Saturday, October 19, 2024
Follow Us
අවංක වෙන්න
පුංචි කාලේ අම්මා රහට අනලා කවපු බත් කට ඇතුළෙ තිබුණෙ මොනවද,
කැව්වෙ කවදද කියලා අමතක වුණත්
අවුරුදු ගානක් ගියත් ඒ රහ හිතින් මැකිලා යන්නෑ.
ඒ වගේ, අපේ ජීවිත වලට එන සමහර මිනිස්සු කියපු කරපු දේවල් අපිට අමතක වෙලා ගියත්,
අවුරුදු ගානකට පස්සෙත් ඒ කෙනා ලඟදි අපිට දැනුණ හැඟීම,
මතක් වෙද්දි දැනෙන හැඟීම, කිසිම දවසක අමතක වෙන්නෙ නෑ.
කොච්චර හොඳ දේවල් කරත්, හොඳින් කතා බහ කරත් මතක් වෙද්දි කිසිම හොඳ ෆීලින් එකක් නොදැනෙන මිනිස්සු අපේ ජීවිත වල ඉන්නවා.
මිනිස්සු අපි එක්ක ඉන්නෙ හදවතින්මද, මවාපාන බොරුවකින්ද කියන දේ ඒ හැඟීමෙන් අපිට හරි ලේසියෙන් තේරුම් ගන්න පුලුවන්.
කවදහරි දවසක අද අපි ළඟ ඉන්න මිනිස්සුන්ට, අපි කියපු කරපු දේවල්, අපේ පෙනුම පවා මතකයෙන් අමතක වෙලා යාවි.
ඒ කොහොම වුණත් ගෙවෙන මේ හැම මොහොතකම
වචන වලිනුත්, හැඟීම් වලිනුත්
සම්බන්ධතා වලදි අවංක වෙන්න.
මොකද,
කවදහරි දවසක කෙනෙකුට අපිව අමතක වෙන එක සිය දහස් ගුණයකින් හොඳයි, වැරදියට මතක හිටිනවට වඩා!

-Ishara Somarathna