාවක්

පාසල් යන බොහොමයක් දියණියන් දිගට කොණ්ඩය වවන්න කැමැතියි. මේ දිනවල නිවෙසටම වෙලා වැඩි කාලයක් ගතකරන නිසා දැන් කොණ්ඩය ගොඩක් වැවිලාත් ඇති.

ඒකාකාරී විදිහට ගෙවන මේ කාලයේ තමන්ගේ කොණ්ඩය මෝස්තරයකට ගොතන්න ඉගෙන ගන්න පුළුවන්. එය කදිම විමෝදයක් ද ගෙන දේවි.

අක්කලා, නංගිලා අම්මත් එක්ක එකතු වෙලා විහිළුවෙන් තහළුවෙන් කාලය ගත කරමින් ගෙවෙන විට එය ජීවිතයට ප්‍රබෝධයක් ද ගෙන දේවි. ඒ නිසාම දියණියන් වඩාත් පි‍්‍රයකරන ෆ්‍රෙන්ච් ෆිෂ්ටේල් ක්‍රමයට (French fishtail) කොණ්ඩය ගොතන ආකාරය මෙලෙස ගෙන එනවා. මේ වගේ දෙයක් කරන්න පුරුදු වීමෙන් මනසට සතුට, සැහැල්ලුව වගේම තමන්ගේ දෑතත් නිර්මාණාත්මකව යම් දෙයකට හුරුකරගන්න ඉඩ ලැබෙනවා. එහෙම නම් අපි කොණ්ඩය ගොනත ආකාරය පියවරෙන් පියවර විමසා බලමු. අවුල් කඩා කොණ්ඩය ඉතා හොඳීන් පීරා ගන්න. කොණ්ඩය අයන් කර ගන්නා තරමට මෙහි ලස්සන මතු වී පෙනෙයි. ඒ වගේම මේ මෝස්තරය වඩාත් සුදුසු වන්නේ කැරලි රහිත කෙළින් කොණ්ඩයකටයි.

හිස මුදුනින් හිසකෙස් පොඩි ප්‍රමාණයක් ගෙන එය සමාන කොටස් දෙකකට බෙදන්න. එයින් එක් පැත්තක කොණ්ඩ කොටසින් පොඩි කොටසන් ගෙන (එවිට කොණ්ඩ කොටස් 3 ක් ඇත)ගෙතීමක් කරන්න. පසුව අනෙක් පසින් කුඩා කොටසක් ගෙන නැවත ගොතන්න. මේ විදිහට කොණ්ඩ කොටස් තුනක් හසුවන සේ ගෙන ගොතන්න. දැන් අපි පළමුව අල්ලාගත් කොණ්ඩ කොටසෙන් කුඩා කොටසක් අල්ලාගෙන ඒ පසින්ම හිසේ ඇති කොණ්ඩයෙන් ටිකක් එයට එකතුකර කොණ්ඩය ගොතන්න. මේ විදිහට දෙපසින්ම තමන් අතට අල්ලාගෙන ඉන්නා කොණ්ඩ කොටසින් ටිකක් හා හිසෙන් ටිකෙන් ටික අල්ලා ගනිමින් දිගටම ගොතාගෙන යන්න.

(Tharuni)