Saturday, October 19, 2024
Follow Us
අපිට බැරි උනා
අපිට බැරිවුනා,
හැන්දෑවක පාක් එකේ වැව අයිනෙ ගහ යට පුටුවෙ ආයෙමත් වාඩිවෙලා ඉර බහින හැටි බලන්න..
අත් අල්ලන් දුර යද්දි දැනෙනවද දැනගන්න
උනුහුමේ ගුලිවෙද්දි උනුසුම්ද විදගන්න
නලලෙ රැදි හාදුව එතරම්ද බර උහුලන්න
එක රෑක ඇත්තටම පුලුවන්ද ලග ඉන්න
හද ගැස්ම වැටෙනවද ආස හැටි අහගන්න
සමරන්න සැමරුමක්වත් එදින කොහොමද විමසන්න
පරන දෑ මතකදැයි මතක් කර කර කියවන්න
ඔවු අපිට බැරි උනා වෙන උන් වගේ ලග ඉන්න සැනසෙන්න...!
" ලෝකෙ සමහර ආදර කතා තියනව ඒ හිත් විතරයි දන්නෙ ආදරේ බව,එකම හදවතක උනුහුමක් වෙනුවෙන්ම ඉපදුන ඒ උනුහුම විදගන්නම දින ගනින පිටස්තර ලෝකෙ කිසිම මනුස්සයෙක් දන්නෙ නැති හමුවීම් ,සංවාදය,සිපගැනීම්,සැමරුම් නැති ආදරකතා ලෝකෙන් සැගවිලා හුස්ම ගන්නව...විශේෂමදේ උන් වාසනාවට ජීවිතේ බාරකරලා කවද හරි හිමිවෙයි මුනගැහෙයි කියන බලාපොරොත්තුවෙන් ආදරේ විතරක් ඒ නමින් රැකගෙන ඉන්නව..ඒ තමයි ඔවුනොවුන් සපථකල ප්රේමයේ නොමියෙනා පාරිශුද්ධත්වය " 
 
-sara-