Tuesday, December 24, 2024
Follow Us
සිතක් මට අහිමිදෝ

 . . .
'' අම්මේ අම්මේ එයාලා හෙට එනවා කියලා call එකක් දුන්නා...''
'' අනේ අපේ මූණ දෙයියෝ බැලුවා ලොකු දුවේ..හැම දේම හරි යන්න ඕනේ දෙවියන්ගේ පිහිටෙන්...''
'' අනේ මේ අම්මේ ඔන්න මේ වැඩේ නම් කොහොම හරි ඉවර කරලා දාන්න ඕනේ..මේ මල හෝන්තුවත් එක්ක ගෙදර ඉදලා මට දැන් ඇති වෙලා තියෙන්නේ..'' මගේම අක්කා මට එහෙම කියාගෙන ගේ ඇතුළට ගියේ මාවත් තල්ලු කරගෙන...මාව ගිහින් කුස්සියේ තිබුණ දොරෙ වැදුණේ හිතුවෙවත් නැති විදිහට..
'' ඩෝං...'' එක පාරටම මහා සද්දයක් ආවේ මාව හැප්පිච්ච පාරට...
'' පොඩි දුවේ...අනෙ මගේ මැණික කෝ නැගිටින්න නැගිටින්න..රිදුනේ නෑ නේද මගේ රත්තරන්ට...'' අම්මා මන් ලගට දුවගෙන ඇවිත් මාව නැගිට්ටුවේ ගොඩක් ආදරෙන්...මේ ලෝකෙ මට ආදරේ කරන එකම කෙනා තමයි මේ ඉන්නේ...මගේ පණ මගේ රත්තරන් අම්මා...ඉපදුන දවසේ ඉදන් මූසල කෙල්ලෙක් ගානට දාලා ඉදපු මට වටිනාකමක් දීපූ එකම කෙනා තමයි මගේ අම්මා..
'' නෑ අම්මේ මට ගොඩක් රිදුන් නෑ...'' අම්මගේ වාරුවෙන් නැගිටින ගමන් මම එහෙම හිතින් හිතුවේ අම්මගේ මූණ දිහා බලාගෙන...
'' දන්නවනේ මගේ මැණික අක්කගේ හැටි ඔයා ඕවා ගනන් ගන්න එපා මගේ මැණික..මගේ රත්තරන්ට මම ඉන්නවනේ...'' හරිම ආදෙරෙන් අම්මා එහෙම කියනකොට මගේ ඇස් වල කදුලු පිරුණේ ඉබේටම ....
'' යසෝ යසෝ කෝ මේ ගෑණී...'' ඒ මගේ තාත්තා අදත් හොදටම බීලා..අදත් මට ගුටි කන්න වෙයිද දන්නෑ කියන බයට මන් අම්මට තුරුල් වුණේ මගේ එකම ආරක්ෂකයා ඇය නිසා...
'' මගේ මැණික මොකද මේ බය වෙලා කෝ රත්තරන් මගේ මූණ දිහා බලන්න ඔයාට කවුරුත් මුකුත් කියන්නෑ අම්මා ඉන්නවනේ මගේ රත්තරන් ළගින්...''
මම පොඩි එකෙක් වගේ අම්මට තුරුල් වුනේ ඇයි කියලා අම්මට දැනෙනවා..මොකද මන් ගැන හොදටම දන්න වෙන කෙනෙක් නෑ මගේ අම්මා තරම්..
'' මොකෝ ගෑණියේ උබ මෙතන්ට වෙලා කරන්නේ...මෙකී මොකද මේ උබ ලගට වෙලා ඉන්නේ...මම තොට කියලා තියනවා නේද මගේ ඇස් ඉස්සරහට එන්න එපා කියලා කාලකන්නි මූසලී...තෝ ඉපදුන නිසා තමයි අපේ පවුලම නැති වෙලා ගියේ..අර හදහන බලපු මහත්තයත් කිව්වා තෝ නිසා තමයි මට කිසිම දෙයක් හරි යන්නැත්තේ කියලා..පලයන් යන්න මගේ දෑහැට නොපෙනී..'' තාත්තා එහෙම කියනකොට මම තවත් අම්මට තුරුල් වුණේ මාව බේර ගන්න කියලා...
