ලිප්ටස් සීට් බලල පහලට එනකොට පොඩි එව්න් දෙන්නෙක් අපේ බයික් එක පස්සෙන් දුවගෙන ආවා. උන් දෙන්නාට දුවන්න පුලුවන් උපරිම වේගෙන් ආවේ "අනේ මහත්තයා. අනේ මහත්තයා "කියාගෙන. අපි නැවැත්තුවා. මුලින්ම මම දැක්කේ කොල්ලගේ ඇස් දෙකෙන් කන්දුලු ගලනවා විතරයි. මේ දරුවා කිව්වේ අනේ මහත්තයා මේක අරගෙන කන්න මොනවහරි දෙන්න කියලා ලීස් ගස් දෙකක් පෙන්නුවා.
මේ ලොකු ලමයා. මෙයාගේ මල්ලිගේ ෆොටෝ එකක් නෑ. අපි දෙන්නට ඇඩුනා. අපිට දෙන්න කියලා කිසිම දෙයක් නෑ. බිස්කට් පැකට් භාගයක් විතරයි තිබුනේ. ඒක දීලා රුපියල් 500 ගානේ දෙන්නය දුන්නා. සල්ලි එපා මහත්තයා කිව්වා. ඒක හරි. ඒ ගම තියෙන්නේ හපුතලේ ඉදලා කිලෝමීටර් 20ක් විතර තේ වතු යායක් මැද. කිසිම කඩයක් නෑ.. මේ දරුවාට සිංහල වැඩිය බෑ. අම්මා නෑලු. තාත්තාත් නෑලු. අච්චිට ලෙඩලු. එයාලාට බත් කන්න නෑලු. කෑම ලොරිය දැන් එන්නේ නෑලු. අපි දෙන්නට කරකියාගන්න දෙයක් නැතුව එතනම ඉදගෙන කල්පන කරේ මේ දරුවෝ දන්නේ එයාලට බඩු ගේන ලොරිය එන්නේ නෑ කියල විතරයි. තව මාසයක් යන්න කලින් මේ දරුවෝ හාමතේ මැරෙයි. අඩුම තරමේ මුං මැරෙන හේතුවවත් නොදැන මැරෙන්න තරම් මුන් මොකක්ද කරපු වරද. කාලකන්නි සක්ක්ලි පාලකයෝ මේ දරුවන්ට කන්න තිහන බත් පිගාන ඉදුරගෙන කන්නේ. මම අහන්නේ උන්ට බත් ගිලෙනවද යකෝ මේ කිරිසප්පයෝ හාමතේ මැරෙද්දින්. මේ පොඩි එව්න්ගේ දුක කදිල මුන් කොරා කෑවේ. අනේ දැන්වත් මේ රට අතෑරලා පලයල්ලා. අපි මේ දරුවොත් බේරගෙන මේ රට හදාගන්නම්. උබලට තවත් මේ රටේ සාරේ උරා බොන්න ඕනේනම් අඩුම තරමේ මේ වගේ හාමතේ ඉන්න එව්න්ට බඩු බෙදන වාහනවලටවත් තෙල් ටිකක් දීපල්ලා. මිනිස්සුන්ගේ ජීවිතයි මේ වෙලාවේ අත්‍යවශ්‍ය සේවා. අඩුම තරමේ මේ දරුවන්ගේ ජීවිතවත් බේරගන්න.උබලගේ දරුවෝ වගේම මෙව්නුත් මේ මහපොලොවේ පැල උන දරුවෝ. උබලා කොච්ච හොරා කෑවත් උබලත් බත් පිගානකට වඩා කන්නේ නෑනේ. ඇත්තටම උබලට සංසාරෙටම මේ දරුවන්ගේ බඩගින්නේ සාපේ වදිනවා ?