Saturday, October 19, 2024
Follow Us
ගෑනු අතෑරලා දාන්නෙ සදහටමයි

ගැහැණිය ❤️


උන් හැමදාම හෙවුවෙ ඇදක් උඩ වීරයෙක් වෙන එකෙක් නෙවෙයි බං...
තමන්ගෙ එකීට දුකක් වේදනාවක් දැනුනම
ඒකිගෙ ඔලුව ඉඹලා තමන්ගෙ පපුවට අ⁣රන් ඒකිව ආදරෙන් සනසන පිරිමියෙක්ව..
උන් හැමදාම හෙවුවෙ වටේම ඉන්න එකියන්ගෙ දුක නිවන දුක්ගන්නාරාල කෙනෙක් නෙවෙයි බං....
තමන්ගෙ එකී ලග විතරක් හුරතල් වෙන
අනිත් එකීලා ලග ඇඹලයෙක් නොවී
ආඩම්බරේට ඉන්න යකෙක්ව....
උන් හැමදාම හෙවුවෙ ඒකි දුක කියද්දි මේක මල ඇඩියාවක්නෙ කියලා පැත්තකට කරන එකෙක්ව නෙවෙයි බං....
ඒකිට හැමදේම කියලා දීලා ඒකිගෙ හිත හදන එකෙක්ව..
උන් හැමදාම හෙවුවෙ ඒකිගෙ දුක ලගදී ඒකිව තනිකරලා දාලා
ඒකිම ඒකිගෙ හිත හදාගත්තට පස්සෙ ලගට එන එකෙක්ව නෙවෙයි බං....
ඒකිගෙ දුක ලගදි කාටත් කලින් ඒකිගෙ හිත හදලා ඒකිට තනි රකින එකෙක්ව....
උන් හැමදාම හෙවුවෙ හංගගෙන ආදරේ කරන එකෙක්ව නෙවෙයි බං.......
මුලු ලෝකයක් ඉස්සරහා උනත් මේ ඉන්නෙ මගේ එකී කියලා බය නැතිව කියන්න පුලුවන් එකෙක්ව....
උන් හැමදාම හෙවුවෙ ඒකිට ප්රශ්නයක් ආපු වෙලාවට මගෑරල යන එකෙක්ව නෙවෙයි බං....
ඒකි එක්ක ඒ හැමදේටම උත්තර හොයන්න උදවු කරන එකෙක්ව....
උන් හැමදාම හෙවුවෙ හිත ගිනි තියන එකෙක්ව නෙවෙයි බං...
තමන්ගෙ ආදරෙන් ඒකිගෙ හිතම නිවන්න පුලුවන් එකෙක්ව....
උන් හැමදාම හෙවුවෙ කාලයත් එක්ක පරන වෙන ආදරයක් නෙවෙයි බං....
කාලයත් එක්ක ආදරය අලුත් වෙවී ⁣අලුත් වෙවී මැරෙනකන්ම ඒ ආදරේ වෙනසක් නොකර දෙන එකෙක්ව...
උන් හැමදාම හෙවුවෙ තමන්ගෙ එක එක ස්වරෑප ඉස්සරහා තමන්ව දාල යන එකෙක්ව නෙවෙයි බං...
පාර්වතීගෙ සියුමැලි ස්වරෑපයත්
ඇයගේම නපුරැ කාලි ස්වරෑපයත් දරාගෙන වෙනස් නොවී ලගින් හිටපු ශිව වගේ පිරිමියෙක්ව....
උන් හැමදාම හෙවුවෙ නීති දාල හිර කරන් නිදහස සීමා කරන එකෙක්ව නෙවෙයි බං..
තමන්ගෙ එකීට ගැලපෙන නොගැලපෙන දේ තෝරලා බේරලා දීලා ඒකිට ඒකිගෙ නිදහස විදින්න දෙන එකෙක්ව....
උන් හැමදාම හෙවුවෙ තාවකාලික ආදරයක් නෙවෙයි බං....
සදාකාලික පුජනීය අවංක ආදරයක්...
මැරෙනකන්ම තනි නොකරන ආදරයක්...
ඒ හැමදේම එක්ක උන් හෙවුවෙ අනන්තෙන් ආව තරැ කුමාරයො නෙවේ බං.
මේ ගෙන්දගම් පොලවේ පය ගහලා ජීවත් වෙන කොන්ද පන ඇති පිරිමියෙක්ව...
පුලුවන් නම් උඹත් වෙයන් එහෙම එකෙක්.
ඒකි ආදරේ දෙයි බං....
ආත්ම ගානකට ඇති වෙන්න උඹට...
නැත්තම් එහෙම එකෙක් වෙන්න උත්සාහ කරපන්...
එහෙම නැති උනොත් උඹට ඒකි සදහටම නැති වෙලා යයි....
මොකද_ගෑනු_ඉවසලා_ඉවසලා_
දවසක_අතෑරලා_දාන්නෙ__සදහටමයි_
- සමනළි - ✍️