Saturday, October 19, 2024
Follow Us
ලස්සන ස්විඩිෂ් කෙල්ලෙක් නිවාඩුවකට තායිලන්තෙට එනවා

ලස්සන ස්විඩිෂ් කෙල්ලෙක් නිවාඩුවකට තායිලන්තෙට එනවා. නම ජනට්.


එහෙදි කෙල්ල​ට ධීවර කොල්ලෙක් සෙට් වෙනවා. මේකා වැද්දෙක් වගේ. (කොහොමත් එහෙම කතා සෑහෙන්​න තියෙනවනේ)
සත්තුන්ගෙ දත් අතරෙ වගේ මේකගෙ දත් අතරෙත් ගල් කැට හිරවෙලා තියෙනවා. ඒ​ක දැකපු කෙල්​ල කොල්ලගෙ මුහුණ තමන්ගෙ උකුල උ​ඩ තියාගෙන ඒ ගල් කැට සුද්ද කරනවා.
මේව මාරම කතා. අන්න ඒ මො​හොතෙදි දෙන්නගෙ ඇස් යාවෙනවා. කෙල්ල මේ ​කොල්ලට ආදරේ කරන්න පටන් ගන්නවා.
කොල්ල කෙල්ලගෙ උදව්වෙන් පර​ණ බෝට්ටුවක් අරං ටුවරිස්ම් කරන්න පටන් ගන්නවා. ඒ බෝට්ටුවෙ ටුවර් යද්දි තිස්සෙම ඇතුලට වතුර පිරෙනවා. කෙල්ල කෑන් එකක් අරං පිස්සියක් වගේ වතුර ඉහිනවා. ඒක මාරම ලයිෆ් එකක්.
කලුවමෝදරදි බෙන්තරදි මං මේ වගේ කතන්දර දැකලා තියෙනවා සෑහෙන්න.
කොහොම හරි මාස ගාණක් මේ දෙන්න ආදරෙන් ඉන්නවා. කොල්ලගෙ නම සුලී. මේ අතරෙදි කෙල්ල අම්ම කෙනෙක් වෙන්න යනවා. ඒක අහලා කෙල්​ලගෙ අම්මා කෙල්ලට එන්න කියනවා. කොල්ලටත් කතා කරනවා ස්වීඩන් යන්​න. මොනා හරි හේතුවක​ට කොල්ල බැහැ කියනවා. දෙන්නට වෙන් වෙන්​න වෙනවා.
ඒත් ආයෙමත් එනවා කියලා කෙල්ල බලාපොරොත්තුවක් දෙනවා. ඒක ඇඟිලි දෙකක සයින් ලැන්වේජ් එකෙන් හරි ලස්සනට ජැනට් එක්ස්ප්ලේන් කරනවා. ඒ සයින් එක සුලී දකින්නෙ වෙනින් විදිහකට.
කෙල්ල ස්විඩ්න් ගිහින් සති දෙකක් අඬනවා. දරු ගැබ අයින් කරගන්නවා. ඒ ගැන එයා කියන්නේ ඒ තීරණේ හරි කියලා. ඉන්පස්සෙ කාලය ගතවෙනවා. එයා තමන්ගෙ ස්ටඩීස් ක්ම්ප්ලීට් කරගන්නවා. එහෙදි හමුවන වෙන මනුස්සයෙක්ව බඳිනවා. දරුවො දෙන්නෙකුත් ලැබෙනවා.
ලොකු දුවට අවුරුදු 21 වෙද්දි ඒ විවාහය අවසන් වෙනවා. ඒ බ්රේක්අප් එකෙන් පාලුවේ ඉන්​න ​ජැනට් දවසක් තමන්​ගෙ දුවත් එක්ක මේ ආද​ර කතාව කියනවා.
දුව නිවාඩුවකට තායිලන්තෙ යනවා. ​ඒ ගිහින් මෙයාලව හොයද්දි ඒ පවුලෙ අයව හම්බුනාට සුලීව දකින්නෙ නෑ.
ඒ වෙද්දි සුලී ඉතාලි කෙල්ලක් සෙට් වෙලා එයත් එක්ක ඉතාලියෙ පදිංචියට ගිහිල්ලා.
හැබැයි ඒ විවාහයත් අවසන් වෙලා සුලී ආයෙමත් තායිලන්තෙට එනවා.
සුලීව හොයාගෙන තායිලන්ඩ් එන ජැනට් ​එයාපෝට් එකේ බෑග් පැක් කරන්න බිම බ​ලන් ඉන්දැද්දි තමන්ගෙ ලඟ නතර උන පතුල් දෙක සුලීගෙ බව අඳුන ගන්නවා.
​ඝරසරප මූවි එකේ වගේ අවුරුදු විසි ගානකට පස්සෙ ​මේ දෙන්නා ආයෙමත් හමු වෙනවා. ඒ වෙලා​වේ විද්‍්‍යා සඳරැස්ගෙන් සමු අරන් ගියාට ජැනට් සුලීගෙන් සමුගන්නෙ නෑ.
දැන් දෙන්නම වයසයි. සුලී ජැනට් එක්ක ස්වීඩන් වලට යනවා. එ​හේ ඉස්කෝලෙකට ගිහින් ස්විඩිෂ් භාෂාවත් ඉගෙන ගන්නවා.
උත්තර ධ්රැවය ආසන්නයේ උත්තරාලෝකය පෙනෙන ඉ​මේ තියෙන මයිනස් තිහක හීත​ල, සුලීට ඔරොත්තු දෙන්නෙ​ නෑ. එයා ඉන්නෙ අපහසුවෙන් බව දුව දකිනවා. දුව අම්මට කියනවා ඔයාට එහෙ ඉන්න පුලුවන් උනා​ට සුලීට මෙහෙ ​ඉන්න අමාරුයි. මෙහෙම හිටියොත් මෙයා මැරිලා යයි කියලා.
ජැනට් එයා​ගෙ සුව පහසු ජීවිතය අතහැරලා ​සුලී එක්ක තායිලන්තෙට එනවා.
"ඇවිත් සුලී එක්ක එකතු වෙලා අලුත් තාලේ බෝට්ටුවක් හදනවා රෑ​ට ඩෙක් එ​කේ නිදාගෙ​න තරු අහ​සේ උත්තරාලෝක​ය බලන්​න පුලුවන් විදිහේ."
මෙන්න මේ අන්තිම වාක්‍යයට තේරුම් ගොඩක් දෙන්න පුලුවන්.
ඒ තමයි එයාලගෙ කතාව.
ස්වීඩන් වල ටීවී චැනල් එකකට මේ දෙන්නව ගෙනත් ඉන්ටවීවී කරනවා. ඒ අතරෙම මේ අපූරු කතාවෙන් විනාඩි 22ක ඩොකියුමෙන්ට්රියකුත් හදල තියෙනවා. බලනවනම් ලින්ක් එක ඇති පහල.