'' මොකද සිරී මේ කෙල්ලට කෑ ගහන්නේ..ඒකී මොන වරදක් කරාටද..මේ ගෙදර හැමෝටම මොන වැඩේ වැරදුනත් අන්තිමට පලි මේ අසරණී තමයි...දෙයියන්ගේ නාමේට මේ කෙල්ලට පාඩුවේ ඉන්න දෙනවද..'' අම්මා හැමදාම තාත්තා එක්ක මෙහෙම රණ්ඩු වෙනවා..ඒ මන් නිසා..මේ කාලකන්නි මන් නිසා...මට දැනුනේ මන් ගැනම දුකක්..
ඇත්තටම මන් කාලකන්නි කෙල්ලෙක්.. මම මූසල කෙල්ලෙක්..ඒ හැමදේකට මුල මන් ගොලු කෙල්ලෙක් වුණ එකද...පොඩි කාලේ ඉදන් මම හිනා වෙලා හිටියනම් හිටියේ මගේ අම්මා ඉන්න තැනදි විතරයි...අක්කායි මායි නිවුන්නු...අපි දෙන්නගේ කිසිම වෙනසක් නෑ...ළග තිබ්බොත් අපි දෙන්නව වෙන් කරලා අදුර ගන්න ගොඩක් අමාරුයි..අපි දෙන්නා වෙනස් වුනේ එක දේකින් විතරයි...අක්කා සර්ව සම්පූර්ණ කෙනෙක්..ඒත් මම උපතින්ම ගොලුයි..‍යන්තන් වචන දෙකතුනක් අමාරුවෙන් කියනවා ඇරෙන්න මට කතා කරන්න බෑ..මන් ඒ අමාරුවෙන් කියන වචන දෙක තුනේ වුණත් හරියට සද්දෙ පිට වෙනවද ඒක වෙන කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන්ද කියලා මන් හරියටම දන්නෑ...අම්මයි අක්කයි තාත්තයි නම් පොඩි කාලේ ඉදන් මාත් එක්ක ඉදපු නිසා මන් කියන දේ තේරුම් ගන්නවා...
මගේ නම පහන්දි මෙතුලිමා..අක්කා ශෙනාදි මෙතුලිමා..අපි දෙන්නටම තාම විසි තුනයි..පොඩි කාලේ ඉදන් තාත්තා මට ගොඩක් වෙනස්කම් කරා..මන් ගොලු නිසා තාත්තට පොඩි කාලේ ඉදන්ම මාව පේන්න බෑ..එයා ආදරේ අක්කට විතරයි..අක්කත් එහෙමයි..අක්කා ඉස්සර ඉදන් පොඩ්ඩක්වත් මට කැමති නෑ..එයා කියන්නේ මම නිසා එයා ගොඩක් ලැජ්ජ වුණාලු...එයා ඉස්කෝලේ යනකොට මාත් එක්ක යන්නෑ..ළමයි එයාට හිනා වෙනවා කියලා ගොලුවෙක් එක්ක ඉන්නවා කියලා..ඒක නිසා පොඩි කාලේ ඉදන් මම හැදුනේ තනියම..අක්කයි මායි එකම පන්තියේ හිටියට අපි දෙන්නා හිටියේ අදුරන්නැති ගානට..මට කතා කරන්න බැරි වුණත් මට හොදට ඉගෙන ගන්න පුලුවන්..මන් තමයි හැමදාම පංතියේ පලවෙනියා ගන්නේ..අක්කා ඒකටත් මාත් එක්ක ගොඩක් තරහින් හිටියේ..මන් වැරැද්දක් නොකරත් එයා මට ගොඩක් බනිනවා හැම වෙලාවෙම වගේ..ඒත් මම එයාට ගොඩක් ආදරෙයි..අක්කයි තාත්තයි කොච්චර මට වෙනස්කම් කරත් එයාලා මගේ පවුලේ අය..මන් ඒ හැම දෙයක්ම ඉවසන් ඉන්නවා..මේක තමයි මගේ ලැබීම..මම ගිය ආත්මෙ ලොකු පවක් කරලා ඇති ඒකයි මට මේ ආත්මෙ කතා කරන්න බැරි වුනේ..ඒ පව මම මේ ආත්මෙදි ගෙවන්නම ඕනේ...
