Wednesday, December 25, 2024
Follow Us
අභිමන්ත්‍රා
ආදරය කියන්නෙ අකූරු හතරක් එක් උනු වචනයක් වගේ පෙනුනත් ..
පෙලක් මිනිස්සු අදටත් හුස්ම ගන්නෙ ඒ වචන හතර නිසා..
හුස්ම ගන්න හැම කෙනාම ජිවත් වෙනවා කියලා හිතුවත්...
ප්රානය නිරුද්ද හිත් අදටත් මේ අකුරු හතර ඇතුලේ හරි ලස්සනට හුස්ම ගන්නවා...
ඉතින් මේ ඇගේ කතාවයි..
මොලය නිශ්ශබ්ද කර හදවත විවෘර්ත කරලා කියවන්න ...
එතකොට ඔබේ හදවතෙත් ඇගේ නම හැමදාටම හුස්ම ගනි..
ඇය .. "ඉමන්සි අභිමන්ත්රා.".
.....පලමුවන අභිමන්ත්රය....
උදැසනම පොලො තලයට ලැබෙන සිසිලස හරි ලස්සන සුන්දර අද්දැකිමක් උනත් මැටි බිම නිදා ගන්න අපිට එක ලස්සන දෙයක් උන් නැ.මොකද පොලොවෙන් එන සිතල දරා ගන්න තරම් ශක්තියක් එ දිරලා ගියපු පැදුරු කැල්ලට නැති නිසා .
දවස තිස්සෙම මහන්සි වෙන මිනිසාට නින්ද කියන්නෙ හරිම වටින දෙයක් නින්ද තුලින් මිනිසාට තිබුනු මානසික පිඩන අවම කරලා නැවුම් බලාපොරොත්තුවක් ලස්සන ආශිර්වාදයක් දෙනවා නමුත් එහෙම නැවුම් බලාපොරොත්තුවක් දෙන්න සුන්දර නින්දක් නැති මිනිස්සු ඔනි තරම් ඉන්නවා..
සුන්දර නින්දක් නැති උනත් මන් හැමදාම අවදි උනේ හිතේ ලස්සන නැවුම් බලාපොරොත්තු එක්ක මගේ ජිවිතේට පන දෙන්නේ බලාපොරොත්තු. ඉතින් ඒ බලා පොරොත්තු හිතේ ගුලි කරගෙන අවදි උන මම පෙරවගෙන හිටපු ඉරි ගිය චිත්ත පොට මට තුරුලු වෙලා උනුම හොයන නන්ගිට පෙරෙව්වා.
පෙර පාසල් යන දරුවෙක් කියන්නෙ කොච්චර ලස්සනට ඉන්න ඔනේ පැන්චියෙක්ද ලස්සන ලස්සන සෙල්ලම් බඩු පාට පාට ඇදුම් පාට කුරු එවා තවා ඒ පුන්චි හිත්වල ලස්සනට දග කරන්නේ ඒත් අපිට ඒ හින දුර වැඩි මැනික හැමදාම වගෙ අදත් අන්තිමට මට හිතුනේ "උබත් මේ අපායට ඇවිත් දුක් විදිනවා මැනිකේ" .
එහෙන්මම නැගිටලා කුස්සියට ආව මම මැටි කලෙන් වතුර එකෙක් නමාගෙන කට සෙදුවේ කහට ඩින්ගක්වත් වක් කරන් බොන්න හිතාගෙන. ඉයේ රැ ඉදන් හිස්ව තිබ්බ බඩ දැන් වැඩි වැඩියෙන් කැ ගහන්න ගත්තෙ තවත් ඉවසන්න බැ කියන්න වගේ .
"නැගිට්ටද සුදු මැනිකෙ"
"ආ ඔව් අත්තඅම්මේ "
"ඔහොම ඉන්න මන් කහට ඩින්ගිත්තක් වක් කරලා දෙන්නම් මැනිකේ"
"එපා අම්මේ මන් හදා ගන්නම්කො"
අත්තම්මා ගැන මට දැනුනේ පුදුමාකාර ආදරයක් . වයස අවුරුදු 75ක් වෙලත් ඇය මේ කරන මෙහෙය සුලු පටු නැ .සුදු පැහැ වෙලා ගිය කොන්ඩෙත් , කැහැටු වි ගිය ශරිරයත්, දුර්වර්න වී පාට පිලිස්සි ගිය හමත් ඇ මෙච්චර කල් වින්ද දුක් ගැහැට හරි ලස්සනට සමාජයට කියා පැවා. අම්මා නැති ලොකේ ජිවත් වෙන්න කියා දුන්නෙ ඇය වැටුන තැන් වල නැගිට්ටුවෙ ඇය . අම්මා කියන හිස්තැන පිරෙව්වෙ ඇය ඉදින් ඇය මතු බුදු නොවි තියෙවිද? .. " ලොකු ලොකු ගල් ඔබ්බවපු ඔටුනු හිසේ නැතත් අත්තම්මාත් රැජිනක් අපේ ලොකේ"
කෙතලේ ලිපේ තියලා එක උනු උනාම මගේ කබල් වී ගිය මගේ බෙලෙක් කොප්පෙට කහට එකෙක් හදාගෙන එලියට ආවේ කවදත් ඇගේ හා හිතේ තිබ්බ අහින්සක බවත් එක්ක ආ තෙහෙට්ටුවත් දරාගෙන එක්කමයි. .එහෙම්මම එක උගුරට කහට එක බිව්ව මන් එලියට ආවෙ මිදුල අතු ගන්න හිතාගෙනයි. ඒත් එක්කම මන් දැක්කේ කඩුල්ල ලගින් නතර කරපු ඒ සුපෝකබොගි වාහනේ .ඉදින් ඇත තියාම මන් ඒ වාහනය අදුර ගත් නිසාම ගෙට යන්න ගියත් ඒ කාන්තාව ඉට ඉක්මන් උනා..
