Wednesday, December 25, 2024
Follow Us
පිවිතුරු 

රෂ් ගොඩක් වෙලාවක ඉදන් ඉදිකට්ටේ කැඩුණු කෑලි හොයනවා.

එහා පැත්තේ මැෂින් එකේ මහලා මහලා ගොඩ කරලා.රෂ්ගේ ඇස් වල කදුලු. දුප්පත්කම මහාම දුකක් කියලා රෂ්ට දැනුනත් මොනවා කරන්නද?රෂ්ට කවුරුත්ම කැමති වුනේ නැහැ.ඒකට හේතුව රෂ්ගේ මුහුණ . ඔහුගේ මුහුනේ වම් කම්මුලේ ලොකු පිච්චුනු කලු පාට තුවාලයක් තිබුනා.ඔහු කෑම ටයිම් වලට කන්න ගියත් ඔහු ඉද ගන්න තැන් වල ඉන්න අය නැගිටලා යනවා.ඒක දැනුනු දවසේ ඉදලා ඔහු කන්න ගියෙත් නෑ.තේ බොන වෙලාවටත් තේ ටිකක් අරන් එලියට වෙලා බීලා ආපහු එනවා.

අදත් ඔහු අතින් මැෂින් එකේ ඉදිකට්ට කැඩිලා පැයකටත් වැඩියි.ඒත් කොටස් අඩුයි.ඉදිකට්ටක් ආපහු දෙන්න නම් සම්පූර්න ඉදිකට්ටේ කොටස් දෙන්න ඕනේ.

"රෂ් මොකද්ද මනුස්සයෝ කරන්නේ.බලනවා ඉස්සරහට වැඩ නෑ.මේ පැත්තෙන් වැඩ ගොඩ ගැහිලා.ඉක්මන් කරනවා"

අංශය භාර සුපර්වයිසර් ගේ හඩට රෂ් ගැස්සුනා.කොච්චර හෙව්වත් රෂ්ට ඉදිකටු කෑල්ල නම් හොයා ගන්න බැරිවුනා.අන්තිමට හැමෝටම වැදලා වැදලා ඉදිකට්ටක් ගත්ත රෂ් ඒ වෙද්දිත් හෙම්බත් වෙලා හිටියේ.

මැශින් එකේ ඉදගෙන රෂ් ඔලුවවත් උස්සන්නේ නැතිව මැහුවා.කෑම කන්න යන්න බෙල් එක ගහද්දි හැමෝම නැගිටලා යන්න ගියේ රෂ් ගැන වගේ වගක් නැතුව.

"මෙහෙම අමනුස්සයෝ වගේ උන් ඉන්න රටක මොකට ඉපදුනාද මන්දා.

රෂ් හිතුවේ දුකෙන්.රෂ්ට බඩගින්න ගොඩක් දැනුනත් එතනට ගිහිල්ලත් හිත පාර ගන්න රෂ්ට ඕන උනේ නැහැ.

"ඔයා කන්න යන්නේ නැද්ද?

තමාට පිටුපසින් ඇහුනු කටහඩට ඔහු ගැස්සුනා.මේ ආයතනයට ඔහු ඇවිත් මාස තුනයි.ඒත් කවුරුත් එහෙම අහලා නෑ.ඔහු ඔලුව හරවලා බැලුවේ කතා කරපු දිහා.

කහා පාට මල් වැටුනු සුදු ඔසරියක් ඇදන් කෙටි කොන්ඩේ උරහිස මතට වැටුනු තරුනියක්

රෂ්ගේ පිච්චුනු මුහුන දැකපු ඇයත් ගැස්සුනා.ඒත් වෙන අය වගේ යන්න ගියේ නෑ.ඔහු ලගින් වාඩි වුනු ඇය ලස්සන හිනාවක් රෂ්ට හෙලුවා.

