Wednesday, December 25, 2024
Follow Us
මං උපාද්‍යා
මං උපාද්යා ...
"ඔයාට මාව පොඩ්ඩක් හරි මතක් වෙනවද හර්ශ?" කියල මන් බොරුවට අහද්දි ,හැමදාම වගෙ මගෙ ප්රශ්න වලට එයාගෙන් හම්බුනු දාර්ශනික උත්තර මැද්දෙ ම මන් තනිවෙල කියල මට හිතුන.
"මතක් වෙන මතක් වෙන පාරට මල් පිපුනනම් මන් අද සුවද ගහන මල් වත්තක් මැද ඉන්නෙ උපාද්යා " කියල කවුද කියපු එකක් එයා මට එහෙම කිව්ව
කොහොමින් කොහොම හරි ජීවිතෙ කිසිම බරක්පතලක් නැති හර්ශත් එක්ක මගෙ ජීවිතෙ ගලාගෙන ගියෙ එයාගෙ ජීවිතෙ සතුට උතුරද්දි මන් කරපු කැපකිරීම් එක්ක.එක අතකට මේක එයාගෙ වරදක් නෙවෙයි.මොකද අපෙ කතාව අපි දෙන්නටම වඩා මගෙ උවමනාවට පටන්ගත්තු එකක් උනු නිසා.
අවුරුදු තුනකට කලින් මගෙ හොදම යාලුවගෙ විවාහ දවසෙ දැකපු හර්ශට මන් කැමති උනේ ඒ පෙනුමට,ඒ දැකුම්කළු බවට. යාලුව හරහ යාලුවො උනු අපි පස්සෙ ආදරය කරන්න පටන්ගත්ත.එයාගෙ ඒ ලස්සන අදහස් වලට මන් කැමති උනා.සාමාන්යයෙන් සම්බන්දයකදි කෙල්ලෙක්ගේ කියවීමේ ප්රතිශතය වැඩි උනත් මන් කරෙ ම අහන් ඉන්න එක.
මන් එයාව ආදරවන්තියක් විදියට පලවෙනි දවසෙ හම්බෙන්න ගියාම එයා මන් දිහා ගොඩක් වෙලා බලන් හිටිය.
" ඇයි හර්ශ ඔහොම බලන්නෙ" කියල මන් ඇහුවම එයා කිව්වෙ
"අද පලවෙනි දවස,තව අවුරුදු සීයක් ගියත් ඔයාව මේ විදියට ම මට මතක තියෙන්න ඕනෙ නිසා මගෙ ඇස් දෙකෙ ඔයාව මන් ලියාගත්ත"කියල
මන් එවෙලෙ හිනා වුනා,එයා මට හිනාවෙනකොට ලස්සනයි කියල කිව්ව,මට ලැජ්ජ හිතුන,මන් රතුවෙල කියල එයා කිව්ව.
කාත් කවුරුත් හිටියෙ නැති එයාට මාව දෙන්න අම්මල තාත්තල අකමැති උනු නිසා ම අපි දෙන්න තනියම ජීවිතෙ පටන්ගන්න හිතුව.අපි බැන්ද.එයා මට එපා වෙනකම් ආදරේ කරා.දැන් ඇති කියල හිතෙනකම් ආදරෙ කරා.
එයාගෙ පුංචි හෝටලෙ ටික ටික ලොකු උනත්,කවදාවත් එයා මට කලින් වැඩට ගිහිල්ලා නෑ.මන් එනකොට ගෙදර නැතුව හිටියෙත් නෑ.මාව තනියම කොහෙවත් යැව්වෙත් නෑ.
මන් ඔෆිස් ඉදන් ඇවිත් දොරට අත තියන්න හදද්දි ම එයා දොර ඇරල මාව ඇදල ගත්ත............
මන් වැඩ කරපු මහන්සීය නිසා නාන්න යන්න හැදුවම ඒ දාඩිය අස්සෙත් මගෙ සුවද හොයන්න එයා පුරුදු වෙලා හිටිය.