'' මේ ඕයි තමුසෙට ඇහෙන් නැද්ද..යකෝ මේකි ගොලුයි මදිවට දැන් බීරිත් වෙලාද...'' අක්කා එක පාරට ඇවිත් මගේ කොණ්ඩෙන් ඇද්දා... '' මේ....අහනවා මගේ රෙදි වගයක් තියනවා කාමරේ ඒ ටික ගිහින් හෝදලා දානවා..තව ටික වෙලාවකින් මගේ යාලුවෝ කට්ටියක් එයි..තමුසේ එහෙම ඉස්සරහට එනවා නෙවෙයි...මන් ආයිත් නොකිව්වා කියන්න එපා..ආ...තව එකක් එයාලට දවල්ට කෑමත් හදන්න වෙයි..මන් ඒක හරියටම දැනගෙන උබට කියන්නම්..මතක තියා ගන්නවා ඉස්සරහට එහෙම එන්න එපා..මට ඉන්නේ නංගි කෙනෙක් නෙවෙයි ගොලු හෝන්තුවක් කියලා එයාලත් දැන ගනී නැත්තන්...'' අක්කා ඒ කියපු වචන ටිකට ඇත්තටම මගේ පපුව පිච්චිලා ගියා...මේක මම හිතලා කරපු දෙයක්ද දෙවියනේ ඇයි මිනිස්සු මේ විදිහට තව කෙනෙක්ව පහත් කරලා කතා කරන්නේ...
කෙල්ලගේ ඇස් වල කදුලු පිරුණා ..මේ අහිංසක මූණ දිහා බලාගෙන කොහොම නපුරුකම් කරනවද කියලා හිතා ගන්නවත් බෑ..ඒ සුදු පාට මූණ රතු පාට වෙලා..කවුරු හරි දැක්කොත් මේ කෙල්ලට කතා කරන්න බෑ කියලා ඒක කවුරුත්ම විශ්වාස කරන එකක් නෑ...මේ තරම් අහිංසක හදවතක් දීලා දෙවියෝ මේ කෙල්ලව මෙහෙම අඩු පාඩුවක් එක්ක මැව්වේ ඇයි දන්නෑ...හැමෝගෙන්ම එක එක දේවල් අහගෙන දවසින් වැඩි හරියක්ම ඇස් වල කදුලු පුරවන් ඉන්න මේ අසරණීට කවදා නම් හිනා වෙලා ඉන්න ලැබෙයිද...
'' මගේ මැණික කෝ ඔයා අයින් වෙන්න මම උයන්නම් රත්තරන්...මගේ මැණික හැමදාම වැඩ කරනවනේ...'' අම්මා එහෙම කියාගෙන මන් ළගට ආවේ මම අක්කගේ රෙදි හෝදලා ඉවර වෙලා අක්කගේ යාලුවන්ට උයන්න කුස්සියට ආපු වෙලාවේ...
මම අම්මට අතින් එපා එපා කිව්වත් අම්මා මට යන්න කියලා තනියම උයන්න ගත්තා..ඒත් මම ගියේ නෑ අම්මා ළගටම වෙලා ඉදියා..මට අම්මා ගැන ඇති වුණේ ලොකු දුකක්..එයා මන් ගැන කොච්චර හිතනවද...මට මතකයි ඉස්සර දවසක මායි අක්කයි සෙල්ලම් කර කර ඉන්දැද්දි මාවයි අක්කවයි වැටුණා...මට තමයි ගොඩක් තුවාල වුණේ ඒත් තාත්තා දුවගෙන ඇවිත් වඩා ගත්තේ අක්කව එයා මන් දිහා බැලුවෙවත් නෑ..මන් හොදටම අඩනවා..අම්මා තමයි මන් ළගට දුවන අවේ..ඒත් තාත්තා අම්මට හොදටම බැන්නා මාව බලන්න එපා මන් තමයි අක්කවත් වැට්ටුවේ කියලා..අම්මටත් කර ගන්න දෙයක් නෑ..තාත්තා ගොඩක් සැරයි එයා කියන දේ නොකෙරුවොත් එයාට ගොඩක් තරහා යනවා. ඒක නිසා අම්ම එයා කියන දේ ඇහුවා..එයා තාත්තා ගෙදරින් යනකන් ඉදලා මන් ළගට ඇවිත් මාව බදාගෙන ගොඩක් ඇඩුවා..එදා මට අම්මා ගැන දැණුනේ ලොකු ආදරයක්...මොකද අම්මා විතරයි මන් ළග හැමදාම හිටියේ..ඉස්සරහට ඉන්නෙත් ඒක මන් දන්නවා..මේ ගොලු කෙල්ලට කවුරුත් ආදරේ නෑ....