"මම හිටියේ එහා සයිට් එකේ.අද ඉදලා මාස තුනක් මෙහේ.මේ ලයින් එකේ කොලිටි බලන්නේ මම.හැමෝම කද්දි ඇයි ඔයා නොගියේ"

රෂ්ගේ අත තමන්ගේ තුවාලෙට ගියේ ඉබේටම.

";මේ තුවාලේ නිසා හැමෝටම මාව අප්පිරියයි මිස්.කන්න ගියහම මට පිටිපස්ස හරවන් හැමෝම ඉද ගන්නවා.හිත රිද්දන් කන්න ඕනේ නෑනේ..

රෂ් කිව්වේ වේදනාවෙන්.

"මොනවා වෙලාද මූනට"

";පිච්චිලා මිස්"

ඔහු ඒ ගැන ඊට වඩා දෙයක් කිව්වේ නෑ.ඇය ඇහුවේ ත් නෑ.

මේ තමයි නෙතුලි.අහිංසක,ගොඩක් හිත හොද ඒ වගේම ගාමන්ට් එකට හිටපු හොදම කොලිටි සුපර්වයිසර්.රෂ් හිටපු ලයින් එකේ කොලිටි අඩු නිසයි මේ නෙතුලිව මාස තුනකට ගාමන්ට් එකේ මැනේජර් බෝඩ් එක ඇයව මේ ලයින් එක සදහා එව්වේ.

ඇය එද්දිම රෂ් ගැන ඇයට අහන්න ලැබුනා

"නෙතූ ඔය ලයින් එකේ ඉන්නවලු බං මූනේ අලි තුවාලයක් තියෙන කොල්ලෙක්.කන්නත් අප්පිරියලු.ඌ ලග මහන කෙල්ල කන්නෙත් නැහැලු

නෙතුලි හිනා වුනා විතරයි එවෙලේ.මෙහෙම ලස්සනට හිටියට මටත් හෙට එහෙම වෙන්න ඉඩ තියෙනවා.

ඇය හිතුවේ එහෙමයි.කොහොම වුනත් ඇය ආවෙම රෂ් බලන්න ආසාවෙන්.

";තව වෙලාව තියෙනවනේ.යමු කන්න"

රෂ් ඇයගේ දිහා බැලුවේ පුදුමෙන්.

"අනේ මිස් මිස් කාලා එන්න..මට බඩගිනි නෑ."

නෙතුලි කිසිත්ම නොකියා එතනින් පිට වුනා.ඇය යන දිහා රෂ් බලන් හිටියේ පහන් සිතින්.

"වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත

ඔහුට මතක් වුනේ ඒ ගීතය

රෂ් පාර දිගේ ඇවිදගෙන ආවේ ගාමන්ට් එකට යන්න.ඔහු ට්‍රාන්ස්පෝර්ට් එකේ ගියෙත් නෑ.ඔහු ජීවත් උනේ ඔහුගේ ලෝකේ තනි වෙලා.තාත්තා විතරයි ඔහුට හිටියේ.අම්මා නැති වෙලා ගොඩක් කල්.

එක පාරටම පිටිපස්සෙන් ආපු ස්කූටි බයික් එකක් ඔහුට ඉස්සර වෙලා නැවැත්තුවා.හෙල්මට් එක දාන් හිටියත් ඒ පුංචි දෙව්දුවව ඔහුට අදුර ගන්න පුලුවන් වුනා.පෙර දිනයේ ඔහු ලග උන්නු ඇයගේ සුවද පවා ඔහුට දැනුනා.

"රෂ් එන්න යමු මාත් එක්ක"

ඇය කිව්වේ හිස ආවරනය ගලවමින්.

"අනේ මිස් ඔයා යන්න.මම මේ ටික එන්නම්"

";අනේ මේ එන්න.හැමෝටම බයේ හැංගිලා වගේ ජීවත් වෙන්නේ ඔයා මක් කරලද?එන්න යමු"

නෙතුලි කිව්වෙ ඔහුගේ සුරතක් අල්ල ගන්න ගිහින් ආපහු අත ඇරලා.