"අභිමන්ත්රා " ඒ කට හඩේ තිබ්බේ ආදරනිය ආමන්ත්රනයක් නෙමේ. ඒක අනක් ඇයගේ දනවත් කම හින්දා මට ලැබුනු අනක් . ඒත් ඒ අන වලට බය කෙනෙක් නෙමෙ දැන් මේ අභිමන්ත්රා කියන්නෙ. මලක් වගේ හැදුන ගලක් වගේ කෙල්ලෙක් .
ඒ ආමන්ත්රනය ගනන් නොගෙන යන්න හැරුනත් මට යන්න නොහැකි උනේ ඒ ස්ත්රිය මගේ කොන්ඩෙන් තදින් අල්ල ගත්ත නිසා මයි.
"කොහෙද උබ යන්නෙ ආ මන් තොට කිප දවසක්ම කිව්වානේ බැ#ලි . උබ මේ මාව විහිලුවකට ගත්තා නේද . ආ නැගපන් වාහනෙට "
එහෙම කියලා තදට අල්ලන් හිටිය කොන්ඩෙන් අල්ලලා මාව වාහානේ දෙසට විසික්කලේ බොරලු පොලවේ සිරිලා යන්නයි. පුන්චි සිරිමටත් කැ ගගහා අඩම මන් දැන් බොරලු වලට සිරිලා සුදු පැහැ හම පෙනෙන තුවාල වලින් රතු පැහැ රුදිරය ගලාගෙන එන විදිහ බලන් හිටියේ හිනාවක් කට කොනේ හදවගෙනයි. හිතෙ කොච්චර දුකක් තිබ්බත් මේ අභිමන්ත්රා හිනා උනා මට රිද්දන උන් ඉස්සරහා මන් මගේ දුර්වල කම් පෙන්නුවේ නැ කවදාවත්..
"තොගේ හිගන හිනාව දා ගනින් ගිහින් වෙන එකෙක්ට . වර යන්න " එහෙම කියාගෙන ආයෙත් මගෙ ලගට එන්න ගියත් මන් කැ ගහපු පාරින් ඇය එහෙම්මම නැවතුනා.
"මට අත්තම්මවයි නන්ගිවයි දාලා යන්න බැ යකො උබලට තෙරෙන් නැද්ද "
"ආහ් .. පිස්සු හිගන්නියේ තොගේ නාකිච්චි හිගන පැටියයි මැරිලා අදට දවස් හතක් වෙනවා අමතකද ට්හොට ආ.. තො අද අනිවාරෙන් එන්න ඔනේ අපි එක්ක .. "එහෙම කියපු එ ගැනි මාව ඇදගෙන යන්න මන් ලගට ආවා .. ඒත් එක්කම මගෙ හිත නැවතුනේ ඒ අතිතයේ . මාව තනිවුනු ඒ අතිතේ. හ්ම් ඔව් මිනිස්සු මැරිලා යනව පස්සෙ එයාලව වලලනව පස්සෙ එ ශරිර දිරලා යනවා ඒත් ඒ චරිත අපේ හදවත් වල ජිවත් වෙනවා හැමදාටම. එ වගේ ලස්සන ආදරනිය මතක ගොඩක් හුස්ම ගන්නව මේ අභිමන්ත්රාගෙ පපුව අස්සෙ..
"පුතා මේ ගැනිව දාගන්න වාහනේට "එත් එක්කම ගැනිගෙන් ගැලවෙන්න දගලන මාව ඇදලා ගත්තා. හිතාගන්න බැරි විදිහට මාව ඇදගෙන ගියේ යෙනුත් . ඒ අනික් තිරිසනා . ඒත් එක්කම මන් දැක්කේ වාහනේ ලග හිටන් ගාම්බිරව අත් පටලගෙන් මන් දිහා බලන් ඉන්න එ කඩවසම් රුව.
ඒ ඇස් මාව අවනත කලා මාව සන්සුන් කලා. ඒ හුස්ම හරි ලගයි වගේ දැනුනා .. ඒත් එක්කම.... ඉතුරු කොටස හෙට හොදද නරකද කියන් යන්න ලමයි...
ලබාගන්න බැරිම තැන් වලනේ ආදරෙ රැදෙන්නෙ ඉතින් මේ අභිමන්ත්රටත් එහෙමයි . හිතට දරා ගන්න බැරිම තැනක මේ ආදරෙ රැදෙයි.. ඒත් ඒ එයා මේ ලොකේ වැඩියෙන්ම වෛර කරන කෙනාට .
⛥ඔව් මේක පිස්සුවක් අභිමන්ත්රාට පිස්සු මේ ලොකේ මන් වැඩියෙන්ම ආදරෙ කරන කෙනාටම මන් මේ ලොකේ වැඩියෙන්ම වෛර කරනවා.
Muthu