Saturday, October 19, 2024
Follow Us
වෛයිර කරනවාද

තවමත් ඔබ තවකෙකුට වෛයිර කරනවාද නැතිනමි ඊර්ෂ්‍යා කරනවාද එහෙමත් නැතිනමි නින්දා අපහාස කරනවාද..මොහොතක් සිතන්න මෙි ජිවිතය කොහොම කොයි මොහොතේ නැති වෙිවද නොදන්න අපි ඇයි එහෙම කරන්නේ.. ?සිතන්න මොහොතක් අප්‍රිය කරන්නට හෝ "මොකට මේ ජරාව දානවද?"යි අසන්නට නොව.


මේ ඔබ දකින්නේ කිසිවෙක් නොදැන, නිදි සයනයේම අසරණව අවසන් හුස්ම හෙලූ මිනිසුන් හා ගැහැණුන් කීපදෙනෙකුගේ සිරුරු මරණයෙන් මාස ගණනකට පසු සොයාගත් අවස්ථාවේ ඒ සිරුරුවල මස් දියවී ඇඳ ඇතිරිලිවලට ඇලී නොඑසේනම් පොලොවට ඇලී, පැල්ලම් ලෙසින් අවසානයේ දිස්වුනු ආකාරයයි. (Decomposed bodies)
තමා හැර යන පන යලි තමා සතුකරගන්නට මරුවා සමඟ පොර බැදි සමහරෙක් ගේ එම ඉරියව් මෙහි ඔබට දකින්නට හැකිය. තවෙකෙකුගේ හුස්මට පෙම් බඳින අපට අපගේ එකම හුස්මේ වටිනාකම දැනෙන්නේ මරණය ඉහපත්තේ හිඳ අප දෙස බල හිඳිද්දීය.
හුදෙකලාව, මුලු මහත් ලෝකයටම හොරෙන් දෑස් පියාගත් මේ ජීවිත අපට කියාපාන්නේ සියළු දෙයෙහි ඇති අනිත්‍ය හැර අන් කවරක්ද. අඹුදරුවන්, නෑදැ හිතමිතුරන්, දැසි දස්සන් පිරිවරාගෙන කමින් බොමින් නටමින් ගයමින් ගතකල ඒ ජීවිතවල නිමාව හුදෙකලා මරණයම මිස අන් කවරක්ද?
යථාර්ථය තේරුම් ගෙන මනුෂ්‍යත්වයෙන් ජිවත් වේමු
උපුටා ගැනිමකි.
සබ්බ දානං ධම්ම දානං ජිනාති