"මිස්ට හිනා වෙයි මිස් ළමයි"

රෂ් කිව්වේ දුකෙන්.

"හිනා වෙන කෙනෙක් හිනා වෙද්දෙන්.කතා නොකරපු කෙනෙක් කතා නොකර හිටපු දෙන්.මම ජීවත් වෙන්නේ මට ඕනේ විදිහට.එන්න යමු"

නෙතුලිගේ වදන් හමුවේ රෂ්ට ඇය සමගින් නොගිහින් බැරි වුනා.

එතනින් නොනැවතුනු ඇය රෂ්ව කෑම කන්න එක්ක ගියා.හැමෝම ඔහුව පිළිකුල් කරද්දි ඇය ඔහු පැත්තේ ඉද ගත්තා.

;"මිස්"

රෂ් කතා කරේ නෙතුලි දිහා බලමින්.ඇය බත් කටක් කමින් ඔහු දිහා බැලුවා.<br>

"බලන්න මිස් මේ කවුරුත් මගේ පැත්තටවත් හැරිලා කන්නේ නෑ.ඒත් මිස් මගේ ඉස්සරහා වාඩි වෙලා කනවා.මාව අප්පිරිය නැද්ද මිස්

නෙතුලි දිග සුසුමක් හෙලමින් ඇයගේ වම් අත රෂ්ගේ සුරත මත තිබ්බා.

ඔයාට උනු දේ මට වුනොත් ඔයා මාව අප්පිරිය කරනවද?

"මට කවදාවත් එහෙම කරන්න බැරි වෙයි මිස්එහෙනම් මං ගැන එහෙම හිතන්නත් එපා.මට ඔයාව අප්පිරිය නෑ.

රෂ් ඒ ඇස් දිහා බලාගෙන හිටියා.ඒ ඇස් වල රැවටීමක් ගෑවිලාවත් නෑ.ඔහු දිග සුසුමක් හෙලුවේ ඇයට නොදැනෙන්න.

නෙතුලි මිස්

ලයින් එකේ සුපර්වයිසර් ඇයව ඇමතුවේ කෑම කාලා ලයින් එකට යද්දි.ඇය ඔහු ලග නැවතුනා.

ඇයි රහල් සර්"

රහල් දිග කතාවකට අර අදිනවා කියලා නෙතුලි ට තේරුනා.

ඇයි මිස් අර තුවාල කාරයා එක්ක යන්නේ එන්නේ,කන්නේ බොන්නේ.අප්පිරිය නැද්ද?

නෙතුලි හිනා වුනා.ඇය රහල්ගේ දෑස් දෙස කෙලින් බැලුවා.

"මට සමාවෙන්න මෙහෙම කියනවට.මගෙන් එහෙම අහන්න ඔයා මගේ කවුරුත් නෙමේ.අනික මම කැමති දේ මං කරන්නේ.මං කන්නේ කා එක්කද යන්නේ කා එක්කද තීරනේ කරන්නේ මං.

රහල්‍ට ලැජ්ජා හිතුනත් ඔහු ඒ බව පෙන්නුවේ නෑ.

ඔයත් ඌ වගේ කොන් වෙයි නංගි.හොදටනේ කියන්නේ

"අනේ කමක් නෑ.අමනුස්සයෝ දාහක් මැද්දේ එක මනුස්සයෙක් හිටියා නම් ඒ හොදටම ඇති.මං යනවා

ඇය යන්න ගියා.රහල් ඒ දෙස බලන් හිටියේ පිපිරෙමින්.

සතියෙන් සතිය ගෙවුනේ රෂ් හා නෙතුලි තවත් ලං කරමින්.ඔවුනොවුන්ටසෙ නොකිව්වත් ඔවුන් හිත් වලින් ආදරය කරා.රෂ්ට ඕනේ වුනත් ආදරය කියන්න ඔහු බය වුනා.ජීවිතේ එක පාරක් හරි ලැබෙන මේ උතුම් මනුස්ස දියනියගේ හිතවත් කමත් නැති වෙයි කියලා.

