මුල්ම කාලෙ අපිට කෙනෙක්ව කොච්චර හොදයිද කියල හිතිල, එයාගෙ විදිහට ගතිගුන වලට කැමති හිතිල බදිනව, යාලුවෙනව නේද? ටික දවසක් ගියාම එහෙනම් ප්‍රශ්න එන්නෙ, එපා වෙන්නෙ නැත්නම් සමහරු වෙන් වෙන්නෙ මොකද කියල කියන්නයි මේ යන්නෙ.
දෙන්නෙක් ටික කාලයක් එකට ඉන්නකොට ඒ ඒ කෙනාගෙ ගතිගුන normalaize ඒ කියන්නෙ සාමාන්‍යයකරනය වෙනව. අනෙක්කෙනාගෙ හොද ඔක්කොම එදිනෙදා දේවල් වෙනව, නොපෙනි යනව. ඊට පස්සෙ අනෙක් කෙනාගෙ නැති දේවල් ටික ටික පේන්න පටන් ගන්නව. හිතන්න ඔයාගෙ partnerගෙ 90% හොද ගතිගුන ( උදාහරණක් විදිහට 90% ගත්තෙ, හොද නරක එක එක්කෙනාගෙ තියෙන්නෙ එක එක ප්‍රතිශත වලින්) තියෙනව කියල, නැති 10% ටික ටික කැපිල පේන්න ගන්නව. ඒ නැති 10% තියෙන අය දැක්කම කැමත්තක් හිතෙනව, ඕන වෙනව ඒක තමයි මනුශ්‍ය ස්වභාවය.
සමහරු ඕක හිත හිත ජීවිත කාලෙම දුක් වෙවී ඉන්නව, සමහරු ඉන්න කෙනා අතෑරල හරි, නීත්‍යානුකූලව වෙන්වෙලා හරි අර 10% තියෙන කෙනෙක් හොයන් යනව. ඒත් ටික දවස්ක් යනකන් තේරෙනෙ නෑ මේ තියෙන්නෙ අර 10% කියල. ගියාට පස්සෙ මුලින් හොදට ඉන්නව, ටික දවසක් යනකොට ආයෙ ටික ටික තේරෙනව මේව තිබ්බට අර 90% නෑනෙ කියල. කලින් තිබ්බ 90% මතක් වෙනව. එතකොට ඉතින් වෙන්න ඕන දේවල් වෙලා ඉවර නිසයි, ලැජ්ජාව නිසයි ගොඩක් අය ඉවසගෙන එහෙම්ම ඉන්නව නැත්නම් හොදින් ඉන්නව වගේ රගපානව, නැත්නම් ආයෙ එනව ඔන්න ඕක තමා බොහෝවිට වෙන්නෙ.
හැමකෙනා ගැනම,හැම සම්බන්ධතාවය ගැනම නෙමෙයි මේ කියන්නෙ. අනිවාර්යයෙන් වෙන් වෙන එක ඇගට ගුන ඒවත් තියෙනව. ඉතාම නොගැලපෙන අනිවාර්යයෙන් වෙන් වෙනඑක අත්‍යවශ්‍ය සම්බන්දතාත් තියෙනවා. මේ කියන්නෙ ඒව ගැන නෙමෙයි. මේ කියන්නෙ මම අර කලින් කිව්ව විදිහෙ ඒව ගැන,
ඔබ හොයන්නෙ 90% තියෙද්දි අර 10% ද නැත්නම්, ඇත්තටම ලොකු ප්‍රතිශතයක් තමන්ට ලැබෙන්නෙ නැද්ද කියල එහෙම වෙන් වෙන්න කලින් හොදට හිතල බලන්න, තියෙද්දිත් ඒ බව අමතක වෙලා දුක් වෙවී ඉන්න කෙනෙක් නම්, තියෙන ටික ගැන හිතල සතුටෙන් ඉන්න පුළුවන් ද කියල උත්සාහයක් දීල බලන්න අද ඉදන්. මොකද අපි ජිවත්වෙන ටික කාලෙ සතුටෙන් ඉන්න එකයි වැදගත්ම දේ. මේක කිව්වෙ දැන්ගත්තම අවබෝධයෙන් ජීවත් වෙන්න ලේසි නිසයි.
ගැහැනු පිරිමි භාවය අනුව මේක තව ටිකක් වෙනස් වෙනව. ඒක පස්සෙ post එකකින් කියන්නම්.
✍️ අනු