Tuesday, December 24, 2024
Follow Us
දවල් රස්නිය උහුලා ගැනීමට තරම් බැරිය.සක්කුවෙන් ලේන්සුව අරන් මූන පිහදා ගත්තේ මා ඇගම දහඩියෙන් තෙත් වී ඇති නිසාවෙනි..

 

දහවල් කාලයේ එළි පෙහෙළියට බැසීමට මා එතරම් ප්රිය මනාපයක් නොවීය.ඒ මේ දවස් වල දහවල් කාලයේ ඇති අධික උනුසුම නිසාවෙනි.ඔෆිස් එකේ නිවාඩු දවසක් නිසා මං වෙනදාවට වඩා පරක්කු වී අවදි වූයේ ධහම්ගේ දුරකථන ඇමතුම නිසාවෙනි..ඒ ධහම්ගේ මිතුරෙකුගේ ප්රිය සාදයකට යාමටය...
" හෙලෝ..ධහම්..කොහෙද බන් ඉන්නේ... උඹ එනකන් දැන් මං සෑහෙන්න වෙලාවක් පාරෙ..ඉක්මනට වරෙන්කෝ බන්.."
දුරකථන විසන්ධි කලේද ධහම්ට සිතින් බැන බැනය..
" ෂික් මූ මගේ නිවාඩු දවස කෑවා..එන්නෙත් නෑ වෙලාවට..දැං කීය ඉදන්ද මං පාරේ.."
තනියම මුමුණා ගත් මා දිහ සුසුමක් ගත්තේ කේන්තිය පිට කිරීමට ය..
" අනේ මහත්තයෝ..දවල්ට කාලත් නෑ මං..පුලුවන් නම් මට කීයක් හරි දෙන්න මහත්තයෝ..ඔය මහත්තයට බුදුබව අත් වෙයි.."
දෑස් නොපෙනෙන පුංචි කෙල්ලෙක් මා ඉදිරියට ආවේ කියක් හරි ඉල්ලා ගැනීමටයි..
වයස අවුරුදු පහළොවක් පමණ වෙන මේ ගැහැණු දැරිවී දැකීමෙන් මට මාගේ නංගී මතක් විය.ඇයද මේ ගැහැණු ළමයාගේ වයසට සමාන වයසක පසුවන්නී ය.
" නංගී..ඔයා කොහෙද? ඇයි මේ හිගමන් යන්නේ..ඔයා ස්කෝලෙ යන්නෙ නැද්ද ?.."
මා ඇයගෙන් ඇසුවේ හදවතේ ඇති වූ අනුකම්පා සහිතවයි.
" අනේ මහත්තයෝ..මම ඉන්නේ අර ඈතින් පේන රේල් පාර ගාව තීන පොඩි කඩ කෑල්ලක..අපිට ඉන්න හිටින්න තැනක් නෑ මහත්තයෝ..අපි අද එක තැනක.හෙට තව තැනක..උදේ ඉදන් බඩට මුකුත් වැටිලා නෑ මහත්තයෝ..මං කීයක් හරි හොයා නොගත්තොත් අම්මත් මල්ලිත් දෙන්නමත් බඩගින්නෙ..."
ඇය පැවසුවේ ඇස් වලට ඉනූ කදුළු සගවාලමිනි.
ලෝකය කොයි තරම් නම් නපුරුද..සුන්දර ළමා කාලයකට හිමිකම් කීමට වෙනුවට ඇයට අත් වී ඇත්තේ හිගමන් යදිමින් ඇයගෙ පවුලෙ බර උහුලා ගැනීමය..
" නංගී..ඔයා තාම කාලත් නෑ නේද? එන්නකෝ අපි ගිහින් මොනවා හරි කාලා ඉමු..ඊට පස්සෙ මං ඔයාට අම්මලට අරන් යන්න කෑම අරන් දෙන්නම් හොදද?.."