'' ආ...නෝනා හාමු මොකෝ වැඩ ඉවරද අම්මට උයන්න දීලා බලන් ඉන්නේ...තමුසෙට ලැජ්ජාවක් කියලා දෙයක් නැද්ද ඕයි..අම්මා උයනවා තමුසේ මෙතන අත් දෙකත් බැදන් බලන් ඉන්නවා..'' අක්කා මට එහෙම බනිනකොට මන් අක්කගෙ මූණ දිහා බලන් හිටියේ හිතේ තියන දේවල් කියා ගන්න බැරුව..එයාගේ හැම වැඩක්ම කරන්නේ මම..එයා ගෙදර කිසිම දෙයක් කරන්නෑ..ඒත් පොඩ්ඩක් මන් නිකන් ඉදියොත් මට බනිනවා...
'' මොකෝ ලොකු දුවේ මේ කෑ ගහන්නේ..'' තාත්තත් ඒ වෙලාවෙම කුස්සියට ආවා..අම්මා බය වෙලා බලන් ඉදියේ තාත්තා මට මොනවා හරි කියාවිදෝ කියලා..
'' නෑ තාත්තේ මේ ගොලු හෝන්තුව හොදට මෙතන බලන් ඉන්නවා අම්මට උයන්න දීලා..ඒව හොද වැඩ නෙවෙයිනේ තාත්තේ...'' අක්කා කිව්වේ එයා ගොඩක් හොද කෙනෙක් වගේ...
'' උබ මොකෝ අම්මට වැඩ කරන්න දීලා බලන් ඉන්නේ..මන් උබට කියලා තියනවා නේද උබ මේ ගෙදර හැම වැඩක්ම කරන්න ඕනේ කියලා..තෝව අපි ඉක්මන්ටම මේ ගෙදරින් යවනවා..මට දරුවෝ දෙන්නෙක් නෑ..ඉන්නේ එක කෙල්ලයි...උබ මගේ ළමයෙක් නෙවෙයි..ගොලු එවුන් අපේ පරම්පරාවේ කවදාවත් ඉදලා නෑ..උබ අපේ පවුලේ මඩ ගෑවා..මට උබේ මූණවත් පේන්න බෑ...'' තාත්තා එහෙම කියන ගමන් මන් ළගට ආවේ කේන්තියෙන්...
'' අනේ සිරි කෙල්ලට මුකුත් කරන්න එපා..අනේ මගේ අසරණී...'' අම්මා එහෙම මන් ළගට දුවගෙන ආවත් තාත්තා අම්මව තල්ලු කරලා දැම්මා..
අනේ අර අසරණී හොදටම බය වෙලා..හොදටම ගැහෙනවා...තාත්තගේ දිහා හරි ආදරෙන් බලන් ඉන්නේ මට ගහන්න එපා කියන්න වගේ..මේ කෙල්ලට කතා කරන්න පුලුවන් වුණානම් මේ අසරණී අද ගොඩක් සතුටින් ඉන්න තිබුණා...
'' අපේ පවුල නැති කරන්න ආපු ගොලු මූසලී...උබට මම අද හොද වැඩක් කරන්නම්..හිටපන්...'' එහෙම කිය කිය පහන්දිගේ තාත්තා එයාගේ ඔලුවෙන් අල්ලගෙන බිත්තියෙ ගැහුවේ අර අසරණීට ලොකු දුකක් දෙමින්..අනේ මට රිදෙනවා ඔහොම කරන්න එපා තාත්තේ කියලා කොහොම කටක් ඇරලා කියන්නද දෙයියනේ...ශෙනාදිට නම් හොදටම හිනා තමන්ගේ නංගිට නේද මෙහෙම කරන්නේ කියලා එයාට ගානක්වත් නෑ...ඔහොම ගහලා ගහලා ඇති වුණ නිසා පහන්දිව එහෙම්ම තල්ලු කරලා තාත්තා ගියේ කිසිම හිතක් පපුවක් නැති මිනිහෙක් වගෙ..ඒ කෙල්ල හොදටම බය වෙලා...අත් දෙකත් ගුලි කරගෙන බයෙන් බයෙන් බිත්තියේ මුල්ලටම ගිහින් හේත්තු වුණේ ඇස් දෙකෙන් කදුලු පුරෝගෙන...