"රෂ්"

දවසක් රාත්‍රියක නෙතුලි ඔහුට ඇමතුමක් ගත්තා.ඒ දවස ලස්සනට හද පායපු සුන්දර රැයක්.

ඔයා කෑවද දරුවෝ

නෙතුලි ඇහුවේ සෙමින්.

;නෑ මිස්. තාත්තයි මායි පංසල් ගියා.දැන් ආවේ එද්දි පාන් ගෙනාවා.මිස් කෑවද?

නෑ තවම.ඔයා කෑවද කියලා බලන්න ගත්තේ"

දෙදෙනාම නිහඩ වුනා.හදවත් එකම රිද්මයකට ගැහුනා.

"ඔයාට කරදරයක් නැත්තම් චුට්ටකට එන්න පුලුවන්ද ගේ ගාවට

නෙතුලි ඇහුවා.

;"එන්නම් මිස්"

එපමනයි.මොහොතකින් රෂ් හිටියේ නෙතුලිගේ ගේට්ටුව ලග.නෙතුලි දුවගෙන විත් ඔහු අබියස නැවතුනා.නෙතුලි ඔහු දෙස කෙලින් බැලුවා.

"රෂ් තවත් මට මේ දේ හංගන් ඉන්න බෑ.මං දන්නවා ඔයා මට ආදරෙයි.ඒත් කියන්න බයයි කියලා.රෂ් මට ඕනේ ඔයා වගේ හොද කෙනෙක්.මාව බලා ගන්න කෙනෙක්.කියන්න රෂ් මාව බලා ගන්නවද ජීවිත කාලෙටම

රෂ්ගේ දෑස් බොද වුනා.ඔහු ඉතාමත් බැතියෙන් නෙතුලිව පපුවට ලං කර ගත්තා.

;ඔයා මං මගේ ජීවිතේ දැකපු හොදම කෙනා මිස්.මට ආදරෙයි කියලා මගේ අම්මා තාත්තගෙන් පස්සේ දැනුනු එකම කෙනා.ඔයාව මං බලා ගන්නවා කවදාවත් දුකක් නොදී.

විනාඩියක් දෙකක් ගෙවිලා ගියේ නිහඩවම.

;ඔයාගේ අම්මා තාත්තා මට කැමති වෙයිද මිස්

ඇය හිනා වුනා.

ඔයාට මං ආදරේ කරනවා කියලා ඔයාට කලින් එයාලටයි මං කිව්වේ.දන්නවද මගේ අම්මට වඩා මට ගොඩක් ලං වෙලා හිටියේ තාත්තා.එයා හැමදාම පැතුවේ එයා මාව බලා ගන්නවා වගේ මාව අරන් යන කෙනත් මාව බලා ගනියි කියලා.තාත්තට ඕනේ වුනේ මගේ සතුට.ඒ සතුට තියෙන්නේ මේ ඇස් ලග කියලා තාත්තට කිව්වා.එයාට මේ තුවාලේ ගානක් නෑ.මේ තුවාලේ කැලල මේ හමට යටින් තියෙන රත්තරං හදවතට බාදාවක් නෙමෙයි රෂ්

රෂ් දෙවියන්ට හදවතින් පින් දුන්නා.තමාව තේරුම් ගත් කෙනෙක් තමන්ට ලං කරාට.

නෙතුලි ගේ දෑස් දහස් වතාවක් පමන ඇතුල්වීමේ දොරටුවට යොමු වුනා.රෂ් අද ආවේ නෑ.දුරකතනය ක්‍රියා විරහිතයි.ඇගේ දෑස් කදුලින් බොද වුනා

තුවාල කාරයා නැතුව පාලුද?

රහල් ඇහුවේ හිනා වෙවී.ඔහු මරන්න තරම් කේන්තියක් ආවත් ඇය නිහඩ වුනා.