මම ඇයට පැවසුවේ හදේ උපන් සංවේගයෙනි..
අසල තිබුනු අවන්හලකට ඇයව රැගෙන මා ගියෙමි.ඇයට අවශ්ය ඕනෑම අහාරයක් මිලදී ගැනීමට මම ඉඩ ලබා දුනි..මිලදී ගත් ආහාර ද රැගෙන ඇයත් මාත් අවන්හලේ බංකුවක් මත වාඩි උනෙමි..
" ඉතිං නංගී මට කියන්න ඔයාගෙ විස්තර මං මීට කලින් ඔයාව මෙහෙදි දැකලා නෑනේ..කෝ ඔයාගෙ අම්මා..තාත්තා..එයල මොකද කරන්නේ.."
මා ඇය වෙත ප්රශ්න වැලක් ඉදිරිපත් කළෙමි..
" මහත්තයෝ..! අපිට එක තැනක් කියලා නෑ..අද මෙතන හෙට තව තැනක..අපේ තාත්තා ගිය අවුරුද්දේ වාහනයකට හැපිලා නැති උනා..එදා ඉදන් අම්මා මාවයි මල්ලිවයි බලාගන්න නොකරපු දෙයක් නෑ මහත්තයෝ..ඒත් දැන් එයාටත් මුකුත් ම කරගන්න බෑ මහත්තයෝ..අම්මා වැඩ කලේ ගාර්මන්ට් එකක.එයා ඒකෙ වැඩ කරන අතරෙදි තමා අපිට තාත්තා ව නැති උනේ.තාත්තා නැති උනාම මාවයි මල්ලි වයි බලාගන්න අම්මට ගෙදර නවතින්න උනා.."
ඇය දිගු සුසුමක් හෙළමින් කතාව කීමට පටන් ගත්තාය..
" ඊට පස්සෙ දවල් වරුවට අම්මා එක එක ගෙවල් වල වැඩකරන්න ගියා..ඔය යන අතරවාරයේදී තමා අම්මගේ ඇස් පේන්නෙ නැතුව ගියේ..ඒ එක්කම අපිට උනේ වෙන්න තීන නරකම දේවල් මහත්තයෝ.."
ඇය හඩමින් පැවසුවේ මා ගිණිගොඩකට තල්ලු කරමිනි..
" ඇයි අම්මට මොකද උනේ නංගි.ඇයි අම්මගේ ඇස් පේන්නෙ නැතුව ගියේ..? "
" අපේ අම්මා වැඩ කරන්න යන ගෙදරක කෙනෙක් අම්මා එක්ක රණ්ඩුවකට ආවා.ඒ කෙනා අම්මට ගහපු පාරකින් අම්මාගෙ ඔළුවට ගොඩක් තුවාල උනා..ගහල තිබ්බෙ යකඩ පොල්ලකින්.ඒකෙන් අම්මාගේ ඔළුවේ ස්නායු වලට ගොඩක් හානි උනා මහත්තයෝ..එදා ඉදන් අද වෙනකන් අම්මයි , මායි ,මල්ලියි ජීවත් වෙන්නෙ මං හොයාගන්න කීයකින් හරි තමා මහත්තයෝ .."
ජීවිතය කොතරම් නම් සාහසිකද ? කොතරම් නම් වේදනාකාරීද ? මේ පුංචි කෙල්ලට ජීවිතය ගැන කොතරම් බරක් ඉසිලීමට සිදු වී ඇත් ද ?..
කෑම කා ඉවර වූ ඇය යාමට පිටත් වූවාය..
" අනේ පිං මහත්තයෝ..කාලෙකට පස්සෙ හරියට කෑමක් කෑවමයි මහත්තයෝ..මහත්තයට බුදුබව ලැබෙන්න ඕනෙ.."
ඇය මට පිං දුන්නේ දොහොත් මුදුන් දීගෙනය..