'' අනේ මගේ රත්තරන් පුතේ කෝ කෝ මන් ළගට එන්න රත්තරන් තාත්තා ගියා මගේ මැණික ''...මගේ මැණිකට ගොඩක් රිදුනද...අම්මා අඩ අඩ ඇවිත් මාව තුරුල් කර ගත්තා..අම්මටත් මේවට කරන්න දෙයක් නෑ..තාත්ත ඕන විදිහට තමයි ගෙදර හැම දෙයක්ම වෙන්නේ...
'' ඇතිද උබට හම්බ වුණා..අදින් පස්සෙවත් තමන්ගේ තරම දැනගෙන ජීවත් වෙනවා...'' අක්කා එහෙම කියාගෙන ගියේ බිම වාඩි වෙලා ඉදපු මගේ කකුලකුත් පාගෙගෙන...
'' ඇයි දෙයියනේ උබලා මේ අසරණී ට මෙච්චර කරදර කරන්නේ..උබලට කියලා හිතක් පපුවක් නැද්ද...'' අම්මා එහෙම කෑ කෑගැහුවේ අක්කට...
'' අම්මේ අම්මා දුක් වෙන්න එපා මට ගොඩක් රිදුන්නෑ..මට මේවා දරා ගන්න පුලුවන් අම්මේ මට මේව දැන් පුරුදුයි...මම එහෙම හිතින් හිතුවේ කටින් කියන්න බැරි කමට...මාව මේ ජීවිතෙන් ගලව ගන්න දෙවියනේ...

'' අම්මේ අම්මේ දැන් අර කට්ටිය එනවත් ඇති...''
'' උබ ලෑස්තිද ලොක්කියේ..අනේ අපි මේ කරන්නේ වැරදි වැඩක් දෙවියනේ...මගේ නම් හිතට හරි නෑ ලොක්කියේ..අර අසරණී තමයි දවසක දුක් විදින්න ඕනේ...''
'' අනේ මේ අම්මේ අම්මටනම් මොකද අම්මට ඕනේ තවත් ඕකිව හුරතල් කර කර තියාගෙන ඉන්නද...අනේ මේ අම්මේ මෙතන නහයෙන් අඩන්නැතුව ඉන්නවද...තාත්තට එහෙම ඇහුණොත් නිකන් බැනුම් අහන්න වෙන්නේ...''
'' අක්කටයි තාත්තටයි ඕන දේ එයාලා කොහොම හරි කරනවා මට මොනවා වුණත් එයාලට ගානක් නෑ..ඇත්තටම මාව මෙ පවුලට බරක්...කවුරුත් මට ආදරේ නෑ...ඔය එන මිනිස්සු ඇත්ත දැන ගත්තොත් මොනවා වෙයිද දෙයියනේ...'' කෙල්ල එහෙම හිත හිත කාමරේට වෙලා අඩන්න ගත්තේ තමන්ට වෙන්න යන දේ හිතා ගන්නවත් බැරුව..
පහන්දිගේ පවුලේ අය හදන්නේ ඒ කෙල්ලව කොහොම හරි බන්දලා දෙන්න..ඒත් එහෙම කරන්න හදන්නේ ලොකු බොරුවක් කරලා..එන මනමාලයා ඉස්සරහට යන්නේ පහන්දි නෙවෙයි අක්කා..එතකොට කවුරුත් දැන ගන්නෑනේ පහන්දි ගොලුයි කියලා..අනික මේ දෙන්නම එක වගේ නිසා අදුර ගන්නත් බෑ..පහන්දිගේ අම්මා මුලින්ම මේ වැඩේට කැමති වුණේ නෑ..ඒත් අන්තිමට සිරීගෙයි පහන්දිගේ අක්කගෙයි බල කිරීමට එයා ඒකට කැමති වුනේ මේ අසරණීටත් යන කලක් තියෙන්න ඕන නිසා...