අවුරුදු තුනක් ගෙවිල ජීවිතෙ ඒකාකාරී උනත් ඒකාකාරී නොවුන එකම දේ හර්ශගෙ කතා.ඒව එක එක ජාතියෙ කතා,එකම කතාව කව්දාවත් එයා මට කියල තිබුනෙ නෑ.මට ජීවිතෙ එපා කරවපු තව එක දෙයක් තමයි එයාගෙ මේ ඉවරයක් නැති කතා.
ඒත් මේ ජීවිතෙ ඒකාකාරී ජීවිතයක් උනේ මට ම විතරයි.මොකද අවුරුදු තුනටම හැමදාම හර්ශ මට පලවෙනි දවසෙ හම්බුන තරම් ආදරෙන් හිටිය.
මට මොකක්ද වෙලා තියෙන්නෙ,ඇයි මන් සතුටින් නැත්තෙ කියල කවුරුහරි ඇහුවොත්,ඒකට උත්තරේ හර්ශ..මට මේ ආදරේ වැඩී,මට ඒක දරාගන්න බෑ.මට ඕනෙ නෑ ජීවිත කාලෙම මේ විදියට ගෙවන්න,මට මේක නවත්තන්න ඕනෙ.
"උ/බ/ට පිස්සු ද උපාද්යා.පිස්සු ද නෙවෙ පිස්සු.ය/කො ඔහොම හේතුවක් තියෙන්න පුළුවන් ද බන් ගෑ/නියෙක්ට"
යාලුවට ප්රශ්නෙ කිව්වම එයාගෙන් හම්බුනෙ එහෙම උත්තරයක්.ප්රශ්නෙ තමන්ගෙ නොවන තාක් උත්තරේ දාර්ශනිකයි.
ඔෆිස් ඉවරවෙල මන් ගෙදර ගියා,හැමදාම වගේ මාව ඇදල ගන්න එන හර්ශ එදා හිටියෙ නෑ.අවුරුදු ගානකට පස්සෙ මන් ම දොර ඇරන් ඇතුලට යනකොට ,අමුතු ම නිදහසක් මට දැනුන.
මට කෙටි පනිවිඩයක් ....................
" එන්න පොඩ්ඩක් පරක්කු වෙයි." ඒ හර්ශ.
කවදාවත් නැතුව එයා එහෙම කියල තිබ්බම මට දැනුනෙ ලොකු සතුටක්.සමහර විට දෙවියන්ට මගෙ දුක දැනිල හර්ශට වැඩ වැඩි කරන්න ඇති.
මන් කාල නිදාගත්ත.ඒත් කවදාවත් හර්ශ මන් නැතුව රෑට කාල නෑ.
ඒ මහ පාන්දර,මට දැනුනෙ සීතලක් එක්ක,බිය/ර් ගදක්.මට එකපාර ඇහැරුන.මාව තුරුල් කරන් නිදන් හිටියෙ හර්ශ.එයාව එහෙම ඉන්න ඇරල මාත් ඇස් පියාගත්ත,එයා මට තව ටික ටික තුරුල් වෙනව මට තේරුනා .
"කවදාවත් නැතුව බිව්/වෙ මොකද හර්ශ .?" කියල මන් අහද්දි වරදකාරී හැගීමකින් මන් දිහා බලපු එයා ලොකූ කතාවකට මුල පුරන්න ආව.
ඒත් " හරි හරි කමක් නෑ.ඔයා හැමදාම බො/න් නෑ නෙ ඉතින් " කියල මන් කතාව නවත්තන්න එක්කම කියද්දි එයා අමුතු විදියට මගෙ දිහා බලල හිනා වුනා.
"ඊයෙ හදිසියේ ඔයා ගිහිල්ලා තියෙන්නෙ කෑම එක ගෙදර දාල උපාද්යා.,"
'අනෙ ඔව්!මන් කැන්ටින් එකෙන් කෑව හර්ශ.'
"ඔව් දැක්ක ඔයාව කැන්ටින් එකෙ,මන් කෑම එක දෙන්න එනකොට ඔයා කෑම කනව,මන් ඒක සිකුරිටිට දීල එහෙම්ම ආව,ඔයාට කරදර කරන්න ගියෙ නෑ."