" පොඩ්ඩක් ඉන්න නංගී..මේ කෑම ටික මල්ලිටයි අම්මට යි දෙන්න..මේ සල්ලි ටිකත් තියා ගන්න..අදට ආයේ හිගමන් යන්න එපා මේ ටික ඇරන් ගෙදර යන්න.අම්මයි , මල්ලි යි බලන් ඇති ඔයා එනකන්.."
මම ඇයට කෑම කිහිපයක් මිලදී ගෙන දුන්නෙමි..
ඇය මට පිං දී ආහාරත් රැගෙන ඈතට යනවා මා බලන් ඉදියේ සංවේගයෙනි.
" මචං.කසුන් කොහෙද යකෝ ඉදියේ..උඹට මං කෝල් ගන්නවා ගන්නවා උඹ ෆෝන් ආන්සර කරන්නෙ නෑ..දෙයියෝ බැලුවා වගේ උඹ දැන් හරි කෝල් එක ආන්සර් කරපු එක ලොකු දෙයක්.."
ධහම් පැමිණ කීප වාරයක් මට ඇමතුම් දී ඇති බව මා දැන ගත්තේ ඔහුගේ ඇමතුමෙන් පසුවය..
" හරි ඔහොම හිටපන්.මං එනවා..විනාඩියක් දීපන් මට.."
පුලුවන් ඉක්මනින් ධහම් සොයා ගිය මා ඔහුත් සමග යාමට පිටත් වුනෙමි.
" මොකො බන් උඹ සයිලන්ස්..මොකක් හරි කේස් එකක් ද?."
ධහම් ප්රශ්න කලේ මගේ වෙනස තේරුම් ගෙන විය යුතුය.
" නෑ බන්..උඹ එනකන් මං හෝල්ට් එකේ ඉන්නකොට පොඩි කෙල්ලෙක් ආවා බන් සල්ලි ඉල්ලගෙන..මං ඒ කෙල්ලව එක්කන් ගිහින් කන්න අරන් දීලා සල්ලිත් දීලා යැව්වා බන්..මං ඒ සිද්දියෙන් සෑහෙන්න අවුල් වෙලා ඉන්නෙ ධහම්.."
" උඹ ඔය කියන්නෙ..වයස අවුරුදු පහළොවක් වගේ වෙන පොඩි දරුවෙක් ගැන නේද? ඔය දරුවව මාත් දැකලා තීනවා මචං.මාර පවු බන් ඒ දරුවා..මමත් ඉදලා හිටලා හම්බුනාම කීය කීය හරි දෙනවා මචං..පව්..ස්කෝලෙ යන්න ඕනෙ දරුවෙක් බං ඔය හිගමනේ යන්නේ.."
ධහම් ද පැවසුවේ සංවේගයෙනි..
වෙනදාට ධහම්ටත් වඩා නොඉවසිල්ලෙන් , උනනුවෙන් ,විනෝදෙන ඉන්න මම අද සෑහෙන්න තරම් අවුල් වී ඇත.ඒ දහවල් මා මුහුණ දුන් සිදුවීම නිසාවෙනි..
පාර්ටියට ගොස් ගෙදර පැමිණි මා කාමරයට වැදුණේ හිතේ ඇති වී තිබෙන කණගාටුව මග හරවා ගැනීමටය..
මගේ නංගීත් ,ඇයත් සසදන විට අහසට පොළව වැනිය..අම්මාගේ තාත්තාගේත් මගෙත් හුරතලය ,රැකවරණය මැද්දේ හැදෙන මගේ නංගී ජීවිතය පිළිබඳ කිසිම බැරෑරුම් කමක් නොදැනී...
මේ සිදුවීම් සියල්ල කල්පනා කරමින් සිටි මා නින්දට යන විට පානදර වී තිබුණි.