'' උබට මේ මගුලවත් හරි ගියොත් හොඳයි...එතකොට මට බයක් නැතුව මේ ගෙදරට යාලුවෙක්වත් ගෙන්න ගන්න පුලුවන්..උබ මේ ගෙදර ඉන්නවා දකින එක තමයි මගේ ජීවිතේ මන් දකින අප්පිරියම දේ...උබ මේ මිනිස්සු ටික යනකන් එලියටන්ම් එන්න එපා හොදද..දන්නවනේ තාත්තගේ හැටි...'' අක්කා මට එහෙම කිව්වේ තර්ජනය කරන ගමන්...කරන්න දෙයක් නැති කමට මම මගේ ජීවිතේ පොඩි කාලේ ඉදන් මට වෙච්ච හැම දේම ලියලා තියන මගේ diary අතට ගත්තේ මගේ හිතේ තියන හැමදේම ලියන්න ඕන නිසා..

මෙතුල් තත්සර අවුරුදු ගාණක් රට ඉදලා ගිය මාසේ ලංකාවට ආවේ..හරිම අමුතු කොල්ලෙක් රට ඉන්නකොට ඕන තරම් කෙල්ලෝ එක්ක ඉදියා..ඒත් කවදාවත් බදින්න කෙල්ලෙක් ආශ්‍රය කරේ නෑ...සල්ලි කොච්චර තිබුණත් කොල්ලගේ පවුලේ අයටත් කොල්ලටවත් කිසි ලොකුකමක් හිතේ නෑ..හැබැයි බොරුවයි වංචාවයි පේන්න බෑ... පහන්දිගේ ගෙදර එන්නත් කැමති වුණේ මෙතුල්වත් පවුලේ අයවත් සල්ලි පස්සෙ දුවන්නේ නැති නිසා...හැබැයි කොල්ලගේ හිතේ කිසිම ආසාවක් නෑ බදින්න ගෙදර අයගේ බල කිරීමට මෙහෙම ගමනක් ආවේ...

'' මොකද කියන්නේ පුතේ කෙල්ල නම් ලස්සනයි...අහිංසකයි...අපි නම් මේකට කැමති පුතා මොකද කියන්නේ...'' මෙතුල්ගේ අම්මයි තාත්තයි එහෙම ඇහුවේ පහන්දිගේ අක්කා ශෙනායව දැකලා..ඒත් ඇත්තටම මේ ගෙදර අය කරන්න යන බොරුව දැන ගත්තොත් මේ අය මොනවා කරයිද...
'' අම්මලගේ කැමැත්තක් මට ඕන දෙයක්...'' මෙතුල් එහෙම කිව්වේ අම්මලා කියපු දේ ගනන් නොගෙන වගේ..ඒත් ශෙනායව දැක්කම මෙතුල්ගේ හිතේ පොඩි කැමැත්තක් ඇති වුණා..
'' එහෙනම් අපි මේක ඒ ගෙදර අයට කියමු පුතේ...සල්ලිකාර පවුල් වල ළමයින්ට වඩා ගමේ අහිංසක කමට හැදුනු කෙල්ලො තමයි හොද...'' මෙතුල්ගේ අම්මා එහෙම කිව්වේ ඇත්තටම සතුටකින්..තමන්ගේ පුතා මේ යෝජනාවට කැමති වුණා කියලා එයාට හිතා ගන්නවත් බෑ...

'' අන්න උබේ කුමාරයා උබට කැමති වෙලා..අක්කා මන් ළගට ඇවිත් එහෙම කිව්වේ මගේ හිතේ බය තවත් වැඩි කරවන ගමන්..අනේ කවදාවත් දැකලවත් නැති කෙනෙක්ව මන් කොහොමද මෙහෙම බදින්නේ..අනික එයා මම ගොලුයි කියලා දැන ගත්ත දවසට මට මොනවා නොකරයිද...ඇයි මාව මෙහෙම අසරණ කරන්නේ දෙවියනේ...