"ඔයා ඔෆිස් ආවද?"
"ම්ම්ම්"
කොහොම හරි හර්ශට හොටෙල් එකෙ වැඩ වැඩි නිසා ම මේ ටිකෙ පරක්කු වෙනව ගෙදර එනකොට.එයාට දැන් වැඩිය මාත් එක්ක කතාකරන්න වෙලාවක් නෑ.මන් ඒත් දැන් සතුටින් ඉන්නව.මට ඕනෙ උනේ මේ වගෙ සම්බන්දයක්.ආදරෙ කරන මුල් කාලෙ ආදරේ විතරයි ඕනෙ කියල හිතුවට පහු වෙනකොට ඒක කර/දරයක් වෙනව.එකඅතකට මෙහෙම උනු එක හොදයි.මොකද හර්ශ හොද කෙනෙක්.අනික මන් එයාට කැමති. එතකොට ආදරේ..?
ඉස්සර ඔෆිස් ඇරිල ගෙදර එනකොට ම දොර ගාවින් ඇදල අරන් මාව හුරතල් කරන හර්ශට දැන් මාව අමතක වෙලා.මගෙ දාඩිය සුවද සමහර විට එයාට අමතක වෙලා ඇති.ඇදේ හැමදාම එයාට යට/වෙලා හිටිය මට,දැන් එහෙම කාලයක් මතකත් නෑ.ඒත් මට ඒව එපා උනානෙ.ඇයි දැන් ඒව හොයන්නෙ.ඒත් එහෙම කියල මන් එයාගෙ වයිෆ්,ඒවගෙ දේවල් ඉදල හිටල තියෙන්න ඕනෙ.ඇත්තටම මට මොනව ද ඕනෙ වෙලා තියෙන්නෙ කියල හිත එක්ක ලොකූ ප්රශ්න දාන් මන් හිටිය.
හෙට පෝය,හොටෙල් එකට නිවාඩු.මට නිවාඩු නැති උනත් නිවාඩු දැම්මෙ ඇත්තටම ආයෙ මට හර්ශ ඕනෙ වෙලා කියල යටි හිත කියපු නිසා..
මන් ඔෆිස් යයි කියල හිතල හර්ශ කෑම හදල.ඒත් මන් මූන හෝදන් පහලට ගියාම හර්ශ පුදුම උනා.
" මහන්සී වැඩී,නිවාඩු දැම්ම."
මන් හර්ශව බදාගන්න ගමන් එහෙම කිව්ව.එයා මන් දිහා ගොඩක් වෙලා බලන් හිටිය.
" මොකද බලන්නෙ" එහෙම කියන ගමන් එයාගෙ තොල් දෙකට ලන් වෙන්න හැදුවත් එයා මාව ප්රතික්ෂේප කරා..
"ඇයි හර්ශ මොකද වෙලා තියෙන්නෙ,මාත් දැන් ගොඩක් දවස් ඉදන් බලන් ඉන්නෙ,ඔයාට මොකද වෙලා තියෙන්නෙ?."
"අනෙ පැටියො මට හදිසියේ යන්න වෙනව අදත් හොටෙල් එකට,ඔයා යාලුවෙක්ගෙ ගෙදර යනවනම් ගිහිල්ලා එන්න.අපිට ඕනෙ වෙලාවක ආදරෙ කරන්න පුළුවන් නෙ."
හර්ශ එහෙම කියල ලෑස්ති වෙන්න කාමරෙට ගියා.මට කියාගන්න බැරි තරම් දුකක් දැනුන.හර්ශ මට මෙහෙම කරයි කියල මන් බලාපොරොත්තු උනෙ නෑ ..
ගෑ/නු කැමතිම පින්සෙන්ඩු වෙවී පස්සෙන් එන පිරි/මින්ට, ඒ පිරි/මියම තමන්ව අතෑරල දාන්න ඕනෙ වෙලාවක ලෑස්ති කියල දැනුන ගමන් ම ගෑ/නු කරන්නෙ ආයෙම ඒ පිරි/මිය අල්ලගන්න හදන එක,හරියට මන් වගේ.