දෑස් බිමට නමන් ඇය දිගටම වැඩ කරා.මොහොතකින් ඇයගේ උරහිසට දැනුනේ අතක පහසක්.ඒ රෂ් කියලා ඇය දන්නවා.ඒ සුවද ඔහුට දැනුනා.ඇය කදුලු පිරි දෑස් ඉස්සුවා.

නෙතුලිගේ දෑස් විසල් වුනේ පුදුමෙන්.කලු කලිසමට සුදු කමිසය,බාටා සෙරෙප්පු දෙක වෙනුවට දිලිසෙන කලු සපත්තු,ඔහුගේ මුහුනේ තුවාලය තිබුනෙත් නෑ.ඇය බලන් හිටියා.කදුලු ඉතිරෙන දෑස් දෙස රෂ් බලන් හිටියා.ආයතනේ සැවොම ආසනවලින් නැගිට්ටේ පුදුමයෙන්.නෙතුලි ලගට ආවේ මෙම ඇගලුම් ජාලයේ අයිතිකරු.ඔහු ඇයගේ හිසට ඔහුගේ අත තිබ්බා.

දුව මේ ඉන්නේ මගේ පුතා.එකම පුතා රෂේන් ජයකොඩි.එයා මේ ආයතනයට ආවේ මේ ආයතනේ වෙන අඩු පාඩු බලන්න.ඒත් පුතා මේ ආයතනෙන් හොදම කෙනෙක් හොයන් තියෙනවා.දුව කවදා

හරි පුතාට මෙහෙම දෙයක් වුනොත් වෙන කෙනෙක් තෝර ගත්තා නම් දාලා යයි.ඒත් ඔයා එහෙම නෙමෙයි.මං සුභ පතනවා දෙන්නටන.ඉක්මනටම එන්න මගේ දූ වෙලා අපේ ගෙදරට.වළලු දාපු අතකින් බත් කටක් කන්න ආසයි.ඔයා වගේ ලස්සන දුවෙක්ගේ කටහඩ ඇහෙනවට ආසයි.ඊටත් වඩා චූටි පැටියෙක්,මගේ මුනුපුරෙක් බලන්න ආසයි.ඒ නිසා ඉක්මනින් එන්න

එහෙම කිව්ව ජයකොඩි මහතා ඇයගේ හිස අත ගා පිටවෙනවා.අදහා ගත නොහැකිව ඉන්න නෙතුලිගේ මුහුන රෂ් ඉතාමත් ආදරෙන් ඔහුගේ දෙසට හරවා ගන්නවා.

ඔයා වගේ හොද කෙනෙක් මට ලැබුනේ මගේ පිනට.ඒ පිං කද ඉක්මනින්ම අපේ ගෙදරට ආලෝකෙත් අරන් එන්න

රෂ් කිව්වේ ආදරෙන්.ඉතාමත් කඩවසම් ඔහු දෙස නෙතුලි බලන් හිටියේ ආදරෙන්.ඒත් ඇයට තාම මේක හීනයක් වගේ.රෂ්ව කොන් කරපු හැමෝම හිටියේ බයෙන්.ඔවුන්ටත් හිතා ගන්න බැරි වුනා.තුවාලයා කියමින් කොන් කරපු,කද්දි පවා පිළිකුල් කරපු හැමෝම දුකටත් බයටත් පත් වුනා.

හදිස්සියෙම ජයකොඩි මහත්මා රැස්වීමක් කැදෙව්වා.රෂ් එහි ගියේ තමන් අතින් නෙලා ගත්ත රෝස කුසුමගේ සුරත තදින් අල්ලන්.ඇය යන ගමනුත් රෂ් දෙස බැලුවා.