දින සති ගණන් ගෙවිලා ගියා..මෙතුල් ආයිත් කවදාවත් පහන්දිලගේ ගෙදර ආවේ නෑ..ඒත් ඉදලා හිටලා ගෙදරට කෝල් කරා..පහන්දි වගේ කතා කරේ ශෙනායා..ඒ කියන්නේ පහන්දිගේ අක්කා..මේ රගපෑම දිගටම කෙරීගෙන ගියා..අන්තිමට වෙඩින් එක දවසත් ලං වුණා..කෙල්ල හිටියේ ගොඩක් බය වෙලා..අදුරන්නෙවත් නැති කෙනෙක් එක්ක තමයි මේ අහිංසකීට ජීවත් වෙන්න වෙන්නේ හෙට ඉදන්...

'' මොකද අනේ ඔයා බය වෙලා වගේ ඉන්නේ..'' මෙතුල් මට ළං වෙලා එහෙම ඇහුවත් මට ඒකට උත්තරයක් දෙන්න විදිහක් තිබුනේ නෑ...
'' බය වෙන්න එපා අනේ මම යකෙක් නෙවෙයි...'' කොල්ලට කෙල්ල ගැන සැකයක්වත් ඇති වෙලාද ...එහෙම වුණොත් හැමදේම මෙතනින් ඉවර වෙනවා..
කොහොමින් කොහොම හරි වෙඩින් එකේ වැඩ ඉවර වුණා..ශෙනායටයි තාත්තටයි ගොඩක් සතුටුයි..ගොලු කෙල්ල නැත්තන් ගොලු හෝන්තුව මූසල කෙල්ල අද ඉදන් ගෙදර නැති නිසා...ඒත් අම්මනම් ඉදියේ ගොඩක් බයෙන් වගේම දුකින් ...කෙල්ලට මේ මොහොතේ ඉදන් එක තත්පරෙත් එක විනාඩියෙත් ඉන්න වෙන්නේ බයෙන් කියලා අම්මා දන්නවා..
'' මේ කෙල්ලේ මොකද ඔයා අද මාත් එක්ක එක වචනයක්වත් කතා කරන්නැත්තේ...'' මේ අපේ පලවෙනි රෑ..ඇත්තටම මට මෙතුල්ව දැක්කම හරි පුරුදු බවක් දැනුණේ..ඒත් මම මේ කොල්ලව රවට්ටනවා නේද කියලා දැනෙනකොට මට කියා ගන්න බැරි තරම් දුකයි..එයා බැන්දේ ගොලු කෙල්ලෙක්ව කියලා එයා දැන ගත්තොත්...
කොල්ලව රවට්ටන්න කෙල්ලට හිත දුන්නෙම නෑ..එයා කරේ ඇදේ වාඩි වෙලා ඉන්න මෙතුල් ළගට ගිහින් එයා පොඩි කාලේ ඉදන් අද වෙනකන් තමන්ගේ හිතේ තිබුණ හැම දේම ලියපු diary එක ගිහින් මෙතුල්ගේ අත උඩින් තිබ්බේ..මේක ගන්න කියලා කටින් කියන්න බැරි කමට...එහෙම දීලා කෙල්ල wash room එකට ගිහින් දොර වහා ගත්තේ තව ටික වෙලාවකින් තමන්ට වෙන්න යන දේ දන්න නිසයි..
පුදුමෙන් වගේ පහන්දි දිහා බලන් ඉදපු මෙතුල්ට මේ මොකද්ද වුණේ කියලා හිතා ගන්නවත් බෑ..කෙල්ල diary එකත් දීලා මෙහෙම අඩාගෙන wash room එකට දිව්වේ ඇයි...කොල්ලා පොත අතට ගත්තේ හිතේ දෙගිඩියාවෙන්...

'' ඇරපන් මේ දොර උබලා අපිව රැවැට්ටුවා..තෝ වගේ ගොලු කෙල්ලෙක් එක්ක මට ජීවත් වෙන්න බෑ යකෝ...පලයන් යන්න මගේ දෑහැට නොපෙනී..බොරුව තමයි මට පේන්න බැරි..උබලා කොහොමද යකෝ මෙච්චර ලොකු බොරුවක් කරේ කියපන්...උබ ගැලපෙන කෙනෙක් හොයා ගනින් ආව මෙතන මගේ කරේ එල්ලෙන්න..'' මෙතුල් එහෙම කියලා දොර ඇරන් එලියට ආපු කෙල්ලව ඇදලා තල්ලු කරලා දැම්මේ ගොඩක් තරහින්..හිතුවෙවත් නැති විදිහට කෙල්ලව පෙරලිලා ගිහින් පඩි පෙලෙන් වැටිලා බිත්තියේ ඔලුව වැදුනේ කෙල්ලගේ ජීවිතේම අපායක් කරමින්...
සතියකට පසුව...
'' අනේ මගේ රත්තරනේ නැගිටින්නකෝ මේ පව්කාරයට සමාව දෙනවා නේදා...මන් ඔයාව කවදාවත් අඩවන්නෑ මගේ රත්තරනේ ...ඒක මන් පොරොන්දු වෙනවා..එදා ඔයා මට දීපූ පොතේ මම කියෙව්වේ මුල් පිටුව විතරයි දෙයියෝ..ඒකේ ඔයා ගොලු කෙල්ලෙක් කියලා ලියලා තියෙනවා දැක්කම මට හිතා ගන්නවත් බැරි වුණා...මට එදා ඔයත් එක්ක ගොඩක් තරහා ගියා මගේ රත්තරනේ ...ඒත් මම ඒ diary එක හරියටම කියෙව්වුමයි දැන ගත්තේ ඔයා මේ කිසි දෙයක් කරේ නෑ කියලා..මගේ අසරණී කොච්චර දුක් විදලා තියනවද...අනේ මට සමාව දීපන් මගේ රත්තරනේ...ඇස් දෙක ඇරපන් මගේ දෙයියෝ...'' මෙතුල් මෙහෙම හැමදාම ඇවිත් පහන්දිගේ ඇද ළගට වෙලා අඩනවා..දැන් සතියක් වෙනවා කෙල්ල ඇස් අරින්නෑ...
'' අනේ ඩොක්ටර් මගේ කෙල්ලව බේර ගන්න බැරි වෙයිද...'' මෙතුල් බලාපොරොත්තු ගොඩක් තියාගෙන හැමදාම ඩොක්ටගෙන් මෙහෙම අහන්නේ තමන් කරපු වැරැද්දට කෙල්ලගේ කකුල් දෙක අල්ලලා සමාව ගන්න ඕනේ නිසා...
''ඒක අපිට හරියටම කියන්න බෑ මිස්ටර්...''
ඩොක්ටර් හැමදාම කියන්නේ එකම උත්තරේ..
'' අනේ දෙවියනේ පොඩි කාලේ ඉදන් දුක්විදපු මගේ අසරණීට ඇයි ඔබ වහන්සේලා මෙහෙම වද දෙන්නේ ...මගේ රත්තරන් කවදාවත් කාටවත් වරදක් කරලා නෑ බුදු හාමුදුරුවනේ... අනේ මගේ කෙල්ල...''පහන්දිගේ අම්මත් හොදටම අඩනවා..ශෙනායත් ගොඩක් දුකින් බලාගෙන ඉන්නේ තමන් නංගිට කරපු නපුරුකම් මතක් වෙන නිසා...
'' අනේ මගේ මැණික ඇස් අරිනවා ඩොක්ටර්...මගේ කෙල්ල ඇස් අරිනවා..මෙතුල් දුවගෙන ගියේ කෙල්ල ළගට කොල්ලට හිතේ තියන සතුට කියා ගන්න බැරි තරම්...''
'' අ.....ම්....මේ.......'' ගොත ගගහ කෙල්ල එහෙම කිව්වේ හැමෝවම පුදුම කරමින්...මොකද්ද මගේ රත්තරන් කිව්වේ අනේ තව එක පාරක් කියන්න...අම්මා පහන්දිව බදා ගත්තේ හරි ආදරෙන්...
'' Congratulations මිස්ටර් මෙතුල් පහන්දිට ඇති වෙච්ච කම්පනෙත් එක්ක එයාට දැන් කතා කරන්න පුලුවන් වෙලා...''
'' මගේ මැණික ඔයා මේ පව්කාරයට සමාව දෙනවා නේද හැමදාම මාත් එක්ක ඉන්නවා නේද....''
පහන්දි මෙතුල් දිහා බලලා අහිංසක කමට හිනා වුණේ මෙතුල් ගැන හිතේ තිබුණු ආදරේත් එක්කමයි....

-Thilini Madushika