"හර්ශ,දොර අරින්න." මන් එහෙම කියල ටිකක් වෙලාවකට පස්සෙ එයා කාමරෙ දොර ඇරිය.එයාට තුරුල් වෙන්න ලගට ගියත් මන් හවස් වෙන්න කලින් ඉක්මනට එන්නම් කියල එයා යන්න ගියා..
කෙටි පනිවිඩයක් ඇවිත් තිබ්බ.....
"ඔයා සතුටින් නෙවෙ කියල මට තේරුම් ගන්න බැරි උනා.ආදරේ වැඩි එකත් ප්රශ්නයක් කියල මට තේරුනා උපාද්යා.ඉතින් ඔයා විතරක් ඉන්න මට ඔයාව ඈත් කරගන්නවට වඩා ලගින් තියාගෙන මෙහෙම බලාගන්න එක ඇති.ඔයාට දැන් තේරුම් ගන්න පුළුවන් ඇති කියල හිතනව."
හර්ශ එහෙම කියල මට එවල තිබ්බ.
මට පහුගිය කෙටිකාලය චිත්රපටයක් වගෙ මතක් වෙන්න ගත්ත.ඒ අස්සෙ මන් යාලුවට කියපු මගෙ ප්රශ්න ඔක්කොම හර්ශ දැනගෙන තිබුන.
" ගෙදර එන්න කතා කරමු" මන් එහෙම පනිවිඩයක් ටයිප් කරා.
මට දැනුනේ වරදකාරී හැගීමක්.ඒක ගොඩක් බයාන/ක හැගීමක් උනේ ඇස් වලට කදුලුත් එකතු උනු නිසා.ඒත් හර්ශ ඉස්සරහ මන් මගෙ ඒ හැගීම් යටපත් කරගන්න උත්සාහ කරමින් සිටියා.
"මට සමාවෙන්න උපාද්යා."ඒ හර්ශ .හැමදාම වගෙ නොකරපු වරදට මගෙන් සමාව ඉල්ලන එයාලගින් ඉදගත්ත මන් තුරුල් වෙලා ගොඩක් වෙලා ඇඩුව,ඒ අඩන එකෙ තේරුම මන් දැනන් හිටියෙ නෑ.ඒත් හැමදේටම මගෙ පැත්ත ගන්න හර්ශ කදුලු පිහදන ගමන් " මන් දන්නව ඔයාට මගෙ ගැන තේරෙනව කියල උපාද්යා,මට ඕනෙ උනේ ඔයාට තේරුම් කරන්න.ඒකට ඔයා ටිකක් වැඩියෙන් කල් ගත්ත"
"ගෑ/නුන්ට තියෙනකම් අගයක් නැති,පරිස්සම් කරගන්න දන්නෙ නැති,නැතිඋනාම හූ/ල්ලන අමුතු දෙයක් අදරෙ කියන්නෙ හර්ශ "
"ඔයාට තවත් ඕනෙ මගෙන් ඈත් වෙලා යන්න නම්,ඔයාට යන්න පුළුවන් උපාද්යා.එයා එහෙම කියද්දි මන් තවත් තදින් එයාට තුරුල් උනා.
එදායින් පස්සෙ කලින් හිටිය උපාද්යා ජීවත් උනේ නෑ.ඒත් හර්ශ දෙගෙඩියාවෙන් ,බයෙන් ආදරේ කරා,අලුත් උපාද්යාට.හර්ශ ගොඩක් වෙලා අහන් ඉන්න පුරුදු උනා.
දැන් මන් එයාගෙන් මාව ටිකක් හරි මතක්වෙනව ද කියල අහපුවම එයා කියන්නෙ,ඔව් මට මතක් වෙනව උපාද්යා කියල.ඒත් මට ඕනෙ මන් සුවද ගහන මල් වත්තක් මැද ඉන්නෙ උපාද්යා කියල අහගන්න.
vidu de silva