ආදරනීය දරුවනි.මම හදිස්සියේ ඔයාලව කැදෙව්වේ ලොකු දෙයක් කියන්න.මේ ඉන්න මගේ පුතා රෂේන් ජයකොඩි දැනට එන්ග්ලන්ඩ්ඉදලා මෙහෙට ඇවිත් පොඩි කාලයක්.ඒ කාලෙම එයා මූනට පැලැස්තරයක් අලවන් මෙහේ වැඩ කරා.මම ඇහුවා ඇයි එහෙම දුක් විදින්නේ කියලත්.එයා කිව්වේ මේ ගාමන්ට් එකේ මනුස්ස කම අතින් පිරිහිලා; කියලා පුතා කිව්වේ හරි වේදනාවෙන් .කොහොම හරි ඉතින් එයාට ඒ හැමදේම තියෙන කෙනෙකුත් ලැබුනනේ.

එහෙම කිව්ව ජයකොඩි මහතා ආදරෙන් බැලුවේ තම අනාගත ලේලිය දෙස.නෙතුලි දෑස් බිමට යොමා ගත්තා.

කොහොම වුනත් ඉතින් මම දැන් නාකිනේ.මම ඒ නිසා මේ හැම දේකම වගකීම මගේ පුතාටත් නෙතුලි දුවටත් භාර දෙනවා.හෙට ඉදලා මේකේ වැඩ මිසුත් සරුත් බලා ගනියි.දැන් පුතා එන්න.මේ ළමයිට කතා කරන්න.

රෂ් නෙතුලි ලගින් මොහොතකට වෙන් වෙලා ඉදිරියට ගියා.මුලු ආයතනෙම ලමයි බිම බලා ගත්තේ රෂ්ගේ දෑස් දෙස කෙලින් බලන්න බැරී කමට.

ළමයි කෝ ඔලු උස්සන්න.මගේ හිතේ ඔයාලා ගැන චූටි තරහක්වත් නෑ.අපි හෙට ඉදලා අලුතින් වැඩ පටන් ගමු.තේරුනාද?ඔයාලා නිසයි මේ ආයතනය පවතින්නේ.මනුස්සකම විතරක් හදවත් වල තියා ගන්න.උදව්වක් කාට හරි ඕන වෙද්දි පුලුවන් විදිහට කරන්න.වරදින එකක් නෑ.බුදු සරනයි හැමෝටම

හැමෝටම හිනාවකින් සංග්‍රහා කරපු රෂ් ආපහු නෙතුලි ලගට ආවා.

ඔවුන් දෙදෙනා දෙස හැමෝම බැලුවේ සතුටින්.

රෂ් නෙතුලි සමග මීටින් තියෙන කාමරයට ගියා.නෙතුලි රෂ්ගේ පපුවට බර වුනා.

ඇයි රෂ් මේ තරම් දෙයක් මට දුන්නේ.මට හිතා ගන්න බෑ.

හැමදේම ඔයාගේ හොද හිතට ලැබුනු දේවල් මගේ මැනික.ජීවිත කාලෙම මෙහෙමම ඉන්න.ආදරෙයි ගොඩක් මං

රෂ් කිව්වේ නෙතුලිගේ හිස ආදරෙන් පිරි මදිමින්.

රූම් එකේ දොර ඇරගෙන ජයකොඩි මහතා ආවේ ඒ වෙලාවේ.නෙතුලි ලැජ්ජාවෙන් රෂ්ගෙන් ඈත් වුනා.

දුව ඔයා දැන් මගෙත් දුව.මගේ පුතා පොඩි කාලේ ඉදලා අම්මා නැතුව හැදුනේ.එයාට අම්මගේ ආදරේ ලැබුනෙම නෑ.ඔයාට පුලුවන් එයාට අම්මා වෙන්න.දෙන්නම සතුටින් ඉන්න.මේ දේවල් රැක ගන්න

නෙතුලි ජයකොඩි මහතගේ දෙපා අල්ලලා වැන්දා.ඔහු දෑතින්ම ඇයව ඉස්සුවා.

;බුදු සරනයි දුව .

ඔහු කිව්වේ පුතාත් දුවවත් දෙදෙනාම පපුවට තුරුලු කර ගනිමින්.

 

නෙතුලි ෆැෂන්