පසුවදා උදෑසන කාර්යාලයට යාමට මා හැද පැළද ගත්තේ කඩි මුඩියේ ය. ඉක්මනින් හැද පැළද ගත් මා නංගීත් සමග පාරට පැමිණියේ පොදු ප්රවාහනයට පිං දී බසයකට නැග ගැනීමේ අරමුණෙනි..වැඩි වේලාවක් යාමට පෙර මටත් නංගීටත් බසයකට ගොඩ වීමට ලැබුනි.
ගමන පටන් ගත් බස් රථය මද දුරක් ගිහින් හදිසියේ නතර වූයේ මිනිස්සුන්ගේ කළබලකාරී හඩිනි.
" අනේ දෙයියනේ...පොඩි දරුවෙක් නේද ? ,ලේ ගොඩක් ගිහින් නේද ? ඉක්මනට වාහනේ කට කතා කරන්න.මේ ළමයට අමාරුයි.."
කීප දෙනෙක් කෑ කෝ ගසන හඩට මාද බසයෙන් බැස ඉදිරියට ගියේ සිදු වී ඇත්තේ කුමක්ද යන්න දැන ගැනීමටය..
මිනිසුන් විශාල පිරිසක් වට වී සිටියේ ය.අතරින් පතරින් රිංගා මා බොහොම අමාරුවෙන් ඉදිරියට ගියෙමි..
බිම වැටී ඇත්තේ පොඩි ගැහැණු ළමයෙකි..ඇය ලේ විලක් මැද වැටී සිටියේ මුනින් අතටය..
ටික වෙලාවක් ඒ දෙස බලා සිටි මා හට මතක් වූයේ ඊයේ මා පිහිට වූ සිගන දරුවාය..මේ ළමයාත් ඇයට බෙහෙවින් සමාන කමක් දැක්වූවාය..
ටික වෙලාවක් ගත වූ පසු අනතුර සිදු වූ ස්තානයට පොළිසියෙන් පැමිණියේ ය.ඒ වනවිටත් ගැහැණු දැරිවිය මෙලොව හැර ගොස් ඇති බව බොහෝ දෙනාගේ මතය විය.
" වැඩක් නෑ..මේ කෙල්ල මැරිලා..ගොඩක් ලේ ගිහින්..මේ අර පාර දිගේ හිගමන් යදින අහිංසක කෙල්ල..පව් දෙයියනේ..මොන අපරාධයක් ද ? "
මැදිවියේ කාන්තාවක් පවසනවා මා හට ඇසුනේය.
මා උඩ ගිහින් බිම වැටුනා වැනි හැගීමක් මට දැනුනි.දෙවියනේ මේ මං ඊයේ උදව් කල අසරණ කෙල්ල නේද ? දෙයියනේ ඒ අහිංසක කෙල්ල නේද මේ ලේ විලක් මැද වැටී සිටින්නෙ...
මා හඩා වැටුනේ ඉකි ගසමිනි..ජීවිතය කොතරම් නම් දුකයිද ? ඇයගේ අම්මාත් , මල්ලීත් මේ ගැන කිසිම දෙයක් නොදනී.ඇය ගේ අතේ තිබී රුපියල් දහයක කාසි කීපයක් අහුලා ගත් පොළිස් නිළධාරියා එය බෑගයකට දමා ගත්තේය..ඒ ඇයගේ අද දවසේ ආදායම විය යුතුය...
ධෛවය කොතරම් නම් කුරිරුද ? අහිංසක මල් කැකුළක් ගේ ජීවන ගමන් ඉන් අවසන් වුවාය..හැඩූ කදුලින් මා නංගීත් රැගෙන පාසල වෙත ගියෙමි..
මොහොතකට මට සිහි වුයේ දුප්පත් සිගන දරුවාගේ අම්මා තාමත් ඇය එනතුරු මග බලා ඇති..එය සිහිවන විට මා හට දරා ගත නොහැකි දුකක් දැනු ණි..
-Praveen